• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නගින්න-බලන්න-හිතන්න-මේක තමයි නෙලුම් කුලුන…

September 26, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
නගින්න-බලන්න-හිතන්න-මේක තමයි නෙලුම් කුලුන…
Share on WhatsAppShare on Facebook

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුලුන ලෙස සැලකෙන ‘නෙලුම් කුලුන’ පසුගිය 15 වැනිදා සිට ජනතාවට විවෘත වෙයි. නෙලුුම් කුලුන සඳහා ඇතුළු වීමට දේශීය නරඹන්නන් රුපියල් 2000ක හෝ රුපියල් 500ක ප්‍රවේශ පත්‍රයක් මිලදීගත යුතුය. රුපියල් 2000ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්නා පුද්ගලයන්ට තනිව කුලුන නැරඹීමේ අවස්ථාව හිමි වෙයි. රුපියල් 500ක් වටිනා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්නා පුද්ගලයන්ට කණ්ඩායම් වශයෙන් කුලුන නැරඹීමට අවස්ථාව හිමිවනු ඇත. විදේශිකයන්ගෙන් මේ සඳහා ඩොලර් 20ක මුදලක් අය කෙරෙයි. පාසල් ළමුන් සඳහා රුපියල් 200කට නෙලුම් කුලුන නැරඹීමේ අවස්ථාව හිමි වන අතර ඒ සඳහා විදුහල්පතිවරයා මගින් පෙර දැනුම් දීමක් කළ යුතු බවට කොළඹ නෙලුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ පැවසීය. අන්තර්ජාලය මගින් ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීමේ අවස්ථාවද ඇත. සතියේ දිනවල පස්වරු 2 සිට රාත්‍රී 10 දක්වාත්, සති අන්තයේ දවල් 12 සිට රාත්‍රී 11 දක්වාත් කාලය තුළ නෙලුම් කුලුන නරඹන්නන් සඳහා විවෘතය.

වසර 50ක කාලයක් සඳහා මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුවූ කොළඹ නෙලුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමට මේ කුලුන බදු දී ඇත. මීටර් 300ක් පමණ උසින් යුත් නෙලුම් කුලුන මගින් වාණිජමය වශයෙන් ප්‍රතිලාභ ගැනීමේ අරමුණෙන් ආයෝජන සඳහා විවෘත කිරීමට ද කොළඹ නෙලුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පියවර ගෙන තිබේ.

පහසුකම්

මෙහි පාදම මහල් හතරකින් යුක්තය. මුළුතැන්ගෙය, වායුසමීකරණ පද්ධතිය හා විදුලි මෙහෙයුම් පද්ධතිය පතුල් මහලේ පිහිටා ඇත. බිම් මහල අමුත්තන්ගේ පිවිසුම් මහලය. සාප්පු සංකීර්ණ සඳහා කුලුනේ පළමු හා දෙවැනි මහල් වෙන්කර ඇත. විවෘත සංදර්ශන හා රැස්වීම් සඳහා තෙවැනි මහල වෙන්වී තිබේ. හතරවැනි මහල උත්සව ශාලාවන්ගෙන් සමන්විතය. ආසන 600කින් යුත් කැරකෙන ආපනශාලාව පිහිටා ඇත්තේ පස්වැනි තට්ටුවේය.
රාජ්‍ය අමුත්තන් සඳහා වෙන් වූ කාමර අටකින් යුත් හයවැනි මහලත්, නැරඹුම් කුටියකින් යුත් හත්වැනි මහලත් වායුසමීකරණය කරන ලද ප්ලාන්ට් රූම් සහ විදුලි සෝපාන ප්ලාන්ට් රූම් අඩංගු අටවැනි මහලත් අඩංගු නෙලුම් කුලුනේ මූලික ආදායම් මාර්ගය වන්නේ සංචාරක ව්‍යාපාරය සහ ගුවන්විදුලි, රූපවාහිනී හා දුරකතන සම්ප්‍රේෂණ ඇන්ටනා බදු දීම හරහාය.

මෙම කුලුනට ගුවන්විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ ඇන්ටනාවක් ලෙස ක්‍රියාත්මක වීමට හැකියාව පවතින බැවින් රූපවාහිනී සේවා 50කටත් දුරකතන සන්නිවේදන සේවා ආයතන 20කටත් පහසුකම් සැපයීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.

2012 වසරේ වැඩ ආරම්භ කෙරුණු මෙම කුලුනේ වැඩ අවසන් කිරීමට වසර 07කට ආසන්න කාලයක් ගත විය. තත්පරයට මීටර් 07ක වේගයෙන් දිවෙන මෙහි විදුලි සෝපානයෙන් තත්ත්පර 35කදී කුලුනේ මුදුනත නැරඹුම් වේදිකාව ඇති 29 වැනි මහල වෙත ගමන් කළ හැකිය. මෙම කුලුනු ගොඩනැගිල්ල අධි තාක්ෂණික ගොඩනැගිල්ලක් වන අතර එය වේගවත් විදුලි සෝපාන තුනකින් සමන්විතය. ඉන් සෝපාන දෙකකින් එකවර 80 දෙනකු කුලුන මුදුනට රැගෙන යාමේ හැකියාව ඇත. එකවර දහසක පමණ පිරිසකට කුලුනේ ඉහළම මහලේ රැඳී සිටීමට පහසුකම් ඇත.

නිරීක්ෂණ වේදිකාව දක්වා නෙලුම් කුලුනේ උස මීටර් 245කි. නැතිනම් අඩි 803කි. මුහුදු මට්ටමේ සිට ගතහොත් තවත් මීටර් 6ක් එකතු විය යුතුයි. එනම් මීටර් 251 කි. නැරඹුම් වේදිකාවෙන් එක් මහලක් පහළට ගිය පසු හමුවන්නේ කාමර 08කින් යුත් හෝටලයි.

පස්වැනි මහලේ පිහිටි හෝටලය විනාඩි 90කදී අංශක 360ක්, එනම් සම්පූර්ණ වටයක් පැයකට එකවරක් බැගින් කැරකීම මෙහි ඇති විශේෂත්වයයි. එය දක්ෂිණාවෘතව කැරකෙයි. ඊට අමතරව නෙලුම් පොහොට්ටුවේ යට තට්ටු දෙකේ ප්‍රියසම්භාෂණ උත්සවශාලා දෙකක් පිහිටා ඇත.

විවෘත කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේනයි

නෙලුම් කුලුන 2019 වසරේ සැප්තැම්බර් 16 වැනිදා එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් විවෘත කෙරිණි. එහෙත් මෙතෙක් කුලුන ජනතාවට විවෘත නොවීය. කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ බේරේ වැව ආසන්නයේ වර්ග මීටර් 30,600ක භූමියක ඉදිකර තිබෙන නෙලුම් කුලුන පිළිබඳ යෝජනාව ගෙන ආවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදීය. කුලුනේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊට මුල්ගල් තැබුවේ 2012 ජනවාරි 20 වැනිදාය. මීටර 350ක් උසැති මීටර් 30,600ක වපසරියකින් යුත් කුලුනක් වන මෙය නෙලුම් පොහොට්ටුවක හැඩ ඇති නිසා ‘නෙලුම් කුලුන’ ලෙස නම් කෙරිණි.

ආන්දෝලනය

‘නෙලුම් කුලුන’ ඉදිකිරීම සඳහා තෝරාගත් කොන්ත්‍රාත් සමාගම් දෙක චීන සමාගම් වූ අතර මෙය ඉදිකිරීම සඳහා චීන ‘එක්සිම්’ බැංකුව ණය මුදලක් ලබාදීමට කටයුතු කර තිබිණි. චීනය ක්‍රියාත්මක කරමින් සිටින එක් තීරයක් හා එක් මාවතක් (BRI) Belt and Road Initiative) නම් වැඩපිළිවෙළ යටතේ ඒ සඳහා වන ගිවිසුම්වලට අත්සන් තැබිණි.

චීනයේ එක්සිම් බැංකුව ව්‍යාපෘතියට යන මුදලින් 80%ක් ද, ඉතිරි මුදල විදුලි සංදේශ නියාමන කොමිසම ද යෙදවීමට එහිදී තීරණය වී තිබිණි. එම සැලසුමට අනුව තීරණය කෙරුණේ නෙලුම් කුලුන මගින් ලබාගන්නා ආදායමෙන් වසර 40කින් එම ණය මුදල ගෙවීමය. දින 912කින් එනම් 2015 වසරේ ඉදිකිරීම් අවසන් කිරීමේ අරමුණින් වැඩ ආරම්භ කළත් ඊට වසර 07ක් ගතවිය.

දකුණු ආසියාවේ උසම කුලුන වූ මෙම කුලුනේ ඉදිකිරීම් හා එහි මෙහෙයුම් සඳහා චීනය සම්බන්ධ වීමත් සමග ඉන්දියාව මෙම කුලුන සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර තිබිණි. විශේෂයෙන්ම ඉන්දීය මාධ්‍යවල මෙම කුලුන දකුණු ආසියාවේ ආවේක්ෂණ කටයුතු සඳහා භාවිත කිරීමට චීනය සූදානම් වන බවට ද වාර්තා පළකර තිබිණි. එහෙත් එම චෝදනා ඉදිකිරීම් සමාගම් විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබ තිබූ අතර එවැනි කිසිදු උපකරණ එහි නොමැති බව ඔවුහු අවධාරණය කළහ. මෙහි හිමිකාරීත්වය ඇත්තේ චීනයට නොව ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමට බව ද චීන සමාගම එම චෝදනාවට ලබාදුන් පිළිතුරුවල සඳහන් වේ.

මේ අතර 2019 සැප්තැම්බර් 16 වැනිදා කොළඹ නෙලුම් කුලුන විවෘත කිරීමේ උත්සවයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවකු වූ චීනයේ ‘ඒලිට්’ නමැති සමාගමක් ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමෙන් දුන් රුපියල් බිලියන දෙකක (ඒ කාලයේ හැටියට ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක) අත්තිකාරම් මුදල රැගෙන අතුරුදන් වූ බවයි.

මේ චෝදනාව රොයිටර් පුවත් සේවය ඇතුළු විදේශීය ප්‍රවෘත්ති සේවා මගින් සැණෙකින් මුළු ලෝකය පුරාම ප්‍රචාරය කිරීම හේතුවෙන් එය ආසියානු රටවල් ගණනාවක මාධ්‍යවල ප්‍රධාන පුවතක් බවට ද පත්විය. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ 2019 අප්‍රෙල් මාසයේදී මෙම කුලුන සම්බන්ධයෙන් පළවූ පිටු 670ක විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාවේ ද රුපියල් බිලියන දෙකක් රැගෙන අතුරුදන් වූ චීන කොන්ත්‍රාත්කරුවකු පිළිබඳ කිසිදු සඳහනක් නැති බවයි.

ණය ගෙවන්නේ කොහොමද?

2019 වසරේදී විවෘත කළ නෙලුම් කුලුන මේ දක්වා මහජනතාව සඳහා විවෘත නොවීම හේතුවෙන් මෙය චීන ණය උගුලට හසුවූ තවත් සුදු අලියකු බවට විපක්ෂයෙන් චෝදනා එල්ල විය. ඇතැම් විපක්ෂ දේශපාලනඥයන් මෙය ‘ණය කුලුන’ ලෙසද හඳුන්වා දී තිබුණි.

නෙලුම් කුලුන ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 113කි. එය ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 40,680කි. චීන එක්සිම් බැංකුවෙන් ලබාදී ඇති ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 67.25කි. ණය සඳහා ගෙවිය යුතු පොලී ප්‍රතිශතය ආසන්න වශයෙන් 7.75%කි.

2023 වසරේදී මෙහි අපේක්ෂිත ආදායම රුපියල් මිලියන 680කි. 2024දී රුපියල් මිලියන 1000ක ආදායමක් මින් අපේක්ෂිතය. 2024 වසරේ සිට රුපියල් මිලියන 200ක මෙහෙයුම් ලාභයක් ලැබීමට අපේක්ෂා කරන බවට කොළඹ නෙලුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පැවසීය. ඒ අනුව ගණන් බැලූ විට එහි මූලික පිරිවැය පියවා ගැනීමට වසර 203ක් පමණ කාලයක් ගතවනු ඇති බවට ආර්ථික විශේෂඥයන් පවසයි.

කොළඹ නෙලුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පැවසුවේ අදාළ ණය මුදල පියවීම ශ්‍රී ලංකා විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව මගින් සිදුකරනු ඇති බවත්, තම සමාගම එහි මෙහෙයුම් පමණක් භාරව කටයුතු කරන බවයි.

උද්ධමනය අධික ලෙස ඉහළ ගොස් ඇති අවස්ථාවක මෙන්ම රට ආර්ථික අර්බුදයකට මුහුණුදී ඇති මේ අවස්ථාවේදී නෙලුම් කුලුන මහජනතාවට විවෘත කිරීම තුළින් මේසා විශාල ආදායමක් උපයාගත හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. ඒ අනුව ව්‍යාපෘතිය සඳහා වැය වූ වියදම පියවා ගැනීම සඳහා තවත් කොපමණ වසර ගණනාවක් ගතවේද යන්න ද ප්‍රශ්නාර්ථයක් බව විචාරකයෝ පෙන්වා දෙති.

(බී.බී.සී. සංදේශය ඇසුරිණි)

SendShareShare
Previous Post

තමන්ගේ තානාපතිවරුන්ට ගහපු රටවල්වලට ඇමෙරිකාව කරපු දේ! ‍ලංකාවත් ඔළුවට ගත්තොත් හොඳයි!

Next Post

ගෝඨාගේ බිරියගෙන් මිලියනයක් කප්පම් ඉල්ලා බාබර් කෙනෙක් කෝල් 30ක් දීලා!

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.