ඕසෝන් ස්තරය, සූර්යයාගේ හානිකර කිරණවලින් මිනිසා ආරක්ෂා කිරීම සඳහා සූර්යයාගේ පාරජම්බුල කිරණවලින් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගනිමින් පෘථිවියේ ජීවීන් සඳහා ආරක්ෂක පලිහක් ලෙස ක්‍රියා කරයි. 2021 ලෝක ඕසෝන් දිනයේ තේමාව නම් Montreal Protocol: Keeping Us, Our Food and Vaccines Cool යන්නයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, ඕසෝන් ස්තරය සුරැකීම සඳහා විසඳුමක් ලෙස 2012 වසරේදී R600a ශිතකාරකය හඳුන්වා දෙන ලදී. මෙම නවෝත්පාදනයත් සමග ශීතකරණ නිෂ්පාදන ක්‍රියාවලියේදී R600a තාක්‍ෂණය භාවිත කරන දකුණු ආසියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට සිංගර් පත් විය. සියලුම ශීතකරණ සඳහා R600a ශිතකාරක යොදාගැනීමට ගත් උත්සාහය නිසා සමස්ත ශ්‍රී ලාංකික ශීතකරණ වෙළෙඳපොළද ඕසෝන් ස්තරයට බලපෑමක් ඇති කරන ශිතකාරක භාවිතය ශුන්‍ය කරමින් මුළු කර්මාන්තයම ඊට අනුගතවීම සිදු විය.











