• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පූජාවට කලින් ඔබේ අවශ්‍යතාවය තෝරාගන්න…

February 20, 2022
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
පූජාවට කලින් ඔබේ අවශ්‍යතාවය තෝරාගන්න…
Share on WhatsAppShare on Facebook

ජ්‍යොතිෂය හා ගුප්ත විද්‍යාව මේ වන විට ජන ජීවිත හා එකිනෙකට බැඳී පවතින කාරණාවක් බවට පත්ව තිබේ. එහෙයින් බොහෝ දෙනා මේ විද්‍යාවන්ගේ උදව් උපකාර ලබමින් සිටිති. එහෙත් වර්තමානයේ මෙකී විද්‍යාවන් කෙරෙහි යොමුවන බහුතරය අතරින් වැඩි කොටසක් තමන්ගේ කාරණාවන්ට අවශ්‍ය සහාය හෝ පිහිට ලබාගත යුත්තේ කිනම් දෙවියන්ගෙන්ද යන්නත්, ඊට අවශ්‍ය අනෙකුත් කාරණා ගැනත්, ඒ ඒ යන්ත්‍ර මන්ත්‍ර ගැනත් හරි අවබෝධයක් නැති බව පෙනී යයි. මේ නිසා බොහොමයක් දෙනාට කිසි පිහිටක් ආරක්ෂාවක් ලැබෙනවාද යන්න සැක සහිතය. විශේෂයෙන්ම ජ්‍යොතිෂයටත් වඩා ගුප්ත විද්‍යාව මෙහිදී විශේෂ වෙයි.

ගුප්ත විද්‍යාව යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර යන තුන් කොටසක සම්මිශ්‍රණයක් වන අතර මෙය අටවැදෑරුම් අරමුණු අනුව කටයුතු කෙරේ. වශී කර්ම, ආකර්ෂණ කර්ම, මෝහන කර්ම, සතම්භන කර්ම, ශාන්ති කර්ම, විද්වේෂණ කර්ම, උච්චාවන කර්ම, මාරන කර්ම ආදී වශයෙන් ගුප්ත විද්‍යාවේ හොඳ මෙන්ම නරකද ඇතුළත්ය. ඉහත කී අටවැදෑරුම් අරමුණු අතර ශාන්ති කර්ම සහ ආකර්ෂණ කර්ම හැරුණු කොට අනෙක් හයම නරක ඒවාය.

සමහරු මන්ත්‍රයක් 3,7,9,21,27,108,1008 ආදී වශයෙන් යම් වාර ගණනක් ජපකිරීමට හේතුව විමසති. මෙයට දීමට ඇති සරලම පිළිතුර නම් ත්‍රිවිධ රත්නය සහ නව අරහාදී බුදු ගුණ යන සංකල්ප දෙක පමණකි. සමහර මන්ත්‍ර තුන් වරක් හත් වරක් සහ නවවරක් ආදී වශයෙන් ජපකෙරෙන අතර එසේ ජප කරන වාර ගණන නැවතත් දෙකේ තුනේ හතේ දොළහේ ආදී ගුණාකාරවලින් ජප කිරීමෙන් එහි ජීවමේ බලය වැඩි වශයෙන් ලැබේ. උදාහරණයක් ලෙස යම් මන්ත්‍රයක් වාර 9ක් ජප කළ යුතු යැයි සිතමු. එම මන්ත්‍රයම වාර නවය බැගින් දොළොස් වතාවක් එනම් 108 වතාවක් ජප කළ විට එහි බලය වඩාත් වැඩි වේ.

එමෙන්ම අද රට පුරා විවිධ දේවාලවල විවිධ හේතූන් සඳහා විවිධ දෙවිවරුන්ට පුද පූජා පැවැත්වීම කෙරෙනු ලැබේ. මේ අතර විෂ්ණු දෙවියන්ට, කතරගම දෙවියන්ට, ගණ දෙවියන්ට, දැඩිමුණ්ඩ දෙවියන්ට, සමන් දෙවියන්ට, සූනියම් දෙවියන්ට ආදී වශයෙන් විවිධ දෙවිවරුන්ටද ලක්ෂ්මි, සරස්වතී, පත්තිනි සහ භද්‍රකාලි ආදී වශයෙන් දේව මෑණිවරුන්ටද විවිධ හේතූන් උදෙසා පුද පූජා බාරහාර වන බව දැකිය හැකිය.

විශේෂයෙන් ග්‍රහ අපල ආදී හූනියම් ලෙඩ රෝග නඩුහබ සතුරු කරදර ආදී වශයෙන් එක් එක් කාරණාවලදීද දෙවියන්ගේ පිහිට පතන අය බොහෝය. ඒ අතර ඒ ඒ ග්‍රහ අපල සඳහා ඒ ඒ දෙවිවරුන්ට බාරහාර පුද පූජා පවත්වනු දැකිය හැකිය. උදාහරණ ලෙස රවීගෙන් වන අපලයට ඊශ්වර දෙවිඳුන්ට, සඳුගෙන් වන අපලයට සමන් දෙවිඳුන්ට, කුජගෙන් වන අපලයට කතරගම දෙවිඳුන්ට, බුධගෙන් වන අපලයට දැඩිමුණ්ඩ දෙවිඳුන්ට, ගුරුගෙන් වන අපලයට විෂ්ණු දෙවියන්ට, සිකුරුගෙන් වන අපලයට පත්තිනි දෙවියන්ට, රාහුගෙන් වන අපලයට සූනියම් දෙවියන්ට, කේතුගෙන් වන අපලයට විෂ්ණු දෙවියන්ට යනාදී වශයෙන් ඒ ඒ ග්‍රහ අපල සඳහා වෙන වෙනම දෙවිවරුන්ට බාරහාර පුද පූජා පවත්වනු ලැබේ.

එහෙන්ම එක් එක් කාරණාවලදීද මේ ආකාරයෙන් වෙන වෙනම දෙවිවරුන් තෝරාගෙන පුද පූජා පවත්වනු දැකිය හැකිය. සෞභාග්‍යය සඳහා ව්‍යාපාර දියුණුවට විෂ්ණු සහ ලක්ෂ්මී දෙවිවරුන්ටද, අධ්‍යාපන සහ විභාග කටයුතුවලදී සරස්වතී මෑණියන්ට සහ ගණදෙවිවරුන්ටද, ලෙඩරෝග, බිළිඳුන් වෙනුවෙන්, දරුවන් ලැබීමට සිටින ගැබිනි මවුවරුන්ට ආදී වශයෙන් පත්තිනි මෑණියන්ටද, නඩුහබ සතුරු කරදර ආදී කරුණු සඳහා භද්‍රකාලී මෑණියන්ටද ආදී වශයෙන් යම් යම් කාරණා සඳහා වෙන වෙනම දෙවිවරුන්ටද පුද පූජා පවත්වනු දැකිය හැකිය.

ප්‍රදේශ අනුව ගත් කල වන්නි ප්‍රදේශවල ගණදෙවියන්ට සහ රුහුණේ කතරගම දෙවියන්ට, සබරගමු පළාතේ සමන් දෙවියන්ට සහ දැඩිමුණ්ඩ දෙවියන්ටද, වයඹ පළාතේ ගම්භාර සූනියම් දෙවියන්ටද ආදී වශයෙන් පුද පූජා පැවැත්වීම සුලභව දැකිය හැකිය.

ඒ අතරම එක් එක් දෙවිවරුන්ට පූජා කළ යුතු මල් වර්ග සහ ඒවායේ වර්ණද, තෙල් වර්ග සහ පලතුරු වර්ග, රෙදිවල වර්ණ පවා වෙනස් වේ. මේ සියලු කරුණු අතර බැතිමතුන් අතර සහ දේවාලවල ඇදුරන් අතරද එක් එක් කාරණා සඳහා වෙන වෙනම දෙවිවරුන් සිටින බවටද විශ්වාස කෙරේ. නමුත් එම අදහස නම් ඉතා සාවද්‍ය කරුණක් බව කිව යුතුය. උදාහරණයක් ලෙස ගතහොත් සතුරු කරදර නඩුහබ ආදිය සඳහා භද්‍රකාලී දෙවියන් තෝරාගෙන සිටිති. නමුත් බොහෝ අය නොදන්නා කරුණ නම් ධනය, වාසනාව, සෞභාග්‍යය, බලය ආදිය සඳහා භද්‍රකාලී දේවියට පුද පූජා පවත්වා බාරහාර වීම සිදුකළ හැකිය. නමුත් විශේෂත්වය වන්නේ සතුරු කරදර සඳහා බාරහාර වීමේදී කරන පුද පූජාවලට හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයක් සෞභාග්‍යය සඳහා පුද පූජා පැවැත්වීමේදී අනුගමනය කළ යුතු වීමය.

භද්‍රකාලී, අරකාලි, ඔඩ්ඩිකාලි, සුලකපාලකාලි, භූමිකාලි, සොහොන්කාලි ආදී වශයෙන් භද්‍රකාලි දේවියගේ ස්වරූප හතක් ඇති අතර විවිධ කාරණා සඳහා භද්‍රකාලි දේවියගේ එක් එක් ස්වරූපය සඳහා පූජා පවත්වා තම අරමුණු ඉටුකරගැනීමේදී ඒ ඒ කාරණා සහ ස්වරූපයන්ට අවශ්‍ය මන්ත්‍ර සහ ස්තෝත්‍ර කියා පුද පූජා පැවැත්විය යුතුය.

ජ්‍යොතිෂවේදී, රෝහණ විජිත් කුමාර ගිරිඋල්ල

SendShareShare
Previous Post

ආණ්ඩුව සමාජ මාධ්‍යයට අත තියන්න ලෑස්ති වෙයි! නීති හදන්න සූදානම්! (VIDEO)

Next Post

AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන් වෙත ‘My Dentist’ උපදේශන සේවා සඳහා 15%ක වට්ටම්…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.