• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුරුණෑගල පාරකදී යතුරුපැදිවලට ගොඩවන්නෙ පිල්ලියක්ද?

December 19, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 4 mins read
A A
කුරුණෑගල පාරකදී යතුරුපැදිවලට ගොඩවන්නෙ පිල්ලියක්ද?
Share on WhatsAppShare on Facebook

දහවල් කාලයේ ජනයා නිතර ගැවසුණු මංමාවත් රාත්‍රිය උදාවත් සමගම තරමක් හුදෙකලාවී තිබිණි. විටින් විට යනෙන වාහනයක් දෙකක් හැරුණු විට ප්‍රධාන මාර්ගද නිහඬ නිසසල හුදෙකලා ස්වභාවයක් පෙන්නුම් කළේය. කුරුණෑගල නගරය දෙසින් සීරුවට ගමන් කළ යතුරුපැදියක් කොළඹ දෙසට දිවෙන ප්‍රධාන මාර්ගයේ ගමන් කර තරමක් අඳුරින් පිරුණු හුදෙකලා මාර්ගයකට හැරවූයේ යම් ආගන්තුක ස්වරූපයෙනි. යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා විටින් විට වටපිට බලමින් යමක් ගැන සෝදිසියෙන් ගමන් කරන බවක්ද පෙනෙන්නට තිබිණි.

නගර සීමාව පසුකර කිලෝමීටර් හය හතක පමණ දුරක් එම මාර්ගයේ ගමන් කළ යතුරුපැදිකරු සිය ජංගම දුරකතනය අතට ගෙන ඇමතුමකට සම්බන්ධ වූයේ තරමක් කලබලයෙනි.

‘හලෝ… ඔව්, මං මේ ලොකු මාර ගහක් තියෙන තැන ඉන්නෙ. ආ තව ඉස්සරහද, ඔව්. හරි හරි මං එතැනින් හරවන්නම්. හරි හරි…’

යතුරුපැදිකරු සිය දුරකතනය යළිත් සාක්කුවේ දමාගෙන යතුරුපැදිය පණගන්වා ගත්තේය. පෙරටත් වඩා උනන්දුවෙන් වටපිට බලමින් ඉදිරියට ගමන් කළ හෙතෙම තවත් බොහෝ දුරක් ගමන් කර තවත් අඳුරු මාවතක් සහිත තුන්මං හන්දියකින් යතුරුපැදිය හරවා ගත්තේය. මංසන්ධිය පසුකරනවාත් සමගම මළානික විදුලි පහනක් දැල්වෙමින් තිබුණේය. එහි ආලෝකය වැටෙන නොවැටෙන සීමාවේ කුඩා බස් නැවතුමක්ද විය. එහි සිටි තරුණියගේ රුව යතුරුපැදිකරු දුර තියාම දුටුවේය. තරුණියද යතුරුපැදිය දුටු විගසම මාර්ගයට පියවර කිහිපයක් තබා ඉදිරියට විත් අත දිගු කළේ උදව්වක් අවශ්‍ය බව අඟවමිනි. යතුරුපැදිකරු තිරිංග තද කළේ අනපේක්ෂිත යමක් සිදුවූවාක් මෙනි. තරුණිය කතාකරන්නත් පෙර යතුරුපැදිකරු කතා කළේය.

‘කොහොමද? මං එහා හන්දියට යනවා. යනවා නම් නඟින්න…’

තරුණිය කතාබහක් නැතුවම නැඟගත්තේය. යතුරුපැදිය වේගයෙන් ඉදිරියට ඇදිණි. තමාගේ ගමනාන්තයට තවත් හන්දියකින් ගමන වෙනස් කළ යුතු බව දත් යතුරුපැදිකරු අනෙක් මංසන්ධියේදී යතුරුපැදිය නැවැත්වීය. තරුණිය බැසගත් අතර යතුරුපැදිය එතැනින් වෙනත් දිශාවකට හැරී ගමන් කළේය.

එතැනින් එම ගනුදෙනුව නතර විය. යතුරුපැදිකරු සිය හිතවතාගේ නිවෙසට ගොස් පළමු පැයේදීම තවත් අමතර කටයුත්තක යෙදිණි. ඒ, මංගල කටයුත්තේ සැරසිලි සඳහා පැමිණි අයකු ආපසු කැඳවාගෙන යෑමටය. එම ප්‍රදේශයේ මාර්ග ගැන දන්නා කියන එම කාන්තාව රැගෙන ඉතා කෙටි මාර්ගවලින් නගරයට ගිය යතුරුපැදිකරු ආපසු ආවේ මුලින්ම එම නිවෙසට ගිය මාර්ගයේමය. පෙර වතාවේ මෙන්ම එම ස්ථානයේම තරුණියක සිටිනු දැක යතුරුපැදිකරු සිතුවේ ඒ අසල ඇඟලුම් කම්හලක් ඇතැයි කියාය. පෙර වතාවේ මෙන්ම තරුණියද යතුරුපැදියට අත දමා ඊට නැඟගත්තාය. පෙර තරුණියගේ විලවුන් සුවඳට සමාන සුවඳක් දැනුණද ඇගේ ඇඳුමේ වෙනසක් ඔහුට පෙනිණි. පෙර ආකාරයෙන්ම තරුණිය බැසගත් අතර යතුරුපැදිකරු නිවෙස බලා පිටත් විය.

‘යකෝ අර හන්දියෙන් හරවපු දෙසැරෙම කෙල්ලො දෙන්නෙක් මේකෙ නැගලා ආව. මුන්ට බය නැද්ද ඔහොම යන්න…’

යතුරුපැදිකරු සිය මිතුරකු සමග පැවැසුවේ තේ පානය අතරතුරය. මිතුරා විමතියෙන් දෑස් විසල් කරගත්තේය.

‘කෙල්ලො, මේ රෑ උඹගෙ බයිසිකලේට නැග්ගද…?’

‘නැත්නම්, ලස්සන කෙල්ලො බං…’

දෙදෙනාගේ කතාව අසා සිටි තවත් අයකු ඊට සම්බන්ධ වූයේ තමාගේ යතුරුපැදියටද තරුණියක නැගි බව පවසමිනි.

පසුව විපරම් කර බලද්දී එම ප්‍රදේශයෙන් ගමන්ගත් යතුරුපැදි රැසකටම මෙම තරුණිය ගොඩවී ඇති බවත්, කිසිවකුට කිසිදු අනතුරක් කර නැති බවත් හෙළි වී ඇති අතර ප්‍රදේශයේ තරුණ පිරිස් මේ තරුණිය හමුවේදැයි සිතා තනිව යතුරුපැදිවලින් ගමන් කළද එවන් අයට ඇය හමු නොවීමද විශේෂත්වයකි. යතුරුපැදි හැර වෙනත් වාහනවලට ඇය ගොඩ නොවන බවත්, ඇගේ එක් අතක කුඩා පාර්සලයක් ඇති බවත් මේ අත්දැකීමට මුහුණ දුන් බොහෝ දෙනා පවසා ඇත.

එමෙන්ම පසුගිය දිනෙක මෙම තරුණිය අත දැමූ පසු නතර නොකොට පැමිණි යතුරුපැදියක් අතරමඟදී ක්‍රියා විරහිතව ඇති අතර එම යතුරුපැදිකරු පසුතැවීමට පත්ව ඇත්තේ එම තරුණියට උදව් කරන්නට තිබූ බව සිතමිනි. යතුරුපැදිය කෙසේ හෝ පණගන්වාගෙන ආපසු ගොස් එම තරුණිය කැඳවාගෙන ආ යුතු යැයි ඔහු සිතා ඇති අතර යතුරුපැදිය දෝෂයකින් තොරව පණගැන්වී ඇති බවද ප්‍රචාරය විය. ඒ අනුව ආපසු ගොස් තරුණිය කැඳවාගෙන විත් තිබේ.

කිසිදු අවස්ථාවක දෙදෙනකු ගමන් ගන්නා යතුරුපැදිකරුවන්ට ඇය හමු නොවීමද විශේෂත්වයක් බවයි පැවසෙන්නේ. මෙම කතාව දන්නා ප්‍රදේශයේ පිරිස් පවසන්නේ ඇය මීට වසර ගණනාවකට පෙර එම ප්‍රදේශයේ රන් භාණ්ඩ උකස් ගන්නා ස්ථානයක් අසලදී යතුරුපැදියක ගැටී මියගිය තරුණියකගේ ආත්මය බවය. එහෙත් තවත් පිරිසක් කියනුයේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කට්ටඬි මහතකු විසින් පණ දුන් පිල්ලියක් මෙසේ ඔහුගේ පාලනයෙන් ගිලිහී සැරිසරන බවකි.

කෙසේ නමුත් ඇයගෙන් කිසිවකුට කරදරයක් වී නැති බව නම් සියලු දෙනාගේ විශ්වාසය වී ඇති අතර තවමත් විටින් විට ඇය හමුවන බවද බොහෝ අය පවසති.

සත්‍ය කතාවකි. නම් ගම් මනඃකල්පිතයි.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

සෙලාන් බැංකුවේ කොල්ලුපිටිය ශාඛාව දැන් ගාලු පාරේ…

Next Post

ඔබ උපදිනකොට රාහු හිටියෙ කොහෙද?

MORE NEWS

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.