කොමර්ෂල් බැංකුවේ විශාලතම විදේශීය මෙහෙයුම වන කොමර්ෂල් බෑන්ක් බංග්ලාදේශ් විසින් බැංකුවේ බහු නාලිකා අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය වන ‘CBC Digital’ හඳුන්වා දෙමින් සිය ගනුදෙනුකරුවන්ට ලබාදෙන අන්තර්ජාල බැංකුකරණ අත්දැකීම තව තවත් නංවා තිබේ.
බැංකුව විසින් 2020 වසරේදී ශ්‍රී ලංකාවේ ආරම්භ කළ ‘ComBank Digital’ පද්ධතියට සමාන වන මෙයින් මූලික ගිණුම් තොරතුරු, ගෙවීම් සහ ප්‍රේෂණ, ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට බිල්පත් ගෙවීම් විකල්ප, බහුවිධ ගෙවීම් විකල්ප, සමූහ ගෙවීම් සහ අනිකුත් ඩිජිටල් බැංකුකරණ සේවා මාලාවක් ලබාදීමට බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ සේවා සහ ජංගම අයදුම් ඒකාබද්ධ කර තිබේ.
‘CBC Digital’ වෙබ් අයදුමක් මෙන්ම ජංගම දුරකතන අයදුමක් ලෙස භාවිත කළ හැකි අතර iOS, Android සහ Huawei මෙහෙයුම් පද්ධති සහිත දුරකතන උපකරණ මගින් භාවිත කළ හැකිවේ. භාවිත කරන්නාගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ යහක්‍රමවේද මෙය නිර්මාණය කිරීමේදී භාවිත කර තිබෙන බව බැංකුව සඳහන් කරයි.