• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොණ්ඩදෙණියෙ හාමුදුරුවන්ගේ සුරය නිසා කෝටිපතියකු වූ ව්‍යාපාරිකයා…

December 27, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
කොණ්ඩදෙණියෙ හාමුදුරුවන්ගේ සුරය නිසා කෝටිපතියකු වූ ව්‍යාපාරිකයා…
Share on WhatsAppShare on Facebook

ඉතිහාසය ගැන විමසද්දී බොහෝ විශේෂිත පුද්ගල චරිත අපට හමුවෙයි. ඒ ඒ යුගයන්හි සිය හැකියාවන්ගෙන් නිපුණතාවන්ගෙන් සහ විස්මිත කැපවීම් තුළින් විවිධ වික්‍රමයන් පෑ බොහෝ දෙනෙක් ඒ අතර සිටිති. ඔහුවු තමන් සතු ඒ විස්මිත හැකියාවන්ගෙන් රටට ලෝකයට සහ ජනතාවට කළා වූ සේවයේ තරමට එකී නාමයන් ජන හදවත් තුළ නොමැකී පවතින මතක සටහන් බවට පත්ව ඇති වග මනාව පැහැදිලි වේ.

ඉතිහාසයේ විසූ එවැන්නන් අතර කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ සුවිශේෂ කෙනෙකි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කලාවේ පරතෙරට දැන සිටි උන්වහන්සේ එකී දැනම උපයෝගී කරගනිමින් බොහෝ පිරිසකට යහපතක් සැලසීමට කටයුතු කර තිබේ. කෙනකුගේ දුකක් දුටු තැන උන්වහන්සේගේ හදවත උණුවිය. කෙනකුට පිහිටක් විය හැකි නම් එය කෙසේ හෝ කරන්නට උන්වහන්සේ ඉදිරිපත් වූහ. එසේම අසාධාරණය දුටු තැන උන්වහන්සේගේ ඉවසීමේ සීමාව පැන්නේය. එකී සෑම තැනකදීම ගුප්ත බලයේ අසීමිත ශක්තිය කොතරම්ද යන්න උන්වහන්සේ ඔප්පු කර පෙන්වූයේ ප්‍රශ්නයට සාධාරණ විසඳුම් ලබාදෙමිනි.

එවන් තැන්වලදී ඇතැම් ප්‍රබලයෝද දණින් වට්ටන්නට උන්වහන්සේට හැකි විය. ඇතැම් අසත්පුරුෂයෝ යස අගේට මට්ටු කළ කොණ්ඩදෙණියේ හිමියෝ සිය යන්ත්‍ර මන්ත්‍ර හැකියාවෙන් විස්මිත දේද සිදුකළහ. යකඩ යකා යැයි ප්‍රචලිත දුම්රිය එන්ජින් පවා උන්වහන්සේගේ මන්ත්‍ර බලයට අවනතව කීකරුව නතර වෙද්දී ශක්තිමත් පොල් ගස් තණකොළ ගස් මෙන් පහළට නැවුණේය.
එතරම් බලයක් තිබූ කොණ්ඩදෙණියේ හිමියෝ ග්‍රහ දොස්, මාරක, අනතුරු, විපත් යෙදුණු ජන්මීන් ගැන අනුකම්පා කළහ. එවන් අපල යෙදුණු කුඩා දරුවන් දුටු විගස කළ හැකි උපරිම උදව්ව කිරීමට උන්වහන්සේ පසුබට නොවූහ.

අද අපේ කතානායකයා එවකට කුඩා දරුවෙකි. සිය පියාගේ පියා, එනම් ඔහුගේ සීයාගේ වුවමනාවට කුඩා කලදීම කොණ්ඩදෙණියේ හිමියන් හමුවට ගොස් ඇත්තේ උපන්දා සිට යෙදුණු විවිධ අනතුරු විපත් හේතුවෙනි. නමින් රණවීර වන ඔහු සිය අත්දැකීම් අප හට කියන්නට ඉදිරිපත් වූයේ පසුගිය කාලය පුරා ‘මව්රට’ පුවත්පතේ පළවූ කොණ්ඩදෙණියේ හිමියන්ගේ කතා කියවීමෙන් පසුවය. රණවීර මහතාගේ අත්දැකීම ඔහුගේම වචනවලින් මෙසේ සටහන් කරමි.

‘මගේ උපන් ගම ගම්පහ ප්‍රදේශයට ආසන්න ගමක්. ඒ කාලේ අපේ අත්තා, තාත්තා හොඳ ගොවියෝ. ඉතින් මායි අයියයි අක්කලා හතර දෙනයි එතරම් වයසක් නැහැ. මට එතකොට අවුරුදු පහක් විතර ඇති. අනෙක් පස් දෙනාම අවුරුද්දෙන් දෙකෙන් එකිනෙකාට වැඩිමල් වුණේ. මට යාන්තම් වගේ මතකයි මං හම්බවුණාට පස්සේ ගෙදර ප්‍රශ්න කරදර කියලා නිතරම අම්මා තාත්තා කතා වෙනවා. එතකොට අත්තා හොඳටම බණිනවා මං ගෙදර හිටියොත් පවුලටම අපලයි කියලා. තාත්තා නිතරම කිව්වා මාව මහණ කරවමු කියලා. අම්මා නම් ඒකට කැමැත්තක් තිබුණෙ නෑ. ඔය කතාව ඇහුණු ගමන් අපේ අත්තට හරියට කේන්ති ගියා. උන්දැ අනිත් අයට වඩා මට ආදරෙයි. දවසක් අත්තා කිව්වා තොපිට මේකාගෙන් අපල නම් මං ඕවිටේ කෑල්ලෙ පැලක් හදාගෙන මේ පොඩි එකාව ලොකු මහත් කරගන්නම් කියලා. ඊට පස්සේ වැඩිය කවුරුත් මාව මහණ කරන කතාව කිව්වේ නැහැ.

ඔය අතරේ දවසක් අත්තා කිව්වා පොඩි එකාව කොණ්ඩදෙණියෙ හුමුදුරුවන්ට පෙන්නමු කියලා. ඊට පස්සේ අත්තයි තාත්තයි මාව එක්කරගෙන කොණ්ඩදෙණියට ගියා. හාමුදුරුවෝ මගේ කේන්දරේ අරගෙන බැලුවා. මොකාද මේක හැදුවේ කියලා උන්වහන්සේ කේන්තියෙන් ඇහුවා. තාත්තා විස්තර කිව්වාම උන්වහන්සේ කේන්දර කොපිය අලුතෙන් හදලා ගණන් හදමින් ගොඩක් වෙලා මොන මොනවද බැලුවා. බලලා කිව්වා දරුවට මාරක හතරක් තියෙනවා. මෙහෙම නිකන් හිටියා නම් තව අවුරුදු තහරයි නැත්නම් පහයි කියලා. මේකට පිළියමක් කරන්න ඕනෙ කිව්වා. එතකොට තාත්තා ඇහුවා කීයක් යයිද හාමුදුරුවනේ කියලා. හාමුදුරුවෝ තාත්තා දිහා කන්න වගේ බලාගෙන ඉඳලා, ‘තමුන්ගේ මහ ලොකු සල්ලි බල්ලට දානවා. දරුවකුගෙ ජීවිතයක් බේරන්න හැකි නම් ඒකට ගණන් හිලව් කියන්න ඕන නෑනේ. මට ඕන ඇති කාසියක් නෑ’ කියලා. අපට දිනයක් දීලා එදාට එන්න කිව්වා.

ඒ දිනේට කියපු විදියටම අපි ගියා. ගිහින් හාමුදුරුවො හමු වුණා. උන්වහන්සේ මගේ කරේ යන්ත්‍රයක් බැන්දා. බැඳලා කිව්වා මේ කොලුවා කවදා හරි රටේම සල්ලි මිටි බඳින්න තරම් ප්‍රසිද්ධ වෙළෙන්දෙක් වෙයි කියලා. ඒ විතරක් නෙවෙයි අවුරුදු තිස්පහෙන් හතළිස් අටෙන් පනස් හයෙන් පරිස්සම් වෙනවා නම් හොඳයි කිව්වා.

මට ඔය දින මතකයේ ඇඳුණත් පස්සෙ කාලෙක මට බලාගන්න කියලා අපේ තාත්තා ලියලා තිබුණා. එදා හාමුදුරුවෝ කියපු කතා සේරම ඇත්ත වුණා. අර කියපු විදියටම අද මගේ බිස්නස් රටම දන්නවා. රටේම සල්ලි මගේ ළඟට එනවා. ඒ කියපු අවුරුදු දෙකත් දැනටමත් පහුවුණා. ඒ එක අවුරුද්දකදි ලංකාවේ ප්‍රසිද්ධ අනතුරකට මාත් අහම්බෙන් අහුවුණා. ඊළඟ අවුරුද්දෙදි අපේ අලුත් ගෙයි සිවිලිමේ ලයිට් සෙට් එක කඩාවැටුණා. එදා මං අනූනවයෙන් බේරුණා. ඒ විතරක් නෙවෙයි එදා උන්වහන්සේ කියපුවා අද වගේ මට මතකයි. ‘ග්‍රහයෝ මට්ටු කරන එක මට මහ කජ්ජක් නෙවෙයි. හැබැයි එහෙම කියලා කෝච්චියට බෙල්ල තියලා බැලුවොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඒක නිසා පරිස්සම් වුණොත් හොඳයි’ කිව්වා.

හාමුදුරුවෝ බැඳපු යන්ත්‍රය තාමත් මං ළඟ තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මට අවුරුදු අනූනවකට වඩා ජීවත් වෙන්න බැරි බවත් මං දන්නවා.

මොනවා වුණත් කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ කියන්නේ යන්ත්‍ර මන්ත්‍රවලින් උපරිම වැඩ ගත්තු කෙනෙක්. මං අද මෙහෙම ඉන්නේ උන්වහන්සේ නිසයි.

සත්‍ය කතාවකි. නම් ගම් මනඃකල්පිතයි
කුමාර රත්නායක

SendShareShare
Previous Post

AIA ඉන්ෂුවරන්ස් FITIS ඩිජිටල් විශිෂ්ටත්ව සම්මාන උළෙලේ විශිෂ්ටතම ස්වර්ණ සම්මානය දිනා ගනියි…

Next Post

නිමිති සහ සත්තු…

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.