ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්බන්ධතා සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා සමාගමෙහි ව්‍යාපාර විසඳුම් අංශය වන Dialog Enterprise දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් ඇති අඩු අවධානය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට සමත්ව ඇත. විශේෂයෙන් දේශීයව රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කරමින්, ජාතික ආර්ථිකයේ වර්ධනය සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදෙන මෙම අංශය වෙත මෙම නවීන තාක්ෂණික පහසුකම්වලින් යුතු මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේදයන් ආදේශ කරගැනීම යනු කිසිසේත්ම ඔවුන් වෙත දරාගැනීමට නොහැකි පිරිවැයකි. මේ හේතුව නිසාම ඔවුන් වෙත සිය මානව සම්පත මැනවින් කළමනාකරණය කරගැනීමේ දුෂ්කරතාවක් නිර්මාණය වේ. මෙයට විසඳුමක් සපයමින් Dialog Enterprise,MiHCM HR Software ආයතනය සමග එක්ව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කර ගනිමින් සුවිශේෂ මානව සම්පත් කළමනාකරණ විසඳුමක් MiHCM Lite නමින් දියත් කිරීමට යොමු විය.
Microsoft හි අති නවීනතම cloud තාක්ෂණයෙන් බලගන්වා ඇති මෙම MiHCM Lite කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කාර්යක්ෂම, ආරක්ෂිත මෙන්ම පරිපූර්ණ වූ මානව සම්පත් කළමනාකරණ අවකාශයක් නිර්මාණ කර දීමට සමත් වීම වැදගත් කරුණකි.











