• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…

May 10, 2022
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…
Share on WhatsAppShare on Facebook

පසුගිය මැයි 01දා මේ වසරේ පළමු අර්ධ සූර්යග්‍රහණය සිදුවූ අතර ඊට දින 16කට පසුව එනම් මැයි මස 16දා උදෑසන 9.42ට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවීමට නියමිතය. වෘශ්චික රාශියේදී විසා නැකැතේ 04 වැනි පාදයේ සිදුවන මෙම චන්ද්‍රග්‍රහණය එතෙක් මෙතෙක් පැවැති තත්ත්වය හාත්පසින්ම වෙනස් කරනු ඇත. එම බලපෑම අප රටට මෙන්ම ලෝකයටම බලපානු ඇති බව ජ්‍යොතිෂය අනුව බලන කල පැහැදිලි වෙයි. බොහෝ විට චන්ද්‍රග්‍රහණයකින් පසුව සිදුවන වෙනස්කම් සහ විපර්යාස සුබ අසුබ මිශ්‍රව ගෙන දෙන ස්වභාවයකුත් ඇතැම් අවස්ථාවල අසුබ ප්‍රවණතා වැඩි, දේශගුණික විපර්යාස ඇතිවීමටත් හේතු වනු ඇත.

මේ වන විට ලොව තුළ දක්නට ලැබෙනුයේ තරමක් නොසන්සුන් කලබලකාරී වටපිටාවකි. එය තුන්වැනි ලොව රටවලට මෙන්ම ධනවත් රටවලටද එක හා සමානව බලපා ඇති තත්ත්වයකි. විශේෂයෙන්ම ලොව තුළ යම් තරමකට ආහාර අර්බුද උද්ගතව ඇති බව පෙනී යන අතර ඉදිරි කාලයේ මෙවැනි තත්ත්ව වර්ධනය කෙරෙන දේශගුණ විපර්යාස බලාපොරොත්තු විය යුතුය. ඇතැම් විට ඒවා නොසිතූ නොපැතූ ආකාරයට සිදුවේ. වගාවන් සඳහා අවශ්‍ය ජලය මුල් කාර්තුවේ ලැබී අවශ්‍ය කටයුතු කෙරුණද දෙවැනි පියවරේදී ජලය හිඟවීමෙන් ප්‍රතිඵල ගිලිහී යන තත්ත්වයක් ඇතිවනු ඇත.

ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදනයේ යෙදෙන රටවල ප්‍රසිද්ධම ආහාර නිෂ්පාදන අර්බුදයට ලක්වේ. එවැනි හේතු මත ලොව කුඩා රටවල් ගණනාවකම ආහාර සැපයෙන මාර්ග ඇහිරී යෑමෙන් ආහාර අර්බුද ඇතිවිය හැකිය. එමෙන්ම ලොව දියුණු රටවල් තම ආහාර නිෂ්පාදන වෙනත් රටවල් සඳහා බෙදාහැරීම අඩු කෙරෙන්නට හේතුවන ස්වභාවික ව්‍යසන ඇතිවිය හැකි කාලයකි. ගංවතුර, නායයෑම් මෙන්ම තවත් කාලයක නියං තත්ත්වයක් වුවද ඇතිවීමට ඉඩ තිබේ. බොහෝ රටවල අස්වැන්න පෙනි පෙනී අහිමි වන ස්වභාවයක් ඇතිවන්නට පුළුවන.

මේ අතර ප්‍රසිද්ධ රටක පාලකයෙක්, කිසිවකු නොසිතූ ආන්දෝලනාත්මක තීන්දුවක් ප්‍රකාශයට පත්කරනු ඇත. ඉන් බහුතරයක් රටවල අංශ ගණනාවක් අභියෝගයට ලක්කෙරෙනු ඇත. මේ තත්ත්වය ලංකාවටද බලපානු ඇත. මෙම චන්ද්‍රග්‍රහණය හේතුවෙන් මෙරට ඇතිවී තිබෙන ගැටලුකාරී ප්‍රශ්න අතරට ස්වභාවධර්මයේ ඝට්ටනයක්ද එකතු වීමට ඉඩ තිබේ. වර්ෂාව ලැබේ යැයි සිතූ කලාපවලට වර්ෂාව නොලැබීමෙන් වර්ෂාව නොලැබේ යැයි අනුමාන කළ කලාපවලට වර්ෂාව ලැබීමෙන් වගාවන්ගෙන් අපේක්ෂා කළ ප්‍රතිඵල වෙනස් කෙරෙනු ඇත.

සුළු සුළු භූ කම්පන හෝ කැලඹිලි ඇතිකෙරෙනු ඇත. ධීවරයන්ට විශාල වශයෙන් මත්ස්‍ය අස්වැන්නක් ලැබීමට ඉඩ තිබේ. ධනවතුන්ගේ වත්කම් ලොවට හෙළිවන්නට කරුණු යෙදේ. නව නිෂ්පාදන සඳහා ජනතාව අතර උනන්දුව ඇතිවන කාලයකි.

මැයි මස 16ට පසුව රථ වාහන සම්බන්ධ අනතුරු ගැන විශාල වශයෙන් අසන්නට ලැබීමට ඉඩ තිබේ. ඇතැම් විට විශාල හානි ඇතිකෙරෙන අනතුරු ගැන අසන්නට ලැබෙනු ඇත. අධික වේගය නිසා සිදුවන අනතුරුවලට වැඩි ඉඩක් තිබෙන බැවින් අධිවේගී මාර්ග භාවිත කරන්නන් ප්‍රවේශම් වීම වැදගත්ය.

ආහාර පාන විෂවීම හේතුවෙන් ඇතිවන ගැටලු ගැන අසන්නට ලැබෙනු ඇත. ජලය විශාල වශයෙන් රැස් කළ ස්ථාන සම්බන්ධව අවධානය යොමුකළ යුතු කාලයකි. එවන් ස්ථාන ආශ්‍රිත අනතුරු ඇතවන කාලයකි.

මෙම චන්ද්‍රග්‍රහණයත්, ඉන් පසු ඇතිකෙරෙන ග්‍රහ තත්ත්වයනුත් විමසීමේදී ලග්න වශයෙන් ගත් කල මේෂ ලග්න හිමියන්ට කලකට පසු විශේෂ වාසියක් උදාකර ගන්නට අවස්ථාව ලැබේ. ගමන් බිමන් ආශ්‍රිත කටයුත්තකදී හදිසි ධනයක් උරුම වීමටද ඉඩ ඇත.

වෘෂභ ලග්න හිමියන්ට නව සබඳතා ඇතිකෙරෙන කාලයකි. විවාහය ගැන බලාපොරොත්තු ඉටුවීමක් වුවද සිදුවිය හැකිය. මිථුන ලග්න අයට කලකට පසු සිතේ සතුට ඇතිකෙරෙන අතර ශරීරයට සුවදායී බවක් දැනෙන කාලයක්ද වෙයි. කටක ලග්න අයගේ අරමුණක් ඉටුවීමෙන් සිතේ සතුට ඇතිකෙරේ. ඔවුන්ට අරමුණු කිහිපයක් ජයගත හැකි කාලයක් උදාවේ.

සිංහ ලග්න අයගේ සිත තුළ මෙතෙක් තිබූ අදහස් වෙනතකට යොමුවන අතර තම සිතුවිලි පිළිබඳ තමා තුළම සංවාදයක් ඇතිවේ. කන්‍යා ලග්න හිමියන්ට කලබලකාරී කාලයකි. ගමන් බිමන් බහුල වෙයි. උත්සාහයට ප්‍රතිඵල ලැබේ. තුලා ලග්න හිමියන්ගේ තැන්පත් ධනය වැයකෙරෙන කාලයකි. ඉන් නව නිෂ්පාදන සඳහා අදහස් ඇතිකෙරෙනු ඇත. වෘශ්චික ලග්න හිමියන් විශේෂ කටයුත්තක් ගැන සිතන පතන කාලයකි. හිතවතුන්ගේ උදව් උපකාර ලැබේ.

ධනු ලග්න හිමියන් රාජ්‍ය අංශයේ ඇගයීමට ලක්වේ. නිතර නිතර විවිධාකාර ලැබීම් යෙදේ. සිතේ සතුටට හේතු යෙදේ. මකර ලග්න හිමියන්ගේ අතමිට සරු වුවද වියදම් අධික කෙරේ. එහෙත් සිතේ සතුට වර්ධනය වේ. කුම්භ ලග්න ඔබගේ අනාගතයට ප්‍රයෝජනවත් යමක් ලැබෙනු ඇත. එයින් විශේෂ වාසියක්ද අත්වේ. මීන ලග්න හිමියන් මෙතෙක් බලාපොරොත්තුව සිටි දෙයක් ඉටු වේ. එයින් විශාල ධනයක් ලැබීමටඅඩිතාලම වැටේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

LankaPay Technnovation සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ ATM ජාලයට රන් සම්මානය…

Next Post

මගේ ව්‍යාපාරික සාර්ථකත්වය පසුපස ඇති රහස දැන් ඔබට හෙළිකරන්නම්…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.