• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනාගෙන් නයිජීරියාවටත් පොල්ලක්!

February 26, 2022
in Politics
Reading Time: 4 mins read
A A
චීනාගෙන් නයිජීරියාවටත් පොල්ලක්!

FILE PHOTO: Nigeria's President Muhammadu Buhari speaks during a meeting with his South African counterpart Cyril Ramaphosa, in Pretoria, South Africa, October 3, 2019. REUTERS/Siphiwe Sibeko/File Photo

Share on WhatsAppShare on Facebook

නායකත්වයට සුදුස්සා සෑම අතින්ම පිරුණු අයකු හෙවත් “සර්ව සම්පූර්ණ” විය යුතු බව උතුම් කියමන් අතරින් එකකි. සෑම සියලු අයකුම සර්ව සම්පුර්ණ නොවන බවද තවත් ප්‍රකාශයකි. එමගින් සුළු සුළු ප්‍රමාද fදා්ෂ ගණන් නොගැනෙන බව කියැවේ. එහෙත් මහා පරිමාණයේ හිතාමතා කරන්නාවූ වැරදි නොවේ. ඒ අන්දමේ උදවිය ඒ ඇගයීමට නුසුදුස්සෝය.

“හැටකට නායකයා පුහුල් හොද්දෙන් නොකියන ප්‍රදේශය හේදුවා” යැයි ගම්මුන් කියන්නේ අන්න ඒ අයටය.

දැන් පේන හැටියට “චීනා”ද ඒ ජාතියේ කෙනකි. දෙන බවට පොරොන්දු වූ දේ නොදෙන්නෙකි. රට්ටු කියන අන්දමට බොරු පොරොන්දු කඩ කරන්නෙකි. දෙන්නට කැමැත්තක් නැත. කර අරියි. මඟහරියි.

චීනා ඒ අන්දමේ “අංචියක්” ඇද්ද රට නයිජීරියාවය.

තමන්ට පොරාන්දු සල්ලි චීනය නොදෙන බව කියන නයිජීරියාව මේ වන විටStandard Chartrered Bank පිළිසරණ පතා ගොස් තිබේ. මෙසේ ගොස් ඇත්තේ තමන්ගේ දුම්රිය ව්‍යාපෘති දෙකකට අරමුදල් සපයා ගැනීමටය.

නයිජීරියාවේ ප්‍රවාහන ජාලය සහ යල් පිනූ බලශක්ති ජාලය ප්‍රවර්ධනය කිරීම එරට ජනාධිපති මොහම්මදු බුහාරිගේ පාලනයේ මුදුන් කණු දෙකක් වශයෙන් සැලකේ.

මෙමගින් රටේ කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රය මෙන්ම ඉන්ධන නොයොදා මෙහෙයවිය හැකි කර්මාන්ත සංවර්ධනය කර රටේ වැනෙන ආර්ථිකය ස්ථාවර කර ගැනීම අභිප්‍රාය වේ. එහෙත් ඒ සඳහා ප්‍රාග්ධනය ගැටලුවකි.

මේ ප්‍රශ්නය විසඳා ගැනීමේ මාර්ගයක් වශයෙන් පසුගිය සතියේදී එරට පාර්ලිමේන්තුව ව්‍යාපෘති හා ඈඳුණු ණය වශයෙන් ඩොලර් බිලියන ගණනාවක් චීනය ඇතුළු ණය පහසුකම් සපයන වෙනත් ජාත්‍යන්තර රටවල් කීපයකින් සපයා ගැනීම වෙනුවෙන් යෝජනාවක්ද සම්මත කරගනු ලැබිණි.

එහෙත් තවමත් තත්ත්වය නම් එසේමය.

“අපි ඉල්ලපු ණය මුදල ලැබෙයි කියල අපි ඇඟිලි ගැන ගැන ඉන්නවා. එහෙත් ඒ අය ඇද ඇද යනව මිසක් අපේ ඉල්ලීම ඉටුකරන පාටක් පේන්න නෑ, අපට කොච්චර කාලයක් බලා ඉන්න වෙයිද? ඒත් පිළිතුරක් නෑ” නයිජීරියා ජනාධිපති මොහම්මදු බුහාරි මාධ්‍යයට කීවේය.

තම රේල් (දුම්රිය) ව්‍යාපෘති සඳහා ණය ලබාගැනීමට යුරෝපීය ණය පහසුකම් සපයන් ගණනාවක් සමගද සාකච්ඡා පැවැත්වූ බව එරට ප්‍රවාහන ඇමැති රොටිමි අමාචිඩ පැවසුවේය.

හාර්කෝට් සිට මයිදුගුරි දක්වා වූ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය වෙනුවෙන් Standard Chartrered බැංකුව ඩොලර් බිලියන දෙකයි දශම බිංදුවයි දෙකක් (2.02) පසුගිය ජූලිමාසයේදී සපයන බවට පොරාන්දු වූ බවද ඇමැතිවරයා මාධ්‍යයට කීවේය.
කානෝ, ජිගාවා සහ කත්සිනා යන ප්‍රාන්ත දක්වා සම්බන්ධ කෙරෙන පරිදි ක්‍රියාත්මක කානෝ සහ මරාදි දක්වා වූ අන්තර් දුම්රිය මාර්ගය සඳහා තවත් මූල්‍ය ආයතනයක් පහසුකම් සපයා දීමටද කැමැත්ත ප්‍රකාශ කර ඇති බවද ප්‍රවාහන ඇමැතිවරයා අනාවරණය කෙළේය.

“අපිStandard Chartrered බැංකුවට ගියා. ඒ ආයතනය මුදල් නොදෙන බව කීවෙ නෑ. කානෝ සහ මරාදි අන්තර් දුම්රිය මාර්ගය වෙනුවෙන් කිසියම් ප්‍රමාණයකට මූල්‍ය පහසුකම් අනුමත කර දුන්නා. දෙන බව පොරොන්දු වුණා.” හෙතෙම පැවැසුවේය.

එරට පිරිහුණු ප්‍රවාහන සේවයෙන් සහ යල් පැනගිය බලශක්ති පද්ධතියෙන් ගතවූ කාල පරිච්ඡේදයේදී ආර්ථික වාසියක් අත් නොවූ තරම්ය. නයිජීරියානු ජනගහනයෙන් සියයට හතළිහක්ම (40%) ජාතික ආර්ථික මට්ටමෙන් පහළ තලයට ගැනේ.

අමාත්‍ය මණ්ඩලය ඇමෙරිකානු ඩොලර් මිලියන එකසිය අසූ හතයි දශම හතක් (187.7) කොන්ත්‍රාත් ගෙවීම් වශයෙන් අනුමත කරන ලදැයිද ප්‍රවාහන ඇමැතිවරයා පැවසීය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

තෙල් රස්නෙන් ආණ්ඩුවම රත්වෙයි! බැසිල්-කබ්රාල් එළිපිට ඇරගනී! ඇමැතිවරු දෙකට බෙදෙයි! ජනපති අසරණ වෙයි!

Next Post

සේවක කැපවීමෙන් කාශ්මීරයට අඛණ්ඩව විදුලිය

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත්ද පසුගිය සතියේ සිය මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු කැඳවා මෙහෙයුම් කිහිපයක්ම ඔවුන්ට භාරදීමට පියවර ගත්තේය. ඉන් පළමු වැන්න...

Read more
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.