එතෙර සිට මෙරටට වෙස්ටර්න් යුනියන් හරහා එවන මුදල් මහජන බැංකුව වෙතින් ලබාගන්නා ජයග්‍රාහකයින්ට රුපියල් 10,000 බැගින්වූ වටිනා තෑගි පාර්සල් ලබාදීමට දියත් කළ වැඩසටහනේ මාර්තු, අප්‍රේල් සහ මැයි මස දිනුම් ඇදීම පසුගියදා කොළඹ 02, මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි. මෙහිදී වාසනාවන්ත ජයග්‍රාහකයන් 75 දෙනකු තෝරා ගැනිණි.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (එතෙර ගනුදෙනු සේවා) රොහාන් පතිරගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත්, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන යන මහත්වරුන් සහ ප්‍රධාන කළමනාකාරිනී (එතෙර ගනුදෙනු සේවා) රේණුකා අරුණාචලම් මහත්මිය ඇතුළු බැංකු නිලධාරීන් සහභාගි වූහ.
එමෙන්ම වෙස්ටර්න් යුනියන් හරහා පිටරට සිට ලංකාවට එවන මුදල් දැන් බැංකු ශාඛාවට නොගොස් මහජන බැංකුවේ Call and Deposits සේවාව මඟින් එක ඇමතුමකින් ඔබේ මහජන බැංකු ගිණුමටම බැරකර ගත හැකිවීම විශේෂත්වයකි. මේ සඳහා Whatsapp හා Viber ඔස්සේද සම්බන්ධ වීමේ හැකියාව සලසා ඇත.











