ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL20 වාර්ෂික වාර්තාවට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සම්මානයක් හිමි වී තිබේ. පසුගියදා පැවති ‘ARC International Awards 2021’ සම්මාන උළෙලේදී SLT-MOBITEL වෙත මෙම සම්මානය හිමි විය.
‘Mapping the Digital Highway’ යන තේමාව යටතේ SLT-MOBITEL ප්‍රකාශයට පත්කළ 2020 වාර්ෂික වාර්තාවට මෙම සම්මාන උළෙලේ දුරකතන සන්නිවේදන අංශයේ ‘අන්තර්ක්‍රියාකාරී වාර්ෂික වාර්තාව’ කාණ්ඩයේ රන් සම්මානය සහ ‘මූල්‍ය දත්ත’ කාණ්ඩයේ රිදී සම්මානය හිමිවිය. මීට අමතරව ‘විශේෂඥ වාර්ෂික වාර්තා’ කාණ්ඩය යටතේ ‘වාර්ෂික වාර්තාව සහ ආයතනික ප්‍රජා සත්කාර තොරතුරු ඒකාබද්ධ කිරීම – සාම්ප්‍රදායික නොවන ආකෘතිය’ වෙනුවෙන් ගෞරවනීය සඳහනක්ද එම වාර්තාව වෙත හිමිවිය.
SLT-MOBITELහි ආයතනික ක්‍රමෝපාය, වටිනාකම් නිර්මාණය සහ ක්‍රියාකාරීත්වය මෙන්ම, 2020 ජනවාරි 01 දින සිට 2020 දෙසැම්බර් 30 දින දක්වා වූ මූල්‍ය වර්ෂය තුළ සමාගමේ ක්‍රියාකාරීත්වය මැනැවින් පැහැදිලි කරන, සවිස්තර හා පරිපූර්ණ වාර්තාවක් ලෙස SLT-MOBITEL 2020 වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත්කර තිබිණි.
එමෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අනුබද්ධ සමාගම් ඇතුළුව එහි සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳ සමාලෝචනයක් මෙම වාර්තාවෙහි දක්වා තිබේ. ප්‍රධාන මූල්‍ය පැතිමානයන් ආයතනික හා සමූහ මට්ටමින් සාකච්ඡා කර ඇති අතර, ඊට පෙර වසරේ සිට භාවිතයට ගන්නා ලද නව ආකෘතියට අනුකූලව මෙම වාර්තාව සැලසුම් කර ඇත.











