• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

90 දශකයේ සුමියුරු හඬ

December 8, 2019
in Heart
Reading Time: 2 mins read
A A
90 දශකයේ සුමියුරු හඬ
Share on WhatsAppShare on Facebook

“සැමදා ඔබ ළඟ ඉන්නම්
මගේ කියා රැකගන්නම්
නිල්මිණි දෑසින්
මදෙස බලන විට
මගේ ආදරය පවසන්නම්
ඔබටම සෙනෙහේ
පුදන්නම්”

ජීවිත අත්දැකීම් ගීතයට නඟමින් සිය කටහඬින් ඔබ අමන්දානන්දයට පත්කළ ඒ සොඳුරු හඬ කුමාරසිරි පතිරණ අද යම් තරමකට නිහඬවෙලාද කියලා අපට හිතුණා. ගායනා ශිල්පීන් අතර ඉහළින්ම කියැවුණු ඔහුගේ නිහැඬියාවට වඩා හේතුව කුමක්දැයි කියා හේතු දැනගන්නට අප ඔහුට ‘හාට්’ වෙත සම්බන්ධ කරගත්තෙ මේ විදිහට.
කුමාරසිරි පතිරණගේ සොඳුරු හඬ දැන් නිහඬ වෙලා නේද?
මම නිහඬව වැඩ කරගෙන යනවා. පසුගිය කාලේ ප්‍රසංග තිබුණේ නැහැ. මේ මාසෙ නම් ප්‍රසංගවලින් ආරාධනා ගලාගෙන එනවා. සද්ද බද්ද නැතුව වැඩ කටයුතු කරගෙන හොඳින් ඉන්නව. ගොඩක් ස්තූතියි ‘මව්රට’ පත්තරේට මාව මතක් වීම ගැන.
ඇයි ඔබ එහෙම අදහස් කළේ?
මෙහෙමයි. අපේ හඬවල් දැන් ගොඩදෙනෙක්ට මතක නැහැ. කිසිම මාධ්‍යයකින් අපේ හඬට ඉඩක් නැහැ. අලුත් පරපුරට විතරයි හැම තැනින්ම ඉඩක් තියෙන්නේ. ඒක වරදක් නැහැ. මතු පරපුර අපිට අවශ්‍යයි. අපේ කලාව ඔවුන් රැකගෙන යායුතුයි.
හදවතට කතා කරන සොඳුරු හඬට වටිනාකමක් දෙන්නේ දුප්පත් මිනිසුන් නේද?
ඒ කතාව මමත් පිළිගන්නවා. මොකද කොළඹ ප්‍රදේශයේ ජනතාවට වඩා ඈත පිටිසර ගම්වල ජනතාව නිසා තමයි අද කුමාරසිරි පතිරණ කියලා කෙනෙක් බිහිවෙලා ඉන්නේ. කොළඹ යාන්ත්‍රික පිරිසක් ඉන්නේ. 90%ක්ම රූපවාහිනියක්වත් නරඹන්නේ නැති තරම්.
ඔබ සුවිශේෂි ගායන ශිල්පියෙක්. කවදාවත් කරන්නම් වාලේ වැඩ කරපු කෙනෙක් නෙමේ. නමුත් ඔබ ඒ වෙනස වෙනස් කළා?
මම කවදාවත් රැල්ලට වැඩ කරපු කෙනෙක් නෙමේ. මේ ගෙවුණු අවුරුදු 30 මගේ කිසිම ගීතයක් මම රූප රචනා කළේ නැහැ. මම අනුන්ගේ සින්දු ගායනා කළේ නැහැ. මම මගේම කියලා ස්ථාවරයකට ආවේ. එය ගැන මම සතුටු වෙනවා.
ඒත් ඔබ ඔබේ ජනප්‍රිය සින්දු ජනතාවගේ හදවතේ මවමින් ඉදිරියට යනවා?
මගේ සින්දුවල රූප රචනාව ජනතාවගේ හදවත්වල මම මවලා ඉවරයි. එය සදාතනිකයි. ඒ තරමට ජනතාව මගේ සින්දුවලට ආදරය කළා. රත්නපුර ප්‍රදේශයේ මගේ ආදරණීය රසිකයන් කිහිප සැරයක්ම අපේ ගෙදරට ආවා. ඔවුන් ඒ තරමට මගේ සින්දු එක්ක බැඳිලා. ඔවුන්ගේ ඉල්ලීමට ඔහුගේ වියදමින් මගේ ජනප්‍රිය සින්දු 4ක් විතර රූප රචනා මේ වෙනකොට සිදුකරලා ඉවරයි.
ඒ මොන සින්දුද?
94 වසරේ මගේ මුල්ම කැසට්පටය ‘හිරු සඳු හඬාවි’. එහි ‘හිතට ආපු ආදරේ’, ‘එදා පෙම් බැන්දා’, ‘කියන්නේ කෙලෙසක’ ගීතවලට දැනටමත් මියුසික් වීඩියෝ සිදුකරලා ඉවරයි. ලබන වසරේ මුලදී දැක බලාගන්න පුළුවන්.
ඔබ ගීත කලාව පෝෂණය කළ සොඳුරු හඬක්. එය ගැන මතකය අවදි කළොත්?
1990 ‘පිවිතුරු හද ළඟ’ කැසට් එක මම නිර්මාණය කළා. මට දැනෙන දේ මම කළා. හැබැයි ඒ හැම දේම මම කළේ මගේ ප්‍රවීණ ශිල්පීන්ගේ ආභාසය ඇතිව. නමුත් දැන් ඉන්න අය ප්‍රවීණ අය සමඟ කිසිම ආභාසයක් ගන්නේ නැහැ. එය ගැන කනගාටුවෙනවා ඇරෙන්න වෙන කරන්නට දෙයක් නැහැ. අලුත් පරපුර ගැන මම කනගාටු වෙනවා. හැදෑරීමක් ඇතිව මේ ගමන ගියොත් ඔවුන්ට දුර ගමනක් යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
ඔබ ගායනා කළ ජනප්‍රිය සින්දුවක් තමයි ‘සැමදා ඔබ ළඟ ඉන්නම්’ ගීතය. මේ ගීතය ඔබේ ජීවිතය එක්ක බැඳුණු කතාවක් බවයි අපට ආරංචි?
මගේ දෙවැනි කැසට් පටයේ ගීතයක් තමයි සැමදා ඔබ ළඟ ඉන්නම් ගීතය. 1992 තමයි මම එය නිර්මාණය කළේ. අදටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ප්‍රසංග වේදිකාවේ පවා. පළමු සහ දෙවැනි කැසට් පටවල ගීතවලට මගේ ජීවිතය එක්ක සම්බන්ධ දේවල් තමයි මම යොදාගත්තේ.
අලුත් තාක්ෂණයත් එක්ක කැසට්පට කලාව නැත්තට නැතිවුණා නේද?
රටේ දියුණුවක් එක්ක අලුත් තාක්ෂණය රටට අවශ්‍යයි. අපි ලක්ෂ ගානක් වියදම් කරලා නිර්මාණ හදනවා. තවත් සමහරු ඒවා සී.ඩී. තැටිවලට නිර්මාණය කරලා රුපියල් 50ට විකුණනවා. එතැනයි වරද. කලාකරුවො දේශපාලනයේ සිටියා. කිසිම ආණ්ඩුවකින් මෙයට කිසිම ක්‍රමවේදයක් ගෙනාවේ නැහැ. දැන්වත් හොඳ ක්‍රමවේදයකට කලාකරුවන්ට වටිනාකමක් ලැබුණොත් අපිට ඉදිරියට මෙයට වඩා නිර්මාණ කරන්න පුළුවන්.
ඔබ ජනප්‍රිය සංගීත කණ්ඩායමක මුල් පුරුකක්. දැන් එහි වැඩකටයුතු කොහොමද?
පොළොන්නරුවේ පළමු සංගීත කණ්ඩායම ‘සුපර් ෆ්‍රෙන්ඞ්ස්’ හැදුවේ අපි. ඒත් මගේ සින්දු ප්‍රේක්ෂකයන් වැලඳගත්තාට පස්සේ මට දිගටම ‘සුපර් ෆ්‍රෙන්ඞ්ස්’ එක්ක වැඩ කරන්න බැරිවුණා. එකදිගට මට ප්‍රසංගවලින් ආරාධනා ආවා. ඉතින් මම ඉල්ලීමක් කරලා එයින් ඉවත් වුණා. දැනටත් මම ඔවුන්ගේ ප්‍රසංගවල ගීත ගායනා කරනවා.
ඔබේ නිවහන මේ වන විට කලාගාරයක් බවට පත්වෙලා නේද?
ඇත්තටම අපේ නිවෙස කලාගාරයක්. හරිම සුන්දර විදියට කාලය ගෙවෙන්නේ. මගේ පුතා සිනෙත් මාලක. එයාගේම කියලා ශබ්දාගාරයක් කරගෙන යනවා. මගේ දුවත් සින්දු කියනවා. මගේ අනිත් පුතා ශිනෙත් චමත්ක පතිරණ. ‘යාළු මාළු – 2’ චිත්‍රපටයේ පසුබිම් ගායනයෙන් සම්බන්ධ වුණා. ඒ ගැන මට හරිම සතුටුයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සජිත්-කරු හමුවක්

Next Post

1818 කැරැල්ලේ රහස් දන්න නිහඬ සාක්ෂිකරුවා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.