• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

නිමිති සහ සත්තු…

December 27, 2021
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
නිමිති සහ සත්තු…
Share on WhatsAppShare on Facebook

මෙරට ජනයාගෙන් බහුතරයක් සිය එදිනෙදා කටයුතු කාරණාවලදී ජ්‍යොතිෂයට අනුව අවශ්‍යතා ඉටුකරගැනීමට උනන්දු වෙයි. එහිදී සෙනසුරු රාහු, ආදී යුගයන් ගැන ජනයා දක්වන උනන්දුව මෙන්ම සුබ පලදෙන යෝග ආදිය ගැනත් උනන්දු වීම සිදුවේ. එමෙන්ම ගමනේදී බිමනේදී මෙන්ම අලුත් වැඩකදී සුබ නැකැත් සුබ මුහුර්ත ආදිය ගැන ඉතා උනන්දුවෙන් යුතුව කටයුතු කරන පිරිසද අතිවිශාලය. එසේ තමන්ගේ වැඩකටයුතු සාර්ථක කරගන්නට ජ්‍යොතිෂයේ පිහිට පතන බොහෝ දෙනා සිය සුබ ගමන් බිමන් ආදියේදී සතුන්ගේ ක්‍රියාකාරකම් කෙරෙහිද අවධානය යොමු කරති. එවැනි සතුන් අතර කටුස්සා, කපුටා, හූනා ආදියට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. සුබ ගමනක් යෑමට මුල් පියවර තබද්දී හූනකු ‘චික් චික්’ ගෑම අසුබ දෙයක් බවට බොහෝ දෙනාගේ විශ්වාසයයි. එමෙන්ම ගමන අතරතුර කපුටකු හඬලන ආකාරය, කපුටකු පැහැරීම ආදියද විශේෂ සංඥා බවට ජනයා අතර විශ්වාසයක් වෙයි.

මේ ආකාරයට විවිධ සතුන් ගැන පැරැණි පොතපතෙන් හෙළිදරව් කරන ආකාරය අනුව පතන පරිදි ඒ සතුන් ගෙන එන නිමිති හඳුනාගත හැකිය.

මෙහිදී කපුටාට හිමිවනුයේ සුවිශේෂ ස්ථානයකි. සෙනසුරුගේ වාහනය ලෙස සැලකෙන කපුටා කෙරෙහි ජනයා අතර ඇති විශ්වාසය අසීමිතය. ඒ අනුව කපුටා නිවෙස අසල ගසක වසා කරව් කළොත් නිසැකවම නෑයකු අමුත්තකු පැමිණෙන බවට පැවැසේ. එහිදී සිදුවන්නේ යම් නිවෙසක පිරිස නෑගමනක් යන්නට කරන කතාබහ අසා සිටින කපුටා අදාළ ගෙදරට ගොස් පණිවුඩය ලබාදීමට බවයි සැලකෙන්නේ. ඒ සඳහා කපුටාට උදව් කිරීමට අදාළ පවුලට සම්බන්ධ නොපෙනෙන බලවේග උදව් කරන බවයි පැවැසෙන්නේ.

එමෙන්ම කපුටකු හිස මත වැසීම තුළින් පෙන්වා දෙන්නේ සෙනසුරු අපලය පැමිණෙන බවට පෙරනිමිත්තක් බවද පැවැසෙනවා.

මෙහිදී කපුටාගේ විවිධ ක්‍රියාකාරකම් ගැන සුළුවෙන් තැකිය නොහැකිය. මන්ද කපුටා යනු දීර්ඝායුෂ ඇති සතෙකි. කපුටාගේ මරණයක් පහසුවෙන් දැකිය නොහැකිය. එනිසාම කපුටා ඉතා උනන්දුවෙන් වටපිටාව පරීක්ෂාකාරීව සිටින්නකු ලෙස ප්‍රකටය. කපුටා අනතුර කලින්ම දකී. එහෙයින් තමාට මෙන්ම අනුන්ටත් සිදුවන අනතුරු කපුටා හඳුනාගනී. එවැනි දේ අදාළ අයට හැඟවීමට කපුටා පසුබට නොවන්නෙකි.

කපුටු සංවාසයක් දැකීම අතිශයින්ම අශුභ සිද්ධියකි. එයින් මරණය ගැන ඉඟි පළවේ. එමෙන්ම ස්ථාන පාළු, අලාභහානි ගැනද මේ තුළින් කියැවෙන බවයි හඳුනාගත යුත්තේ.
එවැනි දර්ශනයක් දුටු විට එය ගණන් නොගෙන අමතක කර දමනවාට වඩා ඊට සුදුසු පිළියම් කිරීම වඩාත් සාර්ථක කටයුත්තක් බවට පැරැණි ඍෂි මතයේ සඳහන් වේ. මන්ද එයින් අනතුරු වළකා ගැනීමට හැකි බවයි පැවැසෙන්නේ.

එමෙන්ම හූනාද බොහෝ දුරට මිනිසාට සිදුවන අනතුරු හඳුනා ගන්නෙකි. එහෙයින් යම් ගමනක් අතරතුර හූනු හඬනැගීම නොසලකා හැරීමට ඇතැමුන් කටයුතු කළද එවැනි අවස්ථාවල අසුබ පල අත්විඳි වගට හඳුනාගෙන තිබේ. එහෙයින් මෙවැනි දේ නොසලකා හැරීම සුබ නොවන අතර මේ ආකාරයට සතුන් පෙන්නුම් කරන නිමිති ගැන බුද්ධිමත්ව සිතාබලා තමාගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීම සුබ වේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

කොණ්ඩදෙණියෙ හාමුදුරුවන්ගේ සුරය නිසා කෝටිපතියකු වූ ව්‍යාපාරිකයා…

Next Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ලෝයල්ටි රිවෝඩ්ස් වෙතින් සුවිශේෂ වට්ටම් සහ ප්‍රතිලාභ…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.