• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රජරටට වැසි වස්සන කුඩා දරුවන් ලෙඩ කරන ගිරිදේවිය…

October 26, 2021
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
රජරටට වැසි වස්සන කුඩා දරුවන් ලෙඩ කරන ගිරිදේවිය…
Share on WhatsAppShare on Facebook

එදා බමුණකු පැවැසූ නිමිත්තකින් කියැවුණේ දඹදිව දන්ත පුරයේ විසූ සිංහ කුමාර රජුගේ හා හංසවතී බිසවගේ දුව ඇගේ එක කුසේ උපන් වැඩිමහල් සොහොයුරා සමග සංවාසයේ යෙදෙන බවකි. මහත් සංවේගයට පත් රජු හා බිසව ඇයව වැඩිවිය පැමිණියාට පසු ගිරි ලෙනක රහසේ සඟවා තැබූහ. රූමත් කුඩා කුමරිය ලෙන තුළ වාසය කරන බැවින් ඇයට ගිරිදේවිය යන නම පටබැඳිණි. මනා රූසපුවකින් යුක්ත වූ ඇය ගැන සොහොයුරාට අසන්නට ලැබී ඇයගේ රුවට ලොබ බැඳ බොරු ලෙඩ ගෙන ඇය දකින්නට නොලැබුණහොත් තමා මියයන බව පැවැසුවේය. මේ ගැන මවුපියන්ට ඇසී අනුකම්පා කර ඔහුට කුමරිය හමුවීමට ඉඩ දෙන ලදී. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඇය හා සංවාසයේ යෙදීමයි. මින් බලවත් සේ ඇය කම්පාවට පත්ව ගෙල වැලලා මියගියාය.

ඉපැරැණි කතාවක් අනුව මේ ගිරිදේවිය හා දළ කුමරු බුදුන්වහන්සේ හමුවී පින් කොට උපනූපන් ජාතිවල අඹුසැමියන් වන ලෙස පැතූහ. මේ ගැන ගිරිදේවි අස්න, උපත යන පොත්වල සඳහන් වී තිබේ.

ගෙල වැලලා මියගිය ඇගේ සිරුර සක් දෙවිඳු විසින් සැඟවූ නමුත් එය දළ කුමරු සොයාගත්තේය. දළ කුමරු සියදිවි නසාගෙන මියගොස් යකෙක්ව උපන්නේය. ගිරිදේවියද වරෙක දේවතාවියක්ද, යක්ෂණියක්ද ලෙස පෙනී සිටින්නීය. ගිරිදේවිය තමන් වගේ කාන්තාවන් රැසක් මවයි. අවතාර 12ක් තිබේ. කුඩා දරුවන්ට සෑදෙන බාලගිරි දෝෂයට අධිපතිනිය ගිරිදේවියයි. එය ජන වහරට එක්විය. කුඩා දරුවන්ට ලෙඩ කරන බව දැක්වේ. බාලගිරි (බාලග්‍රහ) නමින් දැක්වේ. ගිරිදේවිය සිහිකර පැරැණි ගැමියෝ දරුවකු උපන් විට උළුවස්සේ අඟුරු කෑල්ලකින් ‘බාලගිරි දෝෂය අද නෙවේ හෙට’ යනුවෙන් ලියති. අදටත් එම වැකිය ලියනු ඇත. ගිරිදේවිය නමින් දේවාල ඇත. හියුනෙවිල් සූරීන් කියන අන්දමට බුරුමයේ රැන්ගුන් නුවර යැයිද මතයකි. අනුරාධපුර ප්‍රදේශවාසීහු වැසි නැති ඉඩෝර කාලයේදී ඇය වෙනුවෙන් පුද පූජා පවත්වති. එහි විශේෂත්වය වනුයේ ගිරිදේවියගේ සහ දළ කුමරුගේ නිරුවත් රූප කිරිමැටි හා හුඹස් මැටියෙන් අඹා වැව් ඉස්මත්තේ තබා කවි ගායනා කරනු ලැබීමයි. මෙයින් පසුව මහ වැසි ඇදහැලෙන බවත්, අඹන ලද නිරුවත් මැටි රූප දෙක වැස්සට දියවී යන බවත් ජනශ්‍රැතියේ සඳහන්ව තිබේ.
බාලගිරි හෙවත් බාලග්‍රහ කුඩා බිළිඳුන්ට සෑදෙන රෝගයේ පුරාවෘත්තය නම් මෙම ගිරිදේවියයි.

අක් බඹ වරලස
උනාවැටිච්චී
නෙත් කඳුළෙන්
පියයුරු වෑවෙච්චී
අත් දෙක මල් දම් සේ එල්ලලෙච්චී
ගිරි කුමරිය
ගිරි දේවිය වෙච්චී

බැන්දූ වරලස
පීරා කොනකට
බින්දා පියයුරු
කැකුළු ළමැද පිට
කැන්දා කල් බැඳ
නගා සරණ කොට
නින්දා පවසති
මතු අපි දෙන්නට

නගේ මන්ද නුඹ
එහෙම සිතූවේ
දඟේ කියා මම
නුඹ ගෙන්නූවේ
මගේ මදනගාය
නුඹ පහ කෙරුවේ
මගේ රුවට රුව
නුඹම ගෙනාවේ

දහසක් වටින
සළු ඉවතට දාලා
දහසක් වටින
මාලේ කරලා ලා
පහස විඳපු
කාමෙට සිත් දාලා
වෙහෙස වෙච්චි
ගරි ළඳට එකලා

මෙවැනි කවි විශාල සංඛ්‍යාවක් ගිරිදේවි අස්නේ ඇත්තේය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, දේශබන්දු ටී.හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

වගාවේ අද සහ එදා…

Next Post

මැලිබන් බිස්කට් ලෝක තත්ත්ව සතිය සැමරීමට එක්වෙයි…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.