AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ශ්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ක්ෂේත්‍රය තුළ (BFSI) හොඳම සේවා ස්ථාන 10 අතරට තේරී පත්වීම මහත් අභිමානයෙන් සමරයි.
සැමදෙනා එකතුකර ගනිමින් ඔවුන් හා ඉතා හොඳ සන්නිවේදනයක් පවත්වාගනිමින් සිය වැඩ පරිසරය නිර්මාණය කරගැනීමට AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට ඇති කැපවීම ක්ෂේත්‍රයේ අනෙකුත් සමාගම් අතරින් කැපීපෙනීම සඳහා හේතු වේ.
කාර්යමණ්ඩල සාමාජිකයන්හට ඉතා හිතවත්ව මෙන්ම සේවය කිරීමට අවැසි සහයෝගය නිරතුරුව ලබාදෙන වැඩ පරිසරයක් සපයා දීමටත්, ඔවුන් කරනා කර්තව්‍යන්හි වටිනාමකම් පිළිබඳව මනා අවබෝධයෙන් සැමවිට ඔවුන්ව දිරිමත් කරමින් ඇගයීමටත් සමාගම සමස්තයක් වශයෙන් කටයුතු කරයි.











