• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ජීවිත අඳුරු කරන බහිරව බැල්ම…

December 25, 2021
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
ජීවිත අඳුරු කරන බහිරව බැල්ම…
Share on WhatsAppShare on Facebook

බහිරව බැල්මක් බහිරව දෝෂයක් මේ ආදී විවිධාකාර හැඳින්වීම් සහිතව පෙන්වා දෙන යම් ආකාරයක හානිදායක ක්‍රියාවන් සමුදායක් වෙයි. මේවා ඇසට නොපෙනෙන විවිධාකාර හේතු කාරණා මුල් කරගෙන සිදුවන විනාශකාරී දේවල් වීමටද බොහෝ දුරට ඉඩ තිබේ. විශේෂයෙන්ම යම් ස්ථානයක භූමියක හෝ නිවෙසක සිටින පුද්ගලයන්ට විවිධ කාරණා මුල් කරගනිමින් අනතුරු උපද්‍රව සිදුවීම ඉතා බුද්ධිමත්ව විමසා බලා එය බහිරව දෝෂයකින් සිදුවන්නක්ද යන්න හඳුනාගත යුතුය. එසේ හඳුනා ගන්නා දෝෂ සඳහා පිළියම් කිරීම මෙන්ම ස්ථාන වෙනස් කිරීම් ආදියද බොහොමයක් ප්‍රතිකර්මවලදී සිදුවේ.

කෙසේ නමුත් භූමියට අධිපතිත්වය හෝ එම ස්ථානයට අධිපතිත්වය දරන බහිරව දේවතාවා සතුටට පත් නොකර ඔහුගේ අනවසරයෙන් යමක් කිරීම බහිරව දෝෂයට ලක්වීමට ප්‍රධාන කාරණාවක් සේ සැලකෙන බැවින් තමන් අලුත් තැනක අලුත් දෙයක් කරන විට මේ ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

කෙසේ නමුත් බහිරවයා කියූ සැණින් සෑම කෙනකුගේම මනසට නැගෙනුයේ යම් බියකරු රූපයකි. එසේම සිත තුළ තිගැස්මක් ඇතිවීමද සාමාන්‍ය දෙයකි. බහිරවයන් පිළිබඳ කතාකිරීමේදී වස්තුව ධනය මුතු මැණික් රන් රිදී ආදිය අමතක කළ නොහැකිය. මන්ද බොහෝ බහිරවයන් මෙම වස්තුවට ආශා කරමින් ඒ ඒ වස්තූන්ට බැල්ම හෙළමින් වාසය කරන්නන් බව පැවැසෙන නිසාය.

එහිදී අතීතයේ අද මෙන් සිය ධනය ආරක්ෂා කරගැනීමට දියුණු තාක්ෂණික ක්‍රම නොතිබීම හේතුවෙන් එකල බොහෝ ධනවත් පිරිස් සිය ධනය විවිධ තැන්හි රඳවා තබා ඇත. එවැනි ස්ථාන ලෙස ගල්, ගස් මෙන්ම මහ පොළොවද යොදාගෙන ඇති අතර එසේ රඳවා තැබූ ධනය කාලාන්තරයක් නොගැනීම මත ඒවා එම ස්ථාන තුළම නිදන් බවට පත්ව ඇත. එසේ නිදන් වූ වස්තුව මිහිපිට වෙසෙන බහිරවයන්ට පෙනෙන බවටද මතයක් වෙයි. එනිසා එම බහිරවයන් අදාළ ස්ථානවල නතරවී එම ධනයට ආශාවෙන් රැඳී සිටින බවත්, එසේ රැඳී සිටිමින් එම ධනයට කාගෙන් හෝ අනතුරක් වේ යැයි සිතුණහොත් එම පුද්ගලයන්ට විපත් පමුණුවන බවටත් විශ්වාසයක් වෙයි.

එසේම රත්නපුරය ආදී ප්‍රදේශවල ඇති මැණික් ඉල්ලම්ද බහිරවයන්ට හොඳින්ම පෙනෙන බව පැවැසෙයි. එනිසා ග්‍රහ තත්ත්වය බලවත් නොවූ පතල්කරුවන් හෝ අදාළ පුද පූජා නොකළ පතල්කරුවන්ගේ මැණික් ඉල්ලම වෙනත් පැත්තකට රැගෙන යන බවටද විශ්වාසයක් වෙයි. එසේම බොහෝ මැණික් පතල් හිමියන්ට මැණික් ලැබෙන්නත් මෙම තත්ත්වය බලපාන බවට විශ්වාස කෙරෙන අතර, යම් ලෙසකට අදාළ පුද පූජා තැබීමෙන් පසුව ඇතැම් පතල් හිමියන්ට මැණික් පතල් හමුවනුයේ මැණික්වලට බැල්ම හෙළ සිටින බහිරවයාගෙන් තිබූ බාධාවන් ඉවත් වීමෙන් බවට විශ්වාස කෙරේ.

බහිරවයන්ගේ වාසස්ථාන ලෙස ඇතැම් ඉඩම්ද තෝරාගෙන තිබෙනවා. යම් ලෙසකට බහිරවයන් ප්‍රිය කරන යමක් යම් ඉඩමක ඇත්නම් එම ඉඩම බහිරවයාගේ වාසස්ථානය සඳහා තෝරා ගැනෙනවා. එවැනි බහිරව වාසස්ථාන ඇති ඉඩම්වල විශාල නාගයන් සිටින බවටත් මතයක් තිබෙනවා. බහිරව දෝෂ ගැන හඳුනාගත හැකි තවත් සාධක කිහිපයක් ගුප්ත විද්‍යාවේදී හඳුන්වා දී තිබෙනවා. ඒ අතරින් රාත්‍රියට විවිධ ආලෝක ඇතිවීම, මිටි විරූපී මිනිසුන් පෙනීම, ඉඩම්වල පදිංචිකරුවන් රාත්‍රියට සිහිනෙන් බියට පත්කිරීම, ඉඩමට කළු හරක් ඒමට පටන්ගැනීම, ඉඩම්වලින් පලදාව ලැබුණු ගස් නිසරු වී ආදායම අඩුවීම වැනි දේත් ප්‍රසිද්ධයි. බොහෝ දුරට බහිරවයන් කෝප වූ විට මේ තත්ත්වය වැඩි වෙනවා කියලත් කතාවක් තිබෙනවා.

මේවා සරලව සිතීම අනිටු පල ඇතිකරන්නට සමත් වෙනවා. එනිසා තමන් සිටින ඉඩමේ බහිරවයන්ට අයත් යමක් ඇතැයි සැකයක් වේ නම් පහනක් දල්වා, බහිරවයාට ඔහුගේ වස්තුව තබාගන්නා ලෙස පවසා තමන්ට එම වස්තුව අනවශ්‍ය බැවින් තමාටත් පවුලේ අයටත් ආර්ථිකයටත් කරනා හානිය නතර කරන ලෙස ඉල්ලා සිටීමෙන්ම ඔබට බහිරව කරදරයෙන් මිදී සුව සේ ජීවත් වීමට වාසනාව උදාවනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂ හා අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

කාටත් රහසේ උඩමළුවේ සිදුවන මහා පූජාව…

Next Post

SLT-MOBITEL 2020 වාර්ෂික වාර්තාවට ජාත්‍යන්තර සම්මාන දෙකක්…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ...

Read more
‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.