එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව අයිතිවාසිකම් ප්‍රධානි “මිෂෙල් බැෂලේ’”චීනයේ වෙසෙන “උයිගර්”වර්ගයා සුළුතර ප්‍රජාවට කෙරෙන වධහිංසා පිළිබඳ අතිශයින් රහසිගත තොරතුරු වාර්තා රාශියක් ඡායාරූප සමගම අහඹු ලෙස සන්තකයට පත්ව තිබේ.
උයිගර් ප්‍රජාවට අධ්‍යාපනය දෙන මුවාවෙන් කෙරෙන වධහිංසා පිළිබඳව චීන පාලන අධිකාරියේ ඉහළ නිධාරීන් පවත්වා ඇති සාකච්ඡා ද ඒ තොරතුරු ගොන්නට අයත්ව ඇත.
සුළුතර ප්‍රජාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන සැලසුම් ද ඒවායේ අන්තර්ගතව ඇතැයි ඒ.එන්.අයි පුවත් සේවය කියයි.
මිෂෙල් බැෂලේ චීන ජනාධිපති සිංජිඈං පෙං සමග වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ සාකච්ඡාවක යෙදෙන අතරතුරේ මේ තොරතුරු ද ගලාගෙන අවුත් ඇතැයි පැවසේ.
ඉන් පසු පර්යේෂක “ඇඩ්රියන් සෙන්ස්” සිංජියෑ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ඒ ලිපි ගොනු ලබාගෙන ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංධානය ද ඇතුළුව සංවිධාන දාහතරකට(14)ඒ තොරතුරු සියල්ල දී තිබේ.
ඒ තොරතුරුවල අපකීර්තිමත් හමුදා කඳවුරුවලින් අතුරුදන් වූ බව කියන උයිගර් සහ වෙනත් සුළුතර ජාතීනට අයත් දහස් ගණනාවකගේ ඡායාරූපද තිබී ඇත.
චන්ද්‍රසේන මාරසිංහ





