• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

උස බලලා හිත කියන රහස්…

August 23, 2021
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
උස බලලා හිත කියන රහස්…
Share on WhatsAppShare on Facebook

කෙනකුගේ ජීවිතයේ කිසිවකුට නොකියනා කරුණු රාශියක් ඇති බව රහසක් නොවේ. මේ බව පුරාණයේ විසූ ඍෂිවරුන් මනාව දැන හඳුනාගෙන ප්‍රගුණ කර තිබේ. එලෙස සඟවාගෙන සිටින ඇතැම් දේ යම් යම් කාරණාවලදී තවත් අයකුට අවශ්‍ය වන බවද එකල විසූ ඍෂිවරු තේරුම් ගැනීම මත විවිධ පුද්ගලයන්ගේ ශරීරයේ ස්වභාවය අනුවත් අංග ලක්ෂණ අනුවත් එලෙස යමකු සඟවන කරුණු හඳුනාගැනීමට හැකි වන අයුරින් තොරතුරු හෙළිකිරීමට ඍෂිවරු කටයුතු කර ඇත.
එලෙස කෙනකුගේ ශරීරයේ උස ප්‍රමාණය කෙලෙසද යන්න හඳුනාගැනීමෙන් පහත පරිදි එම පුද්ගලයාගේ ගතිගුණ තේරුම් ගැනීමට ඔබට හැකිවනු ඇත.

උසින් වැඩි පුද්ගලයන්

යම් පුද්ගලයකු අසාමාන්‍ය උසකින් යුතු අයකු නම් හේ අන් අය ගැන ඉතා පහසුවෙන් තීන්දු තීරණවලට එන අයෙකි. එමෙන්ම තමා ගැන පමණක් සිතා තම වාසිය මුල් කොටගෙන කටයුතු කරයි. මුදල් වියදම් කිරීමට ප්‍රිය නැත. මසුරුකමින් මුදල් පොදිබඳින මොවුන් නිතරම අනෙකාව පහත් කොට කතාබස් කරයි. අන් අයගේ හැකියාවන් දැක එවැන්නක් එම පුද්ගලයාට ඇති බව පිළිගන්නට අකැමැති වෙයි. අසල්වැසියන් හා සුහදව සිටින්නට උත්සාහ කරනුයේ තමාගේ වාසියට පමණි.
ජීවිතයේ මුල් කාලයේ සැලසුමකින් තොරව කටයුතු කරන අය වුවද පසුකාලීනව කෙසේ හෝ මුදල් උපයා ගනී. එහෙත් අවශ්‍ය දේට වියදම් නොකරන ස්වභාවයක් වෙයි. නිතර නිතර සිය හැකියාවන් ගැන පම්පෝරි කියවයි.

සාමාන්‍ය උස පුද්ගලයා

මධ්‍යම ප්‍රමාණය, නැතහොත් නිසි උසකින් යුත් පුද්ගලයා ළමා කාලයේ සිටම සිය ජීවිතය සාර්ථක කරගන්නට උත්සාහවන්තව කටයුතු කරයි. එසේම අධ්‍යාපන කටයුතුද සාර්ථක කරගනී. උසස් තනතුරු සහ ඉහළ වැටුප් සහිත රැකියාවක් ලබයි. රජයේ රැකියා ආදියටද වාසනාව ඇත. ගමේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයන් වේ. අන් අය ගැන මධ්‍යස්ථව කටයුතු කරයි. ජීවිතයේ අග භාගයේ සාර්ථකත්වය ඉහළින්ම ලබයි. ගමේ රටේ ප්‍රසිද්ධ වෙයි. මුදල් සම්බන්ධව යම් ලෝභකමක් පෙන්නුම් කළද නිසි තැන නිසි ලෙස වියදම් කරයි.

ප්‍රියමනාප පෙනුමක් මෙන්ම සාර්ථක විවාහයකටද උරුමකම් කියයි. ඇතැම් විට ජීවිතයේ විවිධ අවස්ථාවල සිය ලැබීම් කැපකර අන් අයට පිහිට වන්නට වුවද ඉදිරිපත් වේ.

සාමාන්‍ය මිටි පුද්ගලයන්

ශරීරයෙන් මිටි පුද්ගලයන් යනු තරමක් නරක ගතිගුණ ඇත්තන් ලෙස ප්‍රකටය. මේ අය උඩින් කතාකරන දෙයට වඩා වෙනස් දෙයක් සිත තුළ දරා සිටින්නන් වෙයි. එසේම අන් අයගේ දියුණුවට අකැමැති පුද්ගලයන්ය. තමාට නොලැබුණු දෙය අනෙකාට ලැබීමට විරුද්ධ වෙයි. මුදල් හදල් වියදමට ලෝභ නැතත්, ආර්ථික අතින් ශක්තිමත් වීමට වාසනාව අඩු පුද්ගලයන් ලෙස ප්‍රකට වෙයි.

විවාහය අසාර්ථක වීමට හෝ ගැළපෙන කෙනකු හමු නොවීම නිසා විවාහය ප්‍රමාද වීමටද ඉඩ තිබේ. උපන් ගමෙන් පිටදී ජීවිතයේ පසුකාලය ගෙවන්නට සිදුවේ. බලාපොරොත්තු බොහොමයක් කඩාකප්පල් වන ස්වභාවයක්ද පෙන්නුම් කෙරේ.

අසාමාන්‍ය මිටි පුද්ගලයන්

මේ අයගේ සැඟවුණු දක්ෂතා කිහිපයක් තිබෙන්නට හැකිය. එසේම තරුණ අවධිය පසුකරත්ම ජීවිතයේ ලැබිය යුතු බොහෝ දේ විවිධාකාරයෙන් ලබාගන්නන් බවට පත්වේ. තමාට උදව් කළ අය සමග සුහදව කටයතු කරන අතර අන් අයගේ ප්‍රශ්න තමාගේ ප්‍රශ්න ලෙස සිතයි. මවුපියන්ට සහ ඥාතීන්ට හිතවත් වෙයි. මුදල් ගැන එතරම් තැකීමක් නොකරයි. විවිධාකාර සැලසුම් ඔස්සේ කටයුතු කර දියුණුවට මගක් සොයාගනී. විශේෂයෙන්ම ඇඟිලි තුඩු වෙහෙසා කරන කාර්යයන්ට දක්ෂ වෙයි. දක්ෂ ලියන්නන්, පරිගණක ශිල්පීන් මෙන්ම නිර්මාණකරුවන්ද මොවුන් අතරින් බිහිවනු ඇත.

එහෙත් නිතරම අකාරුණිකව ජීවත්වන ස්වභාවයන් පෙන්වයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

කෝටි දහතුනක් දිනූ අද කෝටිපති ජයග්‍රාහිකාවට චෙක්පත පිරිනැමේ

Next Post

AIA ඉන්ෂුවරන්ස් Quick Pay App එක ඔස්සේ බිලියනයක වාරික එකතුවක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.