ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමේ සාමූහික ප්‍රයත්නයක් ලෙස Sarvodaya-Fusion සහ HSBC සහයෝගීතාවයෙන් කාන්තාවන් සඳහා පුද්ගලික මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් මෑතකදී දියත් කළේය.
දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය මෙරට වැඩකරන හා නොකරන කාන්තාවන් දෙපිරිසටම දැඩි බලපෑමක් එල්ල කොට තිබේ. වැටුප් විෂමතා හා ස්ත්‍රී-පුරුෂ අසමානතාව සමගින් මෙම දැඩි අභියෝගාත්මක කාලයේදී මේ සියල්ල කළමනාකරණය කිරීමට ඔවුන්ට සිදුවී ඇත. මෙම වැඩසටහන මගින් රැකියාවක් නොකරන කාන්තාවන් තම ගෙදර-දොර විය-හියදම් කළමනාකරණය කරගත යුතු ආකාරය මෙන්ම තම සහකරුට ලැබෙන ප්‍රධාන ආදායම හැර අමතර ආදායමක් උපයා ගැනීම සඳහා වෙනත් ක්‍රම සොයාගැනීම පිළිබඳවද දැනුවත් කරනු ලැබේ.
මීට සමානව, සේවයේ නියුතු කාන්තාවන් බුද්ධිමත් ලෙස මුදල් ආයෝජනය හා ඉතිරි කිරීම මගින් මුදල් අතින් සාර්ථක වන්නේ කෙසේදැයි දැනුවත් වෙයි. පුද්ගලයින්ට Sarvodaya-Fusion ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් ලියාපදිංචි වීම් පිළිබඳ වැඩි විස්තර දැන ගත හැකිය.











