• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාරම්පරික කර්මාන්තකරුවන්ට ජම්මු කශ්මීර අණ්ඩුකාරයාගේ සහාය!

February 26, 2022
in Politics
Reading Time: 3 mins read
A A
පාරම්පරික කර්මාන්තකරුවන්ට ජම්මු කශ්මීර අණ්ඩුකාරයාගේ සහාය!
Share on WhatsAppShare on Facebook

ජම්මු සහ කාශ්මීරයේ නිෂ්පාදනය කෙරෙන හස්ත කර්මාන්ත පලස් (carpets) සඳහා සංකේත යෙදීමේ යාන්ත්‍රණයක් ප්‍රථම වතාවට ආණ්ඩුකාර ලුතිනන් මනෝජ් සිංහ විසින් ආරම්භ කරනු ලැබ ඇත.

යාන්ත්‍රිකව නොව හස්තකාර්මිකව පමණක් නිෂ්පාදනය කෙරෙන පලස් සංකේත කර සංඥා නාමයක් යටතේ ලියාපදිංචි කිරීම එම යාන්ත්‍රණයයි.

මෙමගින් ජම්මු සහ කාශ්මීරයේ නිෂ්පාදිත පලස්වල අනන්‍යතාව සැපයීම අපේක්‍ෂාව වේ.

ඉතා ඉහළ වටිනාකමකින් යුතු ජම්මු සහ කාශ්මීර් පලස් මිලටගනු ලබන පාරිභෝගිකයන්ට එසේ දක්වන විස්තර අනුව ඒ නිෂ්පාදනය පිළිබඳ විශ්වසනීයත්වයක් ඇතිකර ගැනීමට අවස්ථාව සැලසීම අරමුණ වේ.

ජම්මු සහ කාශ්මීරය වනාහි පාරම්පරික සංස්කෘතික හස්ත කර්මාන්ත නිෂ්පාදනයේ අනභිභවනීය භාණ්ඩාගාරය වශයෙන් ශතවර්ෂ ගණනාවක් තිස්සේ කිරුළ පැලැඳ ඇත්තේය.

“මහානර්ඝ හස්ත කර්මාන්ත පලස්වල අව්‍යාජත්වයට වර්තමානය වන විට යම් යම් හේතු නිසා හානි පැමිණ තිබෙනවා. ඒ නිසා ව්‍යාජ නිෂ්පාදන වෙළෙඳපොළ ආක්‍රමණයෙන් හොඳම වර්ගයේ භාණ්ඩය මිලට ගැනීමේ අවස්ථාව ගනුදෙනුකරුවාට අහිමි වෙනවා. මේ තත්ත්වය වැළැක්වීම අපේ අරමුණයි” ආණ්ඩුකාර ලුතිනන් මනෝජ් සිංහ ප්‍රකාශ කෙළේය.

“නව තාක්‍ෂණයට අනුව අනර්ඝ නිෂ්පාදනවල වටිනාකම දැනගත හැකි අන්දමට භාණ්ඩ ප්‍රමිතිකරණය කළ හැකියි. එසේ කළ විට ජාත්‍යන්තර ප්‍රජාවට විශ්වාසයෙන් තමන්ට අභිමත පරිදි නිෂ්පාදන තෝරා ගත හැකි වෙනවා පමණක් නොව ඒ විශ්වාසය අනුව අපට ගෝලීය වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක්ද නිරායාසයෙන්ම අත්වෙනවා” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කෙළේය.

හස්ත කර්මාන්තයේ නිපුණයන් ඇගයීමට බඳුන් වූ සංකේත යෙදීමේ උත්සවයේදී ඔවුනට වටිනා ත්‍යාගද පිරිනමනු ලැබිණි.

“සියවස් ගණනාවක් තිස්සේ අඛණ්ඩව අවිච්චින්නව පැවැත එන අපේම පාරම්පරික මාහැඟි අමිල හස්ත කර්මාන්තය සහ පලස් නිෂ්පාදන ශිල්පීය ක්‍රම ආරක්‍ෂාකර ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කරන සියලුම ශිල්පීන්ට ජාතිය වෙනුවෙන් මගේ ප්‍රණාමය සහ ගෞරවය පිරිනමනවා.

ඒ කාර්යභාරය අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්‍ෂා කිරීම සඳහා කැපවූ පිරිසට අවශ්‍ය පුහුණුව මූල්‍ය ආධාර උපකාර කිරීමට රජය බැඳී සිටිනවා”යැයි ද ආණ්ඩුකාර ලුතිනන් මනෝජ් සිංහ ප්‍රතිඥා දුන්නේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

සේවක කැපවීමෙන් කාශ්මීරයට අඛණ්ඩව විදුලිය

Next Post

ලන්දේසි ආණ්ඩුකාර කුටිය-මිලිටරි බැරැක්ක-සිරකුටි-උසාවි පසුකර එල්ලා මරන තැන එකවර බලන්න යමු යාපනේ කොටුවට!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.