සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා ‘SUPERBOX’ සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට කටයුතු කළේය. අන්තර්ජාලය ඔස්සේ එදිනෙදා භාණ්ඩ මිලදීගැනීමේදී පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් හා සුරක්ෂිත ලෙස ගෙවීම් සිදුකිරීමට අවස්ථා සලසා දීම මෙහි අරමුණ වී තිබේ.
ශ්‍රී ලංකාවේ නවතම අන්තර්ජාලගත පරිපූර්ණ සුපිරි වෙළෙඳසැල වන SUPERBOX, නැවුම්, වියළි හා ශීත කළ ආහාරපාන ඇතුළුව භාණ්ඩ වර්ග රාශියක් තම නිවෙස්වලටම ගෙන්වා ගැනීමට දිවයින පුරා පාරිභෝගිකයන්ට අවස්ථාව ලබා දෙයි.
ඉතාමත් පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට සැලසුම් කර මෙම වෙබ් අඩවිය දියත් කර තිබේ.
සෙලාන් බැංකුව මේ ආකාරයට SUPERBOX සමග හවුල්කාරීත්වයකට එළඹීමට කටයුතු කළේ, MasterCard Payment Gateway Service (MPGS) හරහා ගෙවීම් සේවාවන් ලබාදීමේ අරමුණිනි.











