• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ආදරයට කේන්දරය හරස් වුණොත්…

October 9, 2021
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
ආදරයට කේන්දරය හරස් වුණොත්…
Share on WhatsAppShare on Facebook

සත්වයාගේ අඛණ්ඩ පැවැත්ම උදෙසා ස්වභාවධර්මය කළ විශිෂ්ටම නිර්මාණය වන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි දක්වන ආකර්ෂණයයි. සත්වයා පරිණාමය වී මිනිසාගේ තත්ත්වයට පැමිණෙන විට විරුද්ධ ලිංගික ආකර්ෂණයට ආදරය නැමැති සංකල්පයද ඇතුළත් වී තිබීම මිහිපිට ඇති සුන්දරත්වයේ උපරිම ස්ථානය හැටියට සලකන්න පුළුවන්. ඉතින් මේ විදියට තරුණ වයසට පැමිණෙන පිරිමි දරුවන්, ගැහැනු දරුවන් සමගද, ගැහැනු දරුවන්, පිරිමි දරුවන් සමගද ආදරයෙන් බැඳීම ඔවුන් ස්වභාවධර්මයේ රීතියකට යටත් වීමක් හැටියට සලකන්න පුළුවන්.

එහෙම බැඳීමක් ඇති කරගත් දෙදෙනෙක් ඊළඟට නීත්‍යනුකූලව විවාහයකට ඇතූළත් වීම තමයි සිරිත. මෙතැනදී අපේ සංස්කෘතිය තුළ විවාහය සඳහා පොරොන්දම් බැලීම සිදු කරනවා. හොඳයි දැඩි ලෙස ආදරයෙන් බැඳුණු දෙදෙනෙකුගේ විවාහ පොරොන්දම් ජ්‍යොතිෂ සිද්ධාන්තවලට අනුව ගැළපෙන්නේ නැත්නම් මොකද කරන්නේ.
ජ්‍යොතිෂ විද්‍යාවේදී පොරොන්දම් නොගැළපීමට හේතු වන සාධක කිහිපයක් අද සොයා බලමු. මුලින්ම යෝජිත දෙදෙනාගේ,

  1. ලග්නාධිපතීන් දෙදෙනා
  2. චන්ද්‍ර රාශි අධිපතීන් දෙදෙනා
  3. 7වැන්න අධිපතීන් දෙදෙනා
  4. 5වැන්න අධිපතීන් දෙදෙනා

සතුරුද? මිතුරුද සොයා බලනවා. මේ කරුණු හතරෙන් දෙකක්වත් ගැළපෙනවා නම් තමයි විසි පොරොන්දම් බැලීමට යොමු වන්නේ. විසි පොරොන්දම කෙටියෙන් කියනවා නම්,

  1. නක්‍ෂත්‍රල
  2. ගණල
  3. මහේන්ද්‍රල
  4. ස්ත්‍රී දීර්ඝල
  5. යෝගිල
  6. රාශිල
  7. රාශි අධිපතිල
  8. වශ්‍යල
  9. රජ්ජුල
  10. වේධල
  11. වෘක්‍ෂල
  12. ආයුෂල
  13. පක්‍ෂිල
  14. භූතල
  15. ගෝත්‍රල
  16. වර්ණල
  17. ලිංගල
  18. නාඩිල
  19. දිනල
  20. ග්‍රහ ආදී වශයෙන් වෙනවා.

මේ විසි පොරොන්දම් බලන්නේ විවාහයෙන් පසුව දෙදෙනාට සාර්ථක යුගදිවියක් ගතකරන්න පුළුවන්ද කියන එකයි. ජ්‍යොතිෂ විiාත්මකව ඉතාමත් වටිනා, ගැඹුරු කරුණු කිහිපයක් මෙම විසි පොරොන්දමට ඇතුළත් වෙනවා. ඒ ඒ පොරොන්දම නොගැළපීමෙන් විවාහ ජීවිතයේදී මතුවිය හැකි ප්‍රශ්න ගැන කලින් කියන්න පුළුවන්කමක් ජ්‍යොතිෂ ශාස්ත්‍රය සතුව පවතිනවා. මෙම විසි පොරොන්දම අතරින් කිහිපයකට විශේෂ තැනක් හිමි කරදී අෂ්ටකූටයේ ලකුණු 36ක් ලබා දී එම ලකුණු ලැබෙන ප්‍රමාණයද ගණනය කර බලනවා.

මීට අමතරව විවාහ දෝෂ ගණනාවක් ගැනද ජ්‍යොතිෂ විiාවේදී විවාහ පොරොන්දම් ගැළපීම යටතේ සඳහන් වෙනවා. කුජ ග්‍රහයා ලග්නයෙන් හරි, චන්ද්‍රයාගෙන් හරි, සිකුරුගෙන් හරි 1, 2, 4, 7, 8, 12 කියන තැනක ඉන්නවා නම් කුජ දෝෂය කියලා කියනවා. කුජ දෝෂ තියෙන කේන්දරයකට කුජ දෝෂය තියෙන කේන්දරයක්ම තමයි ගැළපෙන්නේ. එහෙම නැත්නම් එක කේන්දරයක කුජ ඉන්න ස්ථානයේ අනෙක් කේන්දරයේ පාප ග්‍රහයෙක් ඉන්න ඕනෙ. කුජ දෝෂය භංග වන ක්‍රම ගණනාවක්ද සඳහන් වෙනවා.

මීටත් අමතරව විවාහයට බලපාන අහිතකර යෝග හැටියට විෂ කන්‍යා යෝගය, සම්බන්ධ මාරක දෝෂය, නාශාංශක දෝෂ, වැන්දඹු දෝෂ, ස්ත්‍රී කේන්දරයේ පෙන්වන පුරුෂ මාරක යෝග, පුරුෂ කේන්දරයෙන් පෙන්වන ස්ත්‍රී කාරක යෝග, බහු විවාහ යෝග, සරාගී යෝග, වඳ යෝග, තුන් කුලුඳුල් දෝෂ ආදී වශයෙන් ගණනාවක්ද සඳහන්.

දැනට ශ්‍රී ලංකාව තුළ විවාහ පොරොන්දම් පරීක්‍ෂා කරන ජ්‍යොතිෂවේදීන් අතරද විවිධ මත පවතින අවස්ථා හමුවෙනවා. විවාහයට යෝජිත කේන්දර දෙකක් අරගෙන ජ්‍යොතිෂවේදීන් කිහිප දෙනෙකු ලවා පරීක්‍ෂා කළ විට එක් අයෙක් විවාහයට සුදුසුයි කියන කේන්දර දෙකක් තවත් ජ්‍යොතිෂවේදියෙක් විවාහයට සුදුසුයි කියන අවස්ථාද හමුවන බව ඔබ දන්නවා. ඒ වගේම තමයි කීයටවත් මේ විවාහය කරගන්න එපා කියලා උපදෙස් ලැබුණු අය හිතුමතේ විවාහ වෙලා ඉතා සාර්ථක විවාහ ජීවිත ගත කරලා යහපත් දූදරුවන් ලබා අද දවසේද සතුටින් ජීවත් වන අවස්ථාද, ඉතා හොඳින් පොරොන්දම් ගැළපෙන අය විවාහ වෙලා නොයෙක් ප්‍රශ්න ඇතිවූ අවස්ථා ගැනද ඔබ දන්නවා ඇති. ලෝක ජනගහනය සලකා බැලූ විට විවාහයට කලින් පොරොන්දම් බලන ප්‍රතිශතය ගැන ඔබට හිතන්න පුළුවන්. මේ කරුණු සියල්ල සලකා බලා අප විසින් පිළිතුරු සැපැයිය යුතු ප්‍රශ්නය වන්නේ කිසියම් දෙදෙනෙක් දීර්ඝ කාලයක සිට ආදරයෙන් බැඳිලා විවාහයට කලින් පොරොන්දම් බැලුවාම ‘ගැළපෙන්නේ නැත’ යන උත්තරය එනවා නම් ඔවුන් දෙදෙනා විවාහ නොවිය යුතුද? මෙතෙක් කල් පැවැති ආදරය කේන්දරය නිසා නැවැත්විය යුතුද? එය කළ හැකිද?

ජ්‍යොතිෂ ශිරෝමනී
දේශබන්දු අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

අනුරාධපුරයේ කොයිතරම් නියඟ තිබුණත් ශ්‍රී මහා බෝධියට වහින මල් වැස්සේ රහස…

Next Post

මහජන බැංකුවේ වෙස්ටර්න් යුනියන් දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් තෝරාගැනේ

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.