• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

උපන් හැටියේම ගැහැනු දරුවන් මරණ චීන්නු!

March 21, 2022
in Politics
Reading Time: 5 mins read
A A
උපන් හැටියේම ගැහැනු දරුවන් මරණ චීන්නු!
Share on WhatsAppShare on Facebook

.
චීනයේ ඉහළ තලයේ සිට බිම් මට්ටම දක්වාම ඉහවහ ගිය කාන්තා ශ්‍රමය සූරා කෑම ගැන තොරතුරු අනාවරණය වන විට පාලන අධිකාරිය ඒ සියලුම දත්ත සහ වාර්තා සඟවා වසං කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

කාන්තාවන්ට අමානුෂික අන්දමින් වධහිංසා පමුණුවමින් බලහත්කාරයෙන් ශ්‍රමය පැහැර ගැනීමේ ආසන්නම සිද්දීන් දෙකක් සමාජ ගතවීමත් සමග චීන පාලන අධිකාරිය වියරුවැටුණු සෙයින් ඒ සියල්ල යට ගසන්නට පටන් ගෙන ඇත.

හිටපු ටෙනිස් ක්‍රීඩිකාවක් වන “පෙන්ං ෂුවායිට” සහ තවත් කාන්තාවකට මේ ලෙසින් හිරිහැර පමුණුවා වහල් සේවයේ යොදවා ගෙන තිබේ.

බෞද්ධ සාහිත්‍යයේ “මාලා”නමැති දාසියගේ ගෙලවටා “රජ්ජුවක්”(ලණුවක්)ගැට ගසා දාසකමේ යොදවා ගත්තා සේ යථෝක්ත කාන්තාවන්ගේ කරවල්වටා දම්වැල් දමා බැඳ “ජිඈන්ග්ෂූ”පළාතේ ගබඩාවක දිගෙලි කර (ගවයින් මෙන් බැඳ)වැඩ ගත් බව චීනයේ කාන්තාවන් පත් වැ ඇති තත්ත්වය ගැන පැහැදිලිකරමින් මාධ්‍ය වලින් ජතත්‍යන්තරය දැනුවත් කර ඇත.

කාන්තාවන්ගේ සුරක්‍ෂාව සහ අයිතිවාසිකම් පිළිබඳ කැණඩාවේ පිහිටි විද්වත් සංසදය නමැති සමාජ ක්‍රියාකාරි ආයතනය එම කාර්යයේ පෙරමුණ ගෙන තිබේ.

චීනයේ හිටපු උප ජනාධිපති වරයකු වන“ෂෑංග්වෝලි”විසින් තමා යදමින් බඳිනු ලැබ රඳවා තබා ගෙන ලිංගික හිංසනයට පත්කරනු ලැබූ බව ටෙනිස් ක්‍රීඩිකාව විසින් 2021 නොවැම්බර් මාසයේ දී “පෝස්තුවක”ලා ජනගත කරනු ලැබ තිබේ.

ඒ හා ම එ ම පෝස්තුව සමාජ ජාලාවලින් ඉකුත් කරනු ලැබිණි.ඊට සමගාමීව ම“පෙන්ං ෂුවායි”ක්‍රීඩිකාව සති ගණනාවක් අතුරුදන් වැ ගොස් යළි එළිපහලියට පැමිණ ඇත්තී මේ වසරේ(2022) බෙයිජිංහි පැවති “සීත ඔලිම්පික්”ක්‍රීඩා උළෙල සමයේ දීය.

එ සේ පැමිණි ඈ ප්‍රකාශ කර ඇත්තේ එවන් පෝස්තුවක් තමා විසින් සමාජ ගත නො කරන ලද බවය.

මේ අන්දමින්ම “ජිඈන්ග්ෂූ”පළාතේ ගබඩාවක දිගෙලි කර සිටි තවත් ස්ත්‍රියකට බිහිසුණු ජීවිතයක් ගත තිරීමට සිදුවී ඇති බව වාර්තාවේ.ඇය වසර ගණනාවක් තිස්සේ ඉතා දරුණු චිරස්ථීන ලිංගික හිංසනයට ලක් වී තිබෙන්නීය.

ඒ කාලය තුළ ඇයට දරුවන් අට දෙනකු(8)ප්‍රසූත කිරීමට සිදු වී තිබේ.

වින්දිතයිනට පිළිසරණ වෙනවාට හෝ අපරාධකරුවනට එ රෙහිව නීතිමය පියවරක් ගන්නවාට හෝ වඩා චීන පාලක පක්‍ෂය උත්සාහ දරා ඇත්තේ සමාජ මාධ්‍යවල සංසරණයවන ඒ තොරතුරු ඉවත් කිරීමට සහ දත්ත සහ තොරතුරු වසං කිරීමටය.

චීනය ලෝකයේ “මිනිස් ජාවාරම්”ජාලයේ අද්විතීය ස්ථානයක් හිමිකරගත් රටකි.ඔවුන් විසින් ඒ ජාවාරම “අතුරුදන්වීමක්” ලෙස සලකනු ලබයි.

සංඛ්‍යා ලේඛන අනුව 2020 දී චීනයෙන් එ සේ අතුරුදන් වූ පිරිස දස ලක්‍ෂයකි(10,00,000)2016 දී තිස් ලක්‍ෂ අනූ හතර දහසක්(30,94,000)බව 2017 දී ඇමරිකාව නිකුත් කළ මිනිස් ජාවාරම”නැමැති වාර්තාවේද 2020 දි චීනය නිකුත් කළ “ලොස්ට් පොප්‍යුලේෂන්”නමැති වාර්තාවේ ද දැක්වේ.

මේ පිළිබඳව වැඩි විස්තර දක්වන එකී වාර්තාවල සඳහන් කර ඇත්තේ මේ පිරිසෙන් වින්ඳිත බහුතරය කාන්තා පක්‍ෂය බවයි.

ඒ පිරිසෙනුත් බහුතරය සුළු ජාතික ජන කොට්ඨාසවල කාන්තාවන් බවය.

“එක පවුලකට එක් දරුවකු පමණයි” යන 1980 ගණන්වල සිට ක්‍රියාත්මක රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව වැඩි වශයෙන්ම “බැටකන”පාර්ශවය ස්ත්‍රී වර්ගයාය.මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ හේතුවෙන් උද්ගතව ඇති ප්‍රධාන සමාජ ප්‍රශ්ණ ගණනාවකි.

සංඛ්‍යාලේඛන වල දැක්වෙන අන්දමට ඉන් පළමුවැන්න චීනයේ කාන්තා ඝනත්වයට(පිරිසට)වඩා පුරුෂ ඝනත්වය කෝටි තුනකිත් (30,000,000)අධිකවී ඇති බවය.

දෙ වැන්න කාන්තාවන් නිරන්තරයෙන් ලිංගික හිංසනයට ගොදුරුවීමය.

තුන් වැන්න බිළිඳු ඝාතන(දරුවන් මැරීම්) සංඛ්‍යාව වසරින් වසර ඉහළ අගයකට යාමය.සිව් වැන්න වැඩි වශයෙන්ම ඝාතනයට ලක්වන්නේ දැරියන් වීමය.

“පවුලේ සිටිය යුතු එකම දරුවා පිරිමි ළමයකු පමණයි”(වයස්ගත මාපියනට පිළිසරණ පිරිමි ළමයාගෙනි. ගැහැනු දරුවා ලෝකයට යන්නියකි)යන මතය නිසා ගැහැනු දරුවකු උපන් විටදීම ඝාතනය කෙරේ)

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මෝඩි ලංකාවේ පිහිටට එයි!

Next Post

රුසියන් තානාපති කාර්යාලයෙන් ගල් පැලෙන කෙප්ප!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.