2021.07.14 දින පැවැති අද කෝටිපති 1,308 වැනි වාරයේ සුපිරි ජයමල්ල රු.135,629,247/-ක මුදල දිනාගත් ජයග්‍රාහිකාව කඹුරුගමුව ප්‍රදේශයේ දිනේෂා රංගනී මහත්මියට අදාළ චෙක්පත ලබාදීම පසුගිය අගෝස්තු 11 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා අතින් සිදුවිය.
එම අති දැවැන්ත සුපිරි ජයග්‍රාහකයා බිහිවී ඇත්තේ මාතර අලෙවි නියෝජිත ඒ.බී. සුදත් ද සිල්වා මහතාගේ ලොතරැයි ගොන්නෙනි.











