ඊයේ දිනයේදී හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා අගමැතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට ඉවත් වන ලෙස කියමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීමට පියවර ගෙන තිබිණ.
අලහප්පෙරුම මහතා ප්‍රසිද්ධියේ අගමැතිවරයාට එරෙහිව පෙරට ආ පළමු අවස්ථාව මෙය වුවත් අප ඉකුත් මාර්තු මස 20 වැනි දින මව්රට මුල් පුවත ඔස්සේ ආණ්ඩුව ඇතුළේ අලුත් නායකයකු සැගව සිටින බවට පළමු වතාවට රටට හෙළිදරව්වක් කළේය.
එහිදී අප ඩලස් අලහප්පෙරුම මහතාගේ ජායාරූපයද පෙනෙන නොපෙනෙන ආකාරයට මුල් පිටුවේම පළ කිරීමටද පියවර ගත්තේය.
අප එම පුවත පළ කිරීමෙන් පසු අවස්ථා ගණනාවකදීම විමල් වීරවංශ මහතාගේ ස්වාධීන කණ්ඩායමේ අලුත් අගමැතිවරයා ඩලස් අලහප්පරෙුම මහතා බවද වාර්තා කළෙමු.
අද වනවිට අප කළ ඒ අනාවරණයන් සියල්ල සත්‍යය වෙමින් තිබේ.