මහජන බැංකුවේ ‘People’s Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’ දිනුම් ඇදීමේ පළමු මිලියනපතිනිය, පෙබරවාරි මස ජයග්‍රාහිකාව වූ මාදම්පේ පදිංචි බී.ඒ හසිනි කෞෂල්‍යා මහත්මියට හිමි ත්‍යාග මුදල ඇය වෙත පිරිනැමීම මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 02, මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා සිදුකෙරිණි.
එමෙන්ම පෙබරවාරි මස සතිපතා ජයග්‍රාහකයින් දෙදෙනෙකු වූ කොබොයිගනේ ඩබ්ලිව්. පී. රේණුකා පියසීලි මහත්මිය සහ ගැමුණුපුර ආර්.එම්.පී.කේ රත්නායක මහතා වෙත කැරට් 22 රන් කාසි පිරිනැමීම ද මෙදින සිදුකෙරිණි.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ළබැඳියන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහාත් වෙහෙස මහන්සිය නොබලා රැකී රක්ෂාවල නියැළෙන ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් දිරිමත් කර ඔවුන්ව ඇගයීමේ අරමුණින්, ‘People’s Remittance වාසි කෝටියයි’ දිනුම් ඇදීම මහජන බැංකුව විසින් පෙබරවාරි 01 වැනිදා සිට ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන යටතේ වසර අවසානයේ තෝරාගන්නා සුපිරි ජයග්‍රාහකයාට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් පිරිනැමේ.