• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කාටත් රහසක් වූ කතරගම දෙවියන්ගෙ ප්‍රධාන සේවකයා…

September 5, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කාටත් රහසක් වූ කතරගම දෙවියන්ගෙ ප්‍රධාන සේවකයා…
Share on WhatsAppShare on Facebook

මහා බලයක් සහිතව ලෝ වැසියාට සෙත සලසන දෙවි දේවතාවුන් අතර මෙරට රුහුණු පුරවරයේ කතරගම වැඩවාසය කරන්නා වූ කඳසුරිඳු හෙවත් කතරගම දෙවියන්ට හිමි වනුයේ ප්‍රධාන තැනකි. මහා බල පරාක්‍රමයක් හිමි කතරගම දෙවියන්ට විශේෂ කාර්යයන් සඳහා සහාය වූ දෙවි දේවතාවුන් රැසක් පිළිබඳ ජනප්‍රවාද අතර ප්‍රචලිතව ඇත. වර්තමානයේ අගමැති මැති ඇමැති පදවි දරන්නන් එරට රජුට උදව් කරන්නේ යම් සේද කතරගම දෙවිඳුන්ටද එවැනි පිරිසක් සහාය වූ බව ජනප්‍රවාද අතර එයි. ඒ අනුව කතරගම දෙවියන්ගේ අගමැති ධුරය සහ ප්‍රධාන විධායක ලෙසින් කටයුතු කළ සූනියම් දෙවිඳුට හිමිවන්නේ විශේෂ තැනකි.

සූනියම් දෙවිඳුට භාර්යාවන් දොළසක් සිටි බවටත්, පරිවාර යක්ෂයන් අටක් සිටි බවටත් මතයක් පවතී. විවිධ මන්ත්‍ර ශාස්ත්‍රයන්ට අනුවද සූනියම් දෙවියන්ට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රය තුළ සූනියම් දෙවියන් වීර හඳුන්, මදුරෙයිවිරන්, මල්දියාරම් ආදී නම්වලින් හඳුන්වයි. මලයාලි යනු ප්‍රබල මන්ත්‍ර ශාස්ත්‍රයක් බවට පිළිගැනෙන අතර එම මන්ත්‍රවල ඔඩ්ඩි යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේද සූනියම් දෙවියන්ටය.

ගම්බාර යනුවෙන් විවිධ පළාත් අනුව හඳුන්වන්නේ සූනියම් දෙවියන්ට වන අතර, විවිධ පළාත් අනුව සූනියම් දෙවිඳුට හිමිවන බලතල විවිධාකාර වෙයි. ඒ අනුව රුහුණේ කතරගම දෙවිඳුගේ අගමැති සහ ප්‍රධාන විධායක තනතුරට අමතරව උපුල්වන් දෙවිඳුගේ පණිවුඩකරු සූනියම් දෙවිඳුය. අලුත්නුවර දේවතාබණ්ඩාර දෙවිඳුගේ අධිකාරම් සූනියම් දෙවිඳුය. මෙවැනි විවිධ දෙවිවරුන්ගේ බලපරාක්‍රමයට යටත් ප්‍රදේශ රාශියක සූනියම් දෙවිඳුගේ තීරණද ක්‍රියාත්මක වන බවට ජනප්‍රවාදයේ විශ්වාසයක් පවතී. මෙරටදී සූනියම් දෙවිඳු පුද ලබන දේවාල රැසක් ගැන වාර්තා වෙයි. ඒ අතර මාවනැල්ල, අලුත්නුවර පල්ලේ දේවාලය, ඇම්බැක්කේ පල්ලේ දේවාලය, දෙමටගොඩ බේස්ලයින් විහාරය, මහනුවර නාථ දේවාලය මෙන්ම සූනියම් දෙවිඳුට කැපවුණු ප්‍රධාන දේවාලය කුලියාපිටිය ආසන්නයේ පිහිටි කබලෑ දේවාලය බවටත් ජනප්‍රවාද අතර නොනැසී පවතී. ඒ අනුව කබලෑ දෙවියන් ලෙස සූනියම් දෙවියන් ප්‍රසිද්ධව ඇත. බුදු දහමේ ආරක්ෂාව පැවරී තිබූ උපුල්වන් දෙවිඳුගේ කාර්යභාරය පසු කලෙක විෂ්ණු දෙවිඳුට පැවරී ඇති අතර, එම කාර්යය වඩාත් හොඳින් ඉටුකිරීමට විෂ්ණු දෙවිඳුට අවශ්‍ය වූ බවද සඳහන් වෙයි. කෙසේ නමුත් ජනප්‍රවාදයන්ට අනුව විෂ්ණු දෙවිඳු වෙනුවෙන් එම කාර්යය අලුත්නුවර දෙවිඳුට පැවරී තිබේ.

අලුත්නුවර දෙවිඳුට අයත් බොහෝ රාජකාරින් නිසි ලෙස සොයා බලා ඉටුකිරීමේ වගකීම භාරගෙන ඇත්තේ එම දෙවියන්ගේ අධිකාරම් ධුරය දැරූ සූනියම් දෙවිඳුය. ඒ අනුව බුදු සසුනේ ආරක්ෂාව පිළිබඳ සියලු වගකීම් භාරගෙන කටයුතු කිරීමට සූනියම් දෙවිඳු ඉතා උනන්දුවෙන් ඉදිරිපත් වී ඇත.

බුදුදහමට සම්බන්ධ වෙහෙර විහාර, දාගැබ්, බෝධි ආදියේ ආරක්ෂාව සූනියම් දෙවියන්ට පැවරී තිබේ. එනිසා සූනියම් දෙවියන් බුදුදහමත්, විහාර, දාගැබ්, පන්සල් ආදියත් රැකබලා ගනී. එම සේවයට උපහාරයක් ලෙස බොහෝ වෙහෙර විහාරස්ථානවල සූනියම් දෙවියන්ට පුද පූජා තැබීම සිදුවනු දැකගත හැකිය.

බෝ ගස්වල දිරාගිය අතු කිසිවක් කපා ඉවත් කිරීමකට ලක් නොකරනමුත් එම භූමියේ සෙනඟ නොමැති අවස්ථාවක අසාමාන්‍ය අයුරින් එම අතු කිසිදු ආපදාවකින් තොරව බිම වැටීමට සලස්වන්නේ සූනියම් දෙවියන් බවට බොහෝ දෙනකුගේ විශ්වාසයයි. සූනියම් දෙවියන්ගේ අණසකට යටත් බහිරවයන් නාගයන් සිටින බවත්, බොහොමයක් විහාරාරාම හා බෝගස් ආරක්ෂාවට නාගයන් හා බහිරවයන් යොදවන්නේ සූනියම් දෙවියන් බවටත් ජනප්‍රවාදයන් අතර මතයක් වෙයි.

මේ අනුව සූනියම් දෙවියන් යනු, කතරගම දෙවියන්ගේ මෙන්ම තවත් දෙවි දේවතාවුන් රැසකටම සිය කාර්යභාරයන් ඉටුකරන්නට මහා බලයක් ලබාදුන් දෙවි කෙනකු ලෙසද පිළිගැනෙයි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

මාස 14කට පස්සේ ඉන්දියාවට ගිය මොරගොඩට දිල්ලිය ලොකු ලෙඩක් දමයි!

Next Post

ක්‍රිස්බ්‍රෝ සිසු දිරිය වාර්ෂික චිත්‍ර හා කවි තරගය ඇරැඹේ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.