• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දශාව බලලා පෝසත් වෙන්න ක්‍රමයක්…

March 14, 2022
in Astrology, Kendaraya
Reading Time: 4 mins read
A A
දශාව බලලා පෝසත් වෙන්න ක්‍රමයක්…
Share on WhatsAppShare on Facebook

ධනය හැම දෙනාටම එක වගේ වැදගත්. හැමෝටම ධනය තියෙනවා. සමහරුන්ට ටිකක් වැඩියෙන් තියෙනවා. ඒ අය ධනවතුන් ලෙස හඳුන්වනවා. මේ ධනපතියන්ගේ කේන්දරවල අනෙක් අයට වඩා ටිකක් වැඩියෙන් ධන යෝග ගැබ්වෙලා තියෙනවා. ඒ වුණාට ඒගොල්ලන්ගේ ජීවිත කාලයේදී හැමදාම එක වගේ වැඩිපුර ධනය ගලා එන්නේ නැහැ. වැඩි වැඩියෙන් මුදල් ලැබෙන කාල තියෙනවා. අපි කොහොමද අපේ කේන්දරය තුළින් අපට වැඩියෙන් මුදල් ලැබෙන හොඳ කාල හඳුනාගන්නේ කියන එක ගැන අද අවධානය යොමු කරමු.

කේන්දරයක ලග්න භාවය (පළමුවැන්න), හතරවැන්න, පස්වැන්න, නවවැන්න, දහවැන්න සහ එකොළොස්වැන්න සහ එම ස්ථානවල තැන්පත්වූ හෝ අධිපතිකම දරන සුබ ග්‍රහයන් පුද්ගලයකුගේ ධනවත් බවට, සමෘද්ධිමත් බවට, යහපත් ලෙස බලපාන බවයි ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. ඒ වගේම කේන්දරයක හය, අට, දොළහ කියන තැන් සහ එම ස්ථාන අධිපතීන් සහ එම ස්ථානවල තැන්පත් වූ අසුබ ග්‍රහයන් නිතරම පුද්ගලයාට අවාසි සිදුකර කරදර ඇතිකරන බව තමයි පිළිගැනීම. අසුබ ග්‍රහයන් හැටියට රවි, කුජ, ශනි, රාහු සහ කේතු යන ග්‍රහයන් ගණන් ගන්නවා.

ඉතින් ග්‍රහයන් කේන්දරයේ හොඳ තැන්වල හොඳට හිටියා කියලා ඕනෑම කෙනකුට හැමදාම එක වගේ ධනය ගලා එන්නේ නැහැ. හැමදාම සතුටින් ඉන්නත් බැහැ. ආර්ථික ප්‍රශ්න ඇතිවන කාල, වෙනත් කරදර ඇතිවන කාල පසුකරමින් තමයි ජීවිත ගමන ගලාගෙන යන්නේ. අපට පුළුවන් නම් දැනගන්න මේ කාලය හොඳයි, මේ කාලය නරකයි කියලා හොඳ කාලවලදී වැඩියෙන් වැඩ කරලා, එහෙමත් නැත්නම් මුදල් යොදවලා වැඩි වැඩියෙන් ලාභ ලබන්නත්, නරක කාලවලදී පරිස්සම් වෙන්නත් පුළුවන්.

ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී මිනිස් ජීවිත ගතකරන විට ඒ ඒ කාලසීමාවන් පුද්ගලයාට මොන මොන විදියේ බලපෑම් ඇතිකරනවාද කියන එක හොයා බලන්න දශා ක්‍රම ගණනාවක් හඳුන්වා දී තිබෙනවා. මේ දශා ක්‍රම අතරින් විංශෝත්තරී දශා ක්‍රමය වැඩි වශයෙන් භාවිත වන බවක් පෙනෙනවා.

මේ ක්‍රමයේදී පුද්ගලයාගේ පරම ආයුෂ අවුරුදු 120ක් ලෙස සලකා පිළිවෙළින් රවිට අවුරුදු 6ක්ද, සඳුට අවුරුදු 10ක්ද, කුජට අවුරුදු 7ක්ද, රාහුට අවුරුදු 18ක්ද, ගුරුට අවුරුදු 16ක්ද, ශනිට අවුරුදු 19ක්ද, බුධට අවුරුදු 17ක්ද, කේතුට අවුරුදු 7ක්ද, සිකුරුට අවුරුදු 20ක්ද ලබාදී තිබෙනවා.

ඕනෑම කේන්දරයක් අතට අරගෙන බලන්න. එක තැනක ග්‍රහයකුගේ නමක් ලියලා එම ග්‍රහයාට හිමි දශා ශේෂය ශුද්ධ අපහරණ හැර අවුරුදු ……. මාස …… දින ….. කියලා ලියලා තියෙනවා.

අපි හිතමු 1950 ජනවාරි 01 වැනිදා උපන් කෙනකුගේ කේන්දරයේ ලියා තිබුණා කියලා රවි හිමි විංශෝත්තරී දශා ශේෂය ශුද්ධ අපහරණ හැර අවුරුදු 3යි, මාස 3යි, දින 3යි කියලා. එතකොට අපි එම දශා ශේෂය උපන් දිනයට එකතු කරගන්න ඕනෙ. මෙන්න මෙහෙම.

උපන් දිනය 1950 01 01
රවි මහ දශාව 03 03 03
1953 04 04

එතකොට එයාට 1953 අප්‍රේල් මස 04 වැනිදා දක්වා රවිගේ මහ දශාව තමයි ගතවෙන්නේ. අපට මේ දවස්වල මෙයාට ගෙවන දශාව මොකක්ද කියලා දැනගන්න ඕනෙ නම් දශා අනුපිළිවෙළට ඉදිරියට ගෙවෙන එක එක දශා එකතු කරගන්න වෙනවා.

රවි මහ දශාව 1953 04 04
සඳු මහ දශාව 10 00 00
1963 04 04
කුජ මහ දශාව 07 00 00
1970 04 04
රාහු මහ දශාව 18 00 00
1988 04 04
ගුරු මහ දශාව 16 00 00
2004 04 04
ශනි මහ දශාව 19 00 00
2023 04 04

ඉතින් මෙයාට 2023 අප්‍රේල් 04 වැනිදා දක්වාම ශනි මහ දශාව තමයි ගෙවෙන්නේ. අපි දැන් ඉන්නේ 206 ජනවාරි මාසයේ නිසා මේ කාලයේදී මෙයාට ගෙවෙන දශාව, අතුරු දශාව මොකක්ද කියලා හරියටම දැනගන්න පංචාංග ලිතක දශා සහ අතුරු දශා ගෙවීයන චක්‍රයක් භාවිත කරන්න ඕනෙ.

මෙම කේන්දර හිමියාට ගුරු මහ දශාව 2004 අපේ්්‍රල් 04 දක්වා ගෙවෙන නිසා ශනි මහ දශාවේ රවි අතුරු දශාව දක්වා වන කාලය එම දිනයට එකතු කරගන්න වෙනවා.

ගුරු මහ දශාව 2004 04 04
ශනි මහ දශාවේ
රවි අතුරු දශාව
දක්වා 10 11 03
2015 03 17
ශනි මහ දශාවේ
සඳු අතුරු දශාව 01 07 00
2016 10 07

එතකොට මෙයාට 2015 මාර්තු 07 දින සිට 2016 ඔක්තෝබර් 07 දක්වා ශනි මහ දශාවේ සඳු අතුරු දශාවයි. ඔබගේ ජන්ම පත්‍රයේ දැනට ගතවන දශාව මේ විදියට ගණනය කරගන්න. මේ දවස්වල ඔබට ගෙවෙන මහ දශාවේත්, අතුරු දශාවේත්, අධිපතින් (දශාව හිමි ග්‍රහයන්) ඔබගේ ජන්ම කේන්දරයේ හොඳ තැනක ඉන්නවාද? නරක තැනක ඉන්නවාද? කියලා බලන්න. ඇත්තටම ඒගොල්ලෝ සුබ ග්‍රහයන්ද? අසුබ ග්‍රහයන්ද? කියලත් බලන්න. දශාවක සුබ පලදීම කේන්දරය තුළ දශාධිපති ග්‍රහයන් ඉන්න තත්ත්වය අනුව වෙනස් වෙනවා.

සුබ ග්‍රහයන් සුබ පල පමණක් දෙනවා කියලවත්, අසුබ ග්‍රහයන් අසුබ පල විතරක් දෙනවා කියලවත් ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ නැහැ. උපතේදී කේන්දරයේ හොඳ තැනක බලවත්ව ඉන්න ග්‍රහයාගේ දශාවේදී හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියල තමයි සඳහන් වෙන්නේ. ඒත් එහෙම වෙන්න ඒ ග්‍රහයාගේ මහ දශාව හෝ අතුරු දශාව ලබන වෙලාවෙදි එම ග්‍රහයා දැනට ගෝචර වශයෙන් (ගමන් ගන්නා ස්ථාන අනුව) කේන්දරයේ හොඳ තැනක් හරහා යන්නත් ඕනෙ. එයා දැනට ගමන් කරමින් තිබෙන රාශිය එයාට හොඳ තැනක් වෙන්නත් ඕනෙ.

ඉතින් ඔබගේ දශාධිපතීන් සුබවාදීව හැසිරෙන කාල හොයාගෙන ස්විප් ටිකට් එකක් එහෙම අරගෙන බලන්න.

ජ්‍යොතිෂ ශිරෝමනී
දේශබන්දු අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ක්ෂේත්‍රය තුල හොඳම සේවා ස්ථාන 10 අතරට AIA ඉන්ෂුවරන්ස් එක් වෙයි…

Next Post

සම්පත් බැංකුව “Wonder Women Initiative” සමඟින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.