කාන්තා ජයග්‍රහණ සැමරීමේ වැදගත්කම, කාන්තාවන්ගේ නායකත්ව භූමිකාව, කාන්තාවන් සඳහා සමාජයේ පවතින විවිධ ගැටලු ආමන්ත්‍රණය කිරීම සහ ඔවුන්ගේ අත්දැකීම් බෙදාගැනීමේ වැදගත්කම අරමුණු කර ගනිමින් “Wonder Women Initiative” සංවාදය, සම්පත් බැංකුවේ සත්කාරකත්වයෙන් පසුගියදා පැවැත්විණි.
මෙහිදී 2022 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ අරමුණට සමගාමීව, ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොර සමාජයක් ස්ථාපනය කරවීමේ අරමුණින්, විවිධ ක්ෂේත්‍රයන්හි කාන්තා නායිකාවන්ගේ ජයග්‍රහණ සමරමින්, ඔවුන්ගේ ආයතනික ගමන් මගේ මෙන්ම පෞද්ගලික අත්දැකීම් හා සාර්ථකත්වය පිළිබඳ තොරතුරු බෙදාහදා ගත්තේය.
මෙම අවස්ථාව සංවිධානය කිරීම සඳහා සුවිසල් සහයෝගයක් ලබා දුන් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා මෙවැනි සංවාදයක් සංවිධානය කිරීමට යෙමුවීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය. “සම්පත් බැංකුව විසින් සංවිධානය කරන ලද, “Wonder Women Initiative”, වැඩසටහනේ දී විශේෂයෙන් කාන්තාවන් සිය ජීවිතය වෘත්තීය සහ පෞද්ගලික ජීවිතය මැනවින් කළමනාකරණයට කිරීමට සමත්වෙමින්, ජයග්‍රහණ අත්පත් කර ගැනීමට යොමුවීම මෙම කාන්තා දිනයේ දී අපි ඔවුන්ව අගයකිරීම මූලික අරමුණ වුණා.”