• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලන්දේසි ආණ්ඩුකාර කුටිය-මිලිටරි බැරැක්ක-සිරකුටි-උසාවි පසුකර එල්ලා මරන තැන එකවර බලන්න යමු යාපනේ කොටුවට!

February 27, 2022
in Exclusive, News
Reading Time: 9 mins read
A A
ලන්දේසි ආණ්ඩුකාර කුටිය-මිලිටරි බැරැක්ක-සිරකුටි-උසාවි පසුකර එල්ලා මරන තැන එකවර බලන්න යමු යාපනේ කොටුවට!
Share on WhatsAppShare on Facebook

නොසන්සුන් යාපනයේ නගරයේ හවස් භාගය උදාවී ඇත. යාපනයේ මංමාවත් දිගේ ඇවිද යන අර්ධද්වීපයේ ආගන්තුකයා නගරය දිහාවට ගාටන්නේ හුදකලාවෙන් මිදීමට‍ වූවා විය හැකිය.

ෆුට් සයිකලයේ පැඩලය පෑගීමට තරම්වත් උද්යෝගයක් නැති හැඩකය. කෙතරම් ජවයක් පැඬලයට ලබාදුන්නත් රෝදය කරකැවෙන්නේද ආගන්තුකයාගේ උද්‍යෝගයට ප්‍රතිරෝධයක් දක්වමින්‍ය. වීදි පුරා තිබූ මහා ඝෝෂාව අඩුවන්නේ ගොම්මන් අඳුර නගරය ගිලගනිමින් තිබුණු නිසාවෙනි. කපුටන්ගේ නම් තොරතෝංචියක් නැති කෑ ගැසීමේ අඩුවක් නැත.

යාපනයේ ටවුන් එකේ ප්‍රධාන බස් නැවතුමට මත්තෙන් වූ වෙළෙඳපොළයි මේ. යාපනය කොටුව දෙසට ෆුට් සයිකලය මෙහෙයවන්නේ නම් යාපනය කොටුව දෙසට ළඟාවිය හැකිය. සිග්නල් කණුවෙන් වමට හැරෙන විට පේන්නේ කරවල කඩ පෝලිමය. මුහුදු කරවල, වේළපු ඉස්සන්, හාල්මැස්සන්, බැදුම් වර්ග මිලදී ගැනීමට හොඳම තැන මෙයයි. සෑම කඩයක් ඉදිරිපිටම ‍රතු මිරිස් ගෝනියක් දෙකක් ඇත. මේවා ලුණුවල බහා සැකසූ ඒවායි.

උතුරු අහසේ නෙක වර්ණයෙන් රටා මවමින් හිරු බටහිර අහසේ ගිලීමට සූදානම්ය. මේ සුන්දරත්වය නැරඹීමට කදිම නවාතැන යාපනයේ කොටුවයි.
යාපනය බලකොටුව, රටේ යටත් විජිත අතීතයේ සදාකාලික උරුමයක්ය. මේ සුප්‍රසිද්ධ ලන්දේසි බලකොටුව 1618දී පිලිප් ද ඔලිවේරා යටතේ පෘතුගීසීන් ඉදිකරන ලද්දක්ය. 1680දී කොටුව අත්පත් කරගත් ලන්දේසි යටත් විජිතවාදීන් නැවත ගොඩනඟා ඇත. පෙන්ටගනයක හැඩයෙන් කරන ලද මේ නිර්මාණය වසර 400ක් පමණ පැරණි ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ සංකේතයක්ය. පෙන්ටගන හැඩයේද සැඟවුණු කතාවකි. මේ පෙන්ටගනයේ කොන් පහ නෙදර්ලන්තයේ පළාත් වන සීලන්ඩ්, හොලන්ඩ්, ගෙල්ඩර්ලන්ඩ්, උට්‍රචේට් සහ ෆ්‍රීස්ලන්ඩ් නිරූපණය කරයි. (Zeeland, Holland, Gelderland, Utrecht and Friesland)

කිලෝමීටර් කිහිපයක් පාපැදියේ පැඩලයට ජවය යොදා දැන්නම් වෙහෙසකරය. නමුත් කුතුහලය නම් යාපනේ කොටුවේ අභ්‍යන්තරය ගවේෂණය කිරීමටයි. පිවිසුම් ද්වාරයේ ලන්දේසි ලාංඡනයයි. විනාශ වී ගිය ලන්දේසි ලුතිනන් ආණ්ඩුකාරවරයාගේ නිවෙස, මිලිටරි බැරැක්ක, සිරකූඩු, ගබඩා, ලන්දේසි පල්ලියක්, ආරක්ෂක කාමර, පොලිස් නිල නිවාස, බන්ධනාගාරයක්, උසාවි නිවෙසක් වැනි ගොඩනැඟිලිද ක්‍රීඩා පිටියක් හා වරදකරුවන් එල්ලා මරන ස්ථානයකි. එක් අතෙක සන්නිවේදනය සඳහා වූ ඝණ්ටාර කුලුනකි.

බොහෝ ස්ථාන අද වන විට හුදු ගල් අවශේෂයක් බවට පත්ව තිබෙන අයුරු දැකගන්න පුළුවන. අදටත් හුනුගල් සහ කළු කොරල් ගලින් තැනූ පිටත ව්‍යුහය තවමත් ශක්තිමත්ව පැවතීම පුදුමයට කාරණාවකි.

විස්මය දනවන කාරණාවකි. සාගරය හා සම්බන්ධ උමං පද්ධතියකි. පිටතින් එන ඕනෑම සතුරු බලයක් පරාජය කිරීමට ඇති හැකියාව හා සූදානම පිළිබඳ කදිම සාක්ෂියක්ය. බලකොටුවේ සිට බටහිර අහස් කුසේ ගිලෙන හිරු බැස යෑම නැරඹීමද තරමක් ආදරණීයය. යාපනයේ සංචාරය කරන්නෙක් නම් ගුරුනගර් වෙත පිවිස මෙහි සුන්දරත්වය විඳිය යුතුමය.

කොටුවට මුහුණලා ඇත්තේ පන්නායී මුහුදු තීරයයි. ගුරුනගර් අවට ධීවර ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ මේ මත්ස්‍ය සම්පතයි. පන්නායි කෝස් වේ නැත්නම් දූපත් හා ගොඩබිම් යාකර තැනුණු මුහුදුබඩ මාර්ග ඔස්සේ අර්ධද්වීපය දූපත් හා යාවී ඇත. කයිට්ස්, නයිනතිව්, ඩෙල්ෆ්ට්, පුන්කුඩිතිව්, අනලතිව් වැනි දූපත් ගණනාවක්ම සම්බන්ධ කරන්නේ කළපුව මධ්‍යයේ වූ පන්නායි කෝස්වේ නම් පටුමඟයි. මේ පාලම ්ඊ 39 ලෙස ගූගල් සිතියමේ සඳහන් කර ඇත.

මේක කළපු ආශ්‍රිත ප්‍රදේශයකි. පාලම දෙපැත්තේ ඉස්සන් කොටු, බෝට්ටු බහුලව ඇත. කඩොලාන ආශ්‍රිත පරිසරයක් නිසාම ඉස්සන්, කකුළුවන්, කුඩා මත්ස්‍යයන් ඇතුළු ජලජ සම්පත් ප්‍රජනනය වීමට කදිම නවාතැනක්ය. ඒ වගේම මුහුදු ඛාදනය වළක්වන ක්‍රමවේදයත් මේ කඩොලාන පරිසරයය. මෙතැන ඇති ආහාර දාමයත් හරිම සංකීර්ණය.
පාලම හරහා ගමන්කරන්නෙක්ට දකුණු අත පැත්තට වන්නට කුරුසයක ඇණ ගැසූ ජේසුස් වහන්සේගේ රුව සහිත කුඩා කතෝලික පල්ලියකි. ඒ ලකුරුචාටිතීව්ල දූපතයි.
ඊට එපිටින් වූ නිල් දියඹට මත්තෙන් පෙනෙන කොළ ගැහුණු භූමිය නම් මණ්ඩතිව් දූපත හෙවත් මකුළු දූපතයි.

දැන් නම් ෆුට් සයිකලයේ පැඩලය පෑගීමට තරම් ජවයක් නැත. නමුත් මකුළුදූවේ අස්සක් මුල්ලක් නෑරම ඔබමොබ යන්න සිත නොසන්සුන්ය.

ලංකාවේ මුළු භූමියෙන් උතුරු අර්ධද්වීපය පමණක් සියයට නවයක අගයක් අත්පත් කරගනී. මේ අර්ධද්වීපය වියළි තැනිතලාවෙන්ද දූපත් රාශියකින්ද එකතු වූ භූමි භාගයක්‍ය. එහි වූ මණ්ඩතිව්ල දූපත යාපනය AB 35 මාර්ගයේ කිලෝමීටර් පහකට පමණ එහා වූ දිවයිනකි. කයිට්ස් දූපත කිලෝමීටර් එකකට එහයින්ද නයිනතිව් හෙවත් නාගදීපය ඊට මත්තෙන්ද පිහිටි අනෙක් දූපත්‍ය. මේ නම් මකුළු දූපතේ අබිරහසය.

මකුළුදූව නම් දැඩි හිරු රශ්මියත්, කර්කශ පොළොවත්, කරදියත්, වියළි සුළඟත්, සුදු වැල්ලත් යන සියල්ලෙන්ම නිමවූ වර්ග කිලෝමීටර් පහළොවක පමණ විශාලත්වයෙන් ‍යුත් දිගින් කිලෝමීටර් හයක් පමණ හා පළලින් කිලෝමීටර් තුනක් පමණ වූ මිනිස් වාසය සහිත භූමියකි. වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක තිස්තුනකට එහා අගයක් ගනී. ඔක්තෝබර් සිට දෙසැම්බර් කාලසීමාව තුළ සුළං සමග කඩින් කඩ වර්ෂාව ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස විල්ලු පරිසරයක් නිර්මාණය වී පවතී. පර්යටන පක්ෂීන්ට හා ඒකදේෂික පක්ෂීන්ගේ අපූරු වාසභූමියකි.

සුදු වැල්ලේ තැනින් තැන වූ තෘණ ශාක හා වර්ණවත් පැළෑටි භූමියට එක්කරන්නේ විචිත්‍රත්වයක්‍ය. මුහුදේ සිට ගොඩබිමට හමා එන වේගවත් සුළං නිසා ගහ කොළ මෙන්ම තෘණ පවා ගොඩබිම දෙසට නැමී ඇත. ශාක විශේෂ අතර මණ්ඩා, මහ කඩොල්, පුංකණ්ඩා සුලබය.

මණ්ඩතිව් නම් පරිසර සංවේදී තෙත් බිමකි. ලවණ වගුරු බිමකි. වසරේ විවිධ කාලසීමාවන්හි සංචාරක පක්ෂීන්ගේ පාරාදීසයක් බවට මණ්ඩතිව් දිවයින පත්වේ. ආදරයේ සංකේතය වූ රාජ සියක්කාරයන්ගේ ගමන් මඟේ සන්ධිස්ථානයක් නම් මේ මන්ඩතිව් දූපතය. මණ්ඩතිව් දූපතේ සිට යාපනය නගරය දෙස බලන්නකුට නම් පැහැදිලිව පෙනෙන්නේ යාපනය පුස්තකාල ගොඩනැගිල්ලේ ඉහළ කොටසත්, ඊට මත්තෙන් වූ අලුතෙන් ඉදිවන සංස්කෘතික අංගනය හා ලන්දේසි කොටුවේ ශක්තිමත් පවුරයි.
පන්නායි පාරේ දිගේ වම් පසට සුක්කානම මෙහෙයවන්නේ මණ්ඩතිව් දූපත් මාර්ගයයි. අනෙක් පස නම් කයිට්ස් දූපත් පාරයි. කයිට්ස් නම් දකුණු රටේ ගාල්ලට සමාන කොලනි ලක්ෂණ දැකිය හැකි අපූරු භූමියකි. මන්ද මේවා යටත් විජිත සමයේ වෙළෙඳ කටයුතු උදෙසා භාවිත කළ සංන්ධිස්ථානයන්‍ය. කොරල් පාෂාණ යොදා ඉදිකළ ගොඩනැගිලිය. ඒවාහි යටත් විජිත සමයේ ගෘහ නිර්මාණ ශිල්පයන් දැකිය හැකිය. කයිට්ස්හි සිවිල් යුද්ධයේ සලකුණු තවමත් දක්නට ලැබෙන අතර එහි මුල් අයිතිකරුවන් විසින් අතහැර දමා තිබෙන අබලන් නිවාස ගණනාවක්ද තැන තැන තිබේ. දකින දකින ඉසව්වන්හි කතෝලික දේවස්ථානද බොහෝමයක් ඇත. දූපතට වෙන්වූ රෝහලක්, බැංකු කීපයක්, පාසල් කීපයක්, පොලීසියක් ආදී ලෙස රජයේ කාර්යාල කීපයකි.

පාරවල් සන්සුන්‍ය. රථ වාහනද බොහෝ ප්‍රමාණයෙන් නැත. දූපතේ වැඩි පිරිසක් ධීවර කර්මාන්තයේ නියැළෙන නිසා කයිට්ස් දූපත වටාම නවතාලූ ධීවර බෝට්ටුය. පාරවල් හුදකලා වී ඇත. යාපනේ නගරයේ සිට කයිට්ස් දූපතට එන ලංගම හා පෞද්ගලික බස් රථ සේවා කීපයක් පවතින්නේ දූපත් වැසියන්ට නගරයට ප්‍රවාහන සේවය සලසවමින්ය.
පාරේ සයිකලයක් හෝ මෝටර් සයිකල් එක දෙකකි. වෙනත් දූපත්වල සේම මුරකාවල් තනමින් පාරවල්වල අයාලේ සැරිසරන ගව රංචුද සුලබය.

යාල් ආගන්තුකයාට අමතක නොවන රිය පැදවීමකට නම් වඩාත් සුදුසු වන්නේ වැහි වලාකුළුවලට මුවාවී හිරු බැසයන විට, ආලෝකය මෘදු ලෙස භූ දර්ශනය මතට වැටෙන විටය. එනිසාවෙන්ම මේ දිනවල අර්ධද්වීපයට අධික ලෙස වර්ෂාව ඇදහැලෙන වර්ෂාව කයිට්ස් දූපතට අපූර්වත්වයක් එක් කරයි.

කයිට්ස් හෙවත් ‘ඌර්කාවතුරෙයි’ අර්ධද්වීපයේ වූ විශාලම දූපතයි. වර්ග කිලෝමීටර් හැටපහක පමණ භූමියකි. දිගින් කිලෝමීටර් දහඅටක් හා පළල කිලෝමීටර් හතරක් පමණය. ඉතිහාස කරුණු ගවේෂණය කරන කල ක්‍රි.ව. දෙවැනි සියවසේ රජකළ වලගම්බා පාලන සමයේ දීපරාජ නම් අන්ධ කුමාරයකු නාගදීපය මුල්කරගෙන යාපනය පාලනය කළ බව සඳහන් වේ. අතීතයේ මෙය නම් ප්‍රසිද්ධ වරායකි. ඌරාතොටට කයිට්ස් යන නම ලබාදී ඇත්තේ පෘතුගිසීන් විසිනි. එය Caes dos Elefantes යන්නෙන් බිඳී ආ නාමයකි. මෙම පදයේ තේරුම ‘ඇතුන්ගේ තොට’ යන්නයි. පසුව Caes dos Elefantes යන නම පහසුවට Cais ලෙස හඳුන්වා ඇතත් පෘතුගිසීන් පලවා හැර ලන්දේසීන් යාපනයට පැමිණි පසු මෙම නම තවදුරටත් Cays ලෙසද ඉන්පසු කයිට්ස් Kayts ලෙස පරිනාමය වී ඇත.

දූපතේ තැන තැන වගුරුබිම් ඇත. එහිවූ එක් සංචාරක සන්ධිස්ථානයක් නම් පෘතුගීසීන් 1629 ඉදිකරන ලද බලකොටුවකි. ලන්දේසීන් යාපනය ආක්‍රමණය කළ පසු කයිට්ස් බලකොටුව නැවත ගොඩනැගීමට තැත් කර නොමැත. මීට හේතුව ඒ ආසන්නයේ පැවතුණු හැමන්හිල් බලකොටුව නිසා විය හැකිය. එකල මෙය හඳුන්වා ඇත්තේ ‘අයර් බලකොටුව’ Erie Fort යන නමිනුයි. හිරිගල්වලින් ඉදිකර ඇති මෙහි නටබුන් අධ්‍යයනය කිරීමෙන් මෙය අඩි 130ක් දිග හා පළල, සිලින්ඩරාකාර අට්ටාල 04ක් සහිත ඉතා පුළුල්වූ බිත්ති ඇති බලකොටුවක් බව සඳහන් වෙයි.

මීට නුදුරින් භූමියට මත්තෙන් මීටර් හාරසීයකට එහා සාගරය මධ්‍යයේ ඉදිකළ හැමන්හිල් බලකොටුව පර්චස් තිස්දෙකක භූමිය පුරා පැතිරුණු තවත් සංචාරක ස්ථානයකි. මෙය, key to Jaffna හෙවත් ‘යාපනයේ යතුර’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා දී තිබේ.

මේ බලකොටුව මුලින්ම හඳුන්වා ඇත්තේ ‘ෆෝටලෙසා රීල්’ හෙවත් රාජකීය බලකොටුව නමින්ය. කොරල් කපා 1618 දී පෘතුගීසී ආණ්ඩුකාර අන්තෝනියෝ ඩි අමරල් ඩි මෙනසස්ගේ අණ පරිදි මෙය ඉදිකරවා ඇත. පෘතුගීසින් යාපනය බලකොටුව ඉදිකිරීමෙන් පසු යාපනය නගරය සහ ඒ ආශ්‍රිත මුහුදු මාර්ගයේ ආරක්ෂාව තර කිරීම මෙය ඉදිකිරීමේ අරමුණ වී තිබේ. පාෂාණමය දිවයිනක වූ කොරල්පර කඩා සිමෙන්තියෙන් බඳින ලද මේ බලකොටුව 1658 දී මාස තුනක යුද වැදීමකින් පසු ලන්දේසීන් අත්පත්කරගෙන ඇත. පසුව ඔවුන් මේ බලකොටුව හැමන්හිල් ලෙස නම් කර ඇත.

ක්‍රි.ව. 1300 විසූ මාර්කෝ පෝලෝට අනුව නම් ‘සිලෝන් ලෝකේ හොඳම දිවයිනයි. තැස්මේනියාව භූමි ප්‍රමාණය සිරි ලංකාවට සමාන වුණත් ඔහුට අනුව සිලෝන් ලෝකේ හොඳම දිවයිනයි. ඇත්තටම සිලෝන් අඹ ගෙඩියක් වගෙයි. මේ අඹ ගෙඩියේ නැට්ට යාපනය අර්ධද්වීපයයි. අඹ ගෙඩිය නැට්ටෙන් වෙන්වෙන්නේ බෙංගාලබොක්ක අවට තද සුළු කුණාටු හා වර්ෂා සහිතව හෝරා එක දෙකකට, දින කිහිපයකට පමණක්මය. නමුත් අලිමංකඩ අවට වූ කළපුව හරහා ඉදිවී තියන රේල් පාර නිසා දැන් ඉතින් සිලෝන් තනි දිවයිනකි.

මාංශ අනුභවයට ප්‍රියකළ 1660 වර්ෂයේ යාපනය අත්පත්කරගත් ලන්දේසීන්ට අනුව නම් සිලෝන් ගිල දැමීමට මත්තෙන් ඔවුන්ගේ තොල කටට කෙළ උණන රස නහර පිනන ‘හැම්’ Ham එකක්‍ය. හැම් ගෙඩියේ හීල් එක වූයේ නම් යාපනය විය. Heel of the Ham. මේ නම් හැමන්හිල් බලකොටුව වටා ගෙතුණු අපූරු කතාවකි.
අෂ්ටාස්‍රයක හැඩය ගත් මෙම කොටුව තුළ ලන්දේසීන් ඔවුන්ගේ සිරකරුවන් රඳවා තබාගැනීම සඳහා බන්ධනාගාරයක් වශයෙන්ද යොදාගෙන ඇත. මෙම බලකොටු බන්ධනාගාරයේ වෙඩි බෙහෙත් තැන්පත් කර තැබීම සඳහා සාදන ලද විශාල කුටීර නවයකි.

1971දී හටගත් කැරලි කෝලාහල සමයේදී ශ්‍රී ලංකා රජය අත්අඩංගුවට ගත් සිරකරුවන් මෙම බලකොටුවෙහි රඳවා තබා ඇත. ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භ නායකයකු වන රෝහණ විජේවීර මහතාද මෙහි සිරමැදිරියක රැඳවූ බව සඳහන් වේ. පසුකාලීනව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් චූදිත සමුද්‍ර යාත්‍රිකයන් මෙම බලකොටු බන්ධනාගාරයෙහි රඳවන ලදී.

අද වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව යටතේ මෙම බලකොටුව පාලනය වෙයි. කලින් තිබූ පෙනුම වෙනස් කර ඇති මෙය, අද වන විට සංචාරක හෝටලයක් බවට පරිවර්තනය කර ඇත.

විදුනි බස්නායක

SendShareShare
Previous Post

පාරම්පරික කර්මාන්තකරුවන්ට ජම්මු කශ්මීර අණ්ඩුකාරයාගේ සහාය!

Next Post

පුටින් ඉල්ලගෙන කන ලකුණු! අමෙරිකාව-ප්‍රංශය-ජර්මනිය භයානක යුද අවි යුක්රේනයට එවයි!

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.