• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

1818 කැරැල්ලේ රහස් දන්න නිහඬ සාක්ෂිකරුවා

December 8, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
1818 කැරැල්ලේ රහස් දන්න නිහඬ සාක්ෂිකරුවා
Share on WhatsAppShare on Facebook

ඉපැරැණි බිබිලේ හවරිනුගරුක කවදා, කිනම් වර්ෂයේ හටගත්තේ දැයි සඳහනක් නැත. මෙය වසර දහස් ගණනක් පැරැණි යැයි විශ්වාස කළ හැකිය. මෙම නුගරුක බිබිල. මඩකළපු මාර්ගයේ ඉළුකාපතන ප්‍රදේශයේ ප්‍රධාන බස් මාර්ගයේ පිහිටා ඇත. මෙම නුගරුකට “හවරි නුගේ” යනුවෙන් ගම්වාසීන් හඳුන්වන්නේ හවරියක් එනම් කොණ්ඩය මෙන් ගසේ අතුවල සිට බිමට වැල් ඇදී යෑම නිසාය.
අඩි 200කට වඩා විශාලත්වයෙන් යුත් වට ප්‍රමාණයක් ඇති මෙම නුගරුක උසට අඩි 100ක් පමණ විහිදී ගොස් ඇත. අක්කර කාලක පමණ බිම් කොටසක් මෙම නුගරුකට වැසී ගොස් තිබේ.
1818 වෙල්ලස්සේ කැරැල්ලට මෙම නුගරුක විශාල දායකත්වයක් දුන් බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. 1818 පැවැති වෙල්ලස්සේ කැරැල්ලට නායකත්වය දුන් අඹගොල්ලේ සුමංගල හිමියන් කැරැල්ලේ නායකයන් වන කොහුකුඹුරේ රටේ රාල, බුටාවේ රටේ රාල, මීගහපිටියේ රටේ රාල ආදීන් සමඟ කැරැල්ලට එක්වුණ බොහෝ සිංහලයන් මෙම නුගරුක යටට එක්වී කැරැල්ලේ ඉදිරි ගමන පිළිබඳ සාකච්ඡා කොට ඇත. කැරැල්ල සමයේ මෙහි සැඟවී සිට සතුරාට පහර දුන් හැටිත් සතුරාගෙන් මඟහැරිය අන්දමත් සඳහන් වෙයි.
මෙම නුගරුකට වසර දහසට වැඩි පැරැණි යැයි විශ්වාස කළ හැකිය. 1818 වෙල්ලස්ස කැරැල්ල වන විට මෙම ප්‍රදේශය ජනාවාස ප්‍රදේශයක්ව පැවැත දෙමළ ජන කොටසකට අයත් භූමියක්ව තිබී ඇත. ඊට නිදසුනක් ලෙසට අදත් මෙම නුගරුකට නුදුරුව පිහිටා ඇති කෝවිල හඳුන්වා දිය හැකිය. වෙල්ලස්සෙ කැරැල්ලෙන් පසුව දෙමළ වැසියන් මඩකළපු ප්‍රදේශයට පලාගොස් ඇත. එසේම මෙම නුගරුක පිළිබඳ කතා පුවත් ගණනාවක්ම අසන්නට ලැබෙයි. ඉන් බොහෝ දේ වෙල්ලස්ස කැරැල්ල සමයේ සිදුවුණු ඒවාය. 1818 ආරම්භ වුණු වෙල්ලස්සේ කැරැල්ල මර්දනය කිරීමට පැමිණි ඌවේ ආණ්ඩුකාර ඩග්ලස් විල්සන් උනගොල්ලේදී මීගහපිටියේ හිටිහාමුගෙන් මැරුම් කෑහ. විල්සන් සමඟ පැමිණි හේවායන්ගෙන් කොටසක් බදුල්ලට පලාගිය අතර, ඔවුන් සමඟ පලායෑමට බැරිවුණු හේවායන් තිදෙනකු මඩකළපුව දෙසට පලායද්දී මෙම නුගරුක අසල ළඳු කැලයේ සැඟවී සිටි කොහුකුඹුරේ මොහොට්ටාල ඇතුළු පිරිසට අසුව මැරුම් කා තිබේ. මෙම කැරැල්ල මැඩපැවැත්වීමට එදා ඩග්ලස් විල්සන් සමඟ ඉංග්‍රීසි හමුදාවේ හේවා භටයන් 500ක් පැමිණියත් විල්සන් මරා දැමීමත් සමඟ හේවායන් පනහකට පමණ පාර සොයාගන්නට නොහැකිව කැලෑවැදී ඇත. පසුව මෙම හේවායන් සොයමින් ගිය වෙල්ලස්ස කැරැල්ලේ නායකයන් අතින් ඒ පිරිස මැරුම් කා ඇත.
දකුණු පළාතේ පිහිටි දෙනිපිටියේ නුගරුකට වඩා පැරැණි ඉතිහාසයක් ඇති බිබිලේ හවරි නුගරුක වසර සිය ගණනක් ඈත ඉතිහාසකට ඇදී යයි. 1818 වෙල්ලස්සේ කැරැල්ල වන විටත් මෙය විශාල නුගරුකකි. අලි – ඇතුන් සිටියත් නොපෙනෙන තරම් විශාල මෙම නුගරුක වෙල්ලස්සේ කැරැල්ලේදී සිංහල ජාතිය වෙනුවෙන් සිදුකොට ඇත්තේ අති මහත් සේවාවකි. වෙල්ලස්සේ අරගලයට දායක වුණ මෙම ඓතිහාසික සම්පත ඇතැම් පිරිස් විසින් විනාශ මුඛයට පත්කිරීමේ මෙහෙයුමක යෙදී සිටිති. ඒ මෙම නුගරුක අසලට අපවිත්‍ර දෑ, කුණුරොඩු දමමින් පරිසර විනාශයකට මුලපුරමිනි. එබැවින් මෙම සම්පත රැකගැනීමට ඊට වගකිවයුත්තන් වහා පියවර ගතයුතු කාලය දැන් එළඹ ඇත.
වීගොඩ හේමපාල

SendShareShare
Previous Post

90 දශකයේ සුමියුරු හඬ

Next Post

ඉඩමක් ගන්න කලින් බලන්න ඕනිම දේවල්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.