• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබ උපදිනකොට රාහු හිටියෙ කොහෙද?

December 25, 2021
in Astrology, Kendaraya
Reading Time: 6 mins read
A A
ඔබ උපදිනකොට රාහු හිටියෙ කොහෙද?
Share on WhatsAppShare on Facebook

රාහු පළමුවැන්නේ නම්

රාහු ලග්නයේ සිටි විට ශරීරය උස් වීමටත්, සිහින් සිරුරක් ඇතිකිරීමටත් හේතු වෙයි. කිසියම් කාර්යයක් කිරීමට කිසි විටෙක මැළි නොවන්නෙකි. කඩිසරව වැඩ කටයුතු කරනු ඇත. ඇවිදීමට වැඩි ප්‍රියතාවක් දක්වන්නෙකි. විරුද්ධවාදීන් මැඬගෙන ඉදිරියටම යෑමේ හැකියාව ඇත. උස්පහත්කම් කිසි විටෙක නොසලකයි. දුප්පතා හෝ පොහොසතා අතර කිසිම වෙනසක් නොදකින අයකුගේ රාහු පළමුවැන්නේ පිහිටා තිබෙනු ඇත. අන් අයගේ දැනමුතුකම් ලබාගැනීමට ප්‍රියාතාවක් නොදක්වයි.

රාහු දෙවැන්නේ නම්

රාහු දෙවැන්නේ සිටින පුද්ගලයන්ගේ දත් මනා ලෙස නොපිහිටයි. එසේත් නැත්නම් දත් බොල්ලැ වීම හෝ ඉක්මනින් දිරාපත් වීමක් සිදුවෙයි. මොවුන්ගේ කතා විලාසය අන් අයගේ සිත් රිදවීමට බොහෝ දුරට ඉඩ ඇත. තමාගේ කුඩා කාලය පියාට අපල ගෙන දෙන කාලසීමාවකි. අතට මුදල් කොතරම් ලැබුණත් එසැණින්ම ඒවා වියදම්වී යනු ඇත.

රාහු තෙවැන්නේ නම්

අන් අයගේ බසට අවනත නොවන මොවුන් තමාට සිතුණු දේ කිරීමට නොපසුබට වෙයි. එබැවින් යම් දෙයක් කිරීමට පෙර බොහෝ දේ ගැන සිතා කල් නොයවන ගතිය ඇතිවේ. නමුත් මොවුන් අකීකරු අය නොවේ. තම ගෙදරට සහෝදරයන්ට ඉතා හොඳින් සලකන්නෙකි. ඔවුන් සමීපව ඇසුරු කරයි. විවාහවූ පසු තම සහකරුට හෝ සහකාරියට ඉතා හොඳින් සලකයි. උපන් තත්ත්වයට වඩා කිහිප ගුණයකින් උසස් වෙයි.

රාහු හතරවැන්නේ නම්

දුරදිග බලා කටයුතු නොකරන පුද්ගලයන්ගේ රාහු හතරවැන්නේ පිහිටා ඇත. නිවෙසෙහි කාලය ගත කරන්නේ ඉතා අඩුවෙනි. රැකියාවන් සඳහා ගමින් ගමට යෑමට සිදුවෙයි. රැවටිලි වංචාසහගත ක්‍රියාවන්ට පහසුවෙන්ම හසුවෙයි. තමාගේ මහන්සියේ තරමට රැකියාවෙන් හොඳ වැටුපක් නොලබනු ඇත. උෂ්ණ රෝග ඇතිවේ. සිතේ නොසන්සුන් ගති ඇති කරයි. දේපළ පිළිබඳ නොයෙකුත් පැටලිලි ඇතිවේ.

රාහු පස්වැන්නේ නම්

රාහු පස්වැන්නේ සිටි විට බාධක මැදින් තම අධ්‍යාපන කටයුතු කරගෙන යනු ඇත. උස්වූ සිරුරක් හිමිවෙයි. විවාහය සාර්ථක වෙයි. දරුපල මඳය. ලැබෙන දරුවන්ද පිරිමි දරුවන් වීමට බොහෝ සේ ඉඩ ඇත. ඔවුන් සමග සමීපව ඇසුරු කළද දරුවන් කාලයත් සමග තමාගෙන් දුරස්වී යයි.

රාහු හයවැන්නේ නම්

දරුණු රෝගාබාධවලට මුහුණපෑමට සිදු නොවේ. සුළු වශයෙන් බඩේ අමාරුකම් නිතර සෑදිය හැකිය. ගුණ නුවණින් යුතු අයෙකි. සමාජයේ ප්‍රසිද්ධියට පත්වෙයි. ලැබෙන සහකරු හෝ සහකාරිය ඉතා යහපත් අයකු වනු ඇත. නමුත් දරුපල අඩු වෙයි. තමා හොඳින් නොහඳුනන අය සමග ඇසුරු නොකරයි. සතුරන් පරාජය කිරීමට හැකි වන අතර සතුරන්ව නොසලකා හැරීමද මොවුන් තුළින් දැකිය හැකි විශේෂ ලක්ෂණයකි.

රාහු හත්වැන්නේ නම්

රාහු හත්වැන්නේ සිටින විට කාමාශාව අධික වෙයි. එබැවින් තරුණ වයසේදීම විවාහ දිවියට ඇතුළත් නොවුණහොත් රහසින් හෝ වෙනත් අයකු සමග සම්බන්ධතාවක් ගොඩනගාගනියි. විවාහය මුලදී සාර්ථක වුවද පසු කලෙකදී එය අවුල්වී යෑමට ඉඩ ඇත. සහකරු හෝ සහකාරිය තමාගෙන් වෙන්වී යෑමට ඉඩ ඇත. නමුත් වෙනත් ග්‍රහ පිහිටීම් අනුව මෙම තත්ත්වය වෙනස් වීමට පුළුවන.

රාහු අටවැන්නේ නම්

අන් අයගේ මතවලට ගරු නොකරන මොවුන් වැඩිහිටියන් පවසන දෑ කනකට නොගනියි. ඒ, තමා ඔවුන්ට වඩා වැඩි දැන උගත්කමින් යුතු අයකු බව සිතන නිසාය. ඉදිරියේ කළ යුතු කාර්යයන් පිළිබඳ කිසිදු සැලැස්මක් නැති බැවින් ඔවුන් ඒ සඳහා සූදානම් වීමක්ද නැත. ඇසටත්, කනටත් අතර ඔළුලේ කැළලක් ඇතිවේ.

රාහු නවවැන්නේ නම්

රාහු නවයේ සිටි විට වන්දනා ගමන්වල යෙදීමටත් වෙනත් ගමන්වල යෙදීමටත් ප්‍රිය කරයි. පොතපත පිළිබඳ ඉගෙනීම විභාග ආදියෙන් එතරම් සාර්ථක නොවුණත් පළපුරුදුකම් මත දැනුම දියුණු වෙයි. සිතේ සන්සුන්කම අඩුවිය හැකිය. විවාහක සහකරු හෝ සහකාරියගේ සහෝදර සහෝදරියන් ප්‍රසිද්ධ අය වනු ඇත. නමුත් ඔවුන් සමග එතරම් සමීප සම්බන්ධතාවක් පවත්වන්නේ නැත.

රාහු දහවැන්නනේ නම්

රාහු දහවැන්නේ සිටී නම් තම මවුපියන්ට කරදර ඇතිවීමට හේතුයි. දේශපාලන කටයුතුවලට සිත යොමුවේ. තම රැකියා ස්ථානයේ ප්‍රධානීන්ට පවා විරුදධව කටයුතු කරන්නෙකි. ඕනෑම කාර්යයක් නුපුරුදු දෙයක් වුවද හුරු පුරුද අයකු සේ නොපැකිලව කරගෙන යයි. වැඩකටයුතුවලට දක්ෂයකු වෙයි. බලවත් අය තමාගේ පැත්තට හරවාගැනීමට මොවුන්ට ඇත්තේ සුවිශේෂ හැකියාවකි.

රාහු එකොළොස්වැන්නේ නම්

රාහු එකොළොස්වැන්නේ සිටි විට මුදල් ඉපයීමට දක්ෂයෙකි. ධනය ඉපැයීම මොවුන්ගේ මූලික අරමුණයි. පන්ති භේදයකින් තොරව ඕනෑම තරාතිරමක පුද්ගලයන්ව ඇසුරු කිරීමට දක්ෂයෙකි. එමෙන්ම ඔවුන්ගෙන් ඵල ප්‍රයෝජන ගැනීමටද මොවුන් තුළ ඇති හැකියාව ඉහළය. රැවටිලි වංචාවලට යම් යම් අවස්ථාවලදී හසුවනු ඇත. සමාජ සේවයට කැපකිරීමට කාලයක් මොවුන්ට නැත. එය තම ලාභ අඩුවීමක් සේ මොවුන් දකියි. මේ නිසා අඩුම තරමින් අන් අයට උදව් උපකාර කිරීමක්ද නැත.

රාහු දොළොස්වැන්නේ නම්

ඉගෙනගන්නා කාලයේදී රාහු දශාව ලැබුවේ නම් ඉගෙනීම කඩාකප්පල් වනු ඇත. ජීවිතයේ මුල් කාලයේ ස්ථිරත්වයක් නොමැති වෙයි. කිහිප වරක්ම ස්ථාන මරුකිරීමට සිදුවේ. රැවටිලිවලට පහසුවෙන්ම හසුවෙයි. අගහිඟකම්වලින් හා අඩුපාඩුවලින් ජීවිතය ගතකිරීමට සිදුවෙයි. පියාට අපල ඇතිකරයි. නමුත් රාහු බල සහිතව පිහිටා සිටියහොත් සියලු අසුබ පල දුරුවී සුබ පල ළඟා කරදෙනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

කුරුණෑගල පාරකදී යතුරුපැදිවලට ගොඩවන්නෙ පිල්ලියක්ද?

Next Post

AIA සේවාලාභීන්ට රක්ෂණ වාරික පහසුවෙන් ගෙවීමට ක්‍රම රැසක්…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අදටත් රටේ ගොවි ජනතාවට සිදුවන ඛේදවාචකය ගැන කණගාටුවට පත් වන බවත් පසුගිය මැතිවරණ සමයේ ගොවි බිමට බැස ගොයම් කකා වීවලට...

Read more
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.