ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ලෝයල්ටි රිවෝඩ්ස් දිවයිනේ ප්‍රමුඛ ආයතන රැසක් සමගින් එක්ව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පූර්ණ රථවාහන රක්ෂණ ඔප්පු හිමියන් සඳහා මෙම උත්සව සමයේ සුවිශේෂ වට්ටම් සහ ප්‍රතිලාභ රැසක් ලබාදෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රථවාහන රක්ෂණ පහසුකම් සැපයුම්කරු ලෙසින් පාරිභෝගිකයන්ට නිරන්තරයෙන්ම සුවිශේෂ සේවා අත්දකීමක් ලබාදෙන අතරම පූර්ණ රක්ෂණ හිමියන් සඳහා ලොයල්ටි රිවෝඩ්ස් යටතේ වරප්‍රසාද ලබාදෙන ශ්‍රී ලංකාවේ එකම රථ වාහන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ලෙස හැඳින්විය හැකියි. මෙම ප්‍රතිලාභ ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් පූර්ණ රථවාහන රක්ෂණ හිමියන්ට විවිධ කාණ්ඩ ගණනාවක් යටතේ ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව තිබේ.
මේ යටතේ සූරිය රිසෝට් ඇන්ඩ් ස්පා, සීගිරිය කැසැන්ඩ්‍රා කල්චර් රිසෝට් , අර්ල්ස් රජරට හෝටලය, ලක්රාජ් හෝටලය, ට්‍රයිබ් යාල, සිට්‍රස් වස්කඩුව සහ හික්කඩුව හෝටලය, ජෝස් රිසෝට්, මෝක්ෂ හෝටලය, දඹුල්ල ඔක්සිඩන්ටල් පැරඩයිස් හෝටලය සහ ඊගල් රීජන්සි හෝටලය මගින් 50% දක්වා වට්ටමක් ලබාගත හැකිය.
එසේම ලංකාවේ ප්‍රමුඛ පෙළේ රථවාහන සේවා සලසන්නන් රැසකගෙන් ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාවද මෝටර් ප්ලස් පූර්ණ රක්ෂණ හිමියන්ට හිමිවේ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් පූර්ණ මෝටර් රථ රක්ෂණ ඔප්පු හිමියන්ට ඔවුන්ගේ පූර්ණ මෝටර් රථ රක්ෂණ කාඩ්පත අදාළ සේවා ස්ථානයට ඉදිරිපත් කිරීමෙන් මෙම සුවිශේෂ ප්‍රතිලාභ භුක්ති විඳීමේ හැකියාව තිබේ.











