ක්‍රිස්බ්‍රෝ සමාගමේ, ප්‍රමුඛතම ආයතනික වගකීම් ප්‍රවේශය වන ‘සිසු දිරිය’ වැඩසටහන යටතේ වාර්ෂිකව පවත්වන චිත්‍ර සහ කවි තරගය අගෝස්තු අවසන් සතිය වන විට ඇරඹීමට කටයුතු යොදා ඇත. සිය සමස්ත සේවකයන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන සහ විෂය බාහිර දක්ෂතා වාර්ෂිකව ඇගයීම සඳහා කෙරෙන ක්‍රිස්බ්‍රෝ ‘සිසු දිරිය’ චිත්‍ර හා කවි තරගය ක්‍රිස්බ්‍රෝ මානවසම්පත් අංශය විසින් සංවිධානය කරන අතර ක්‍රිස්බ්‍රෝ සේවක සේවිකාවන්ගේ දූ දරුවන් මේ සඳහා දායක වේ. ක්‍රිස්බ්‍රෝ මානවසම්පත් අංශය සඳහන් කරන ආකාරයට මෙවර පැවැත්වෙන රචනා තරගය සඳහා දරු දැරියන් 650කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය. මීට සමගාමීව පැවැත්වෙන ක්‍රිස්බ්‍රෝ කාව්‍ය නිර්මාණ තරගාවලිය ක්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයේ සියලු සේවිකාවන්ට විවෘත තරගාවලියක් ලෙස සංවිධාන කෙරේ.











