• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සෙනසුරු සමග සෙල්ලම භයානකයි…

August 14, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
සෙනසුරු සමග සෙල්ලම භයානකයි…
Share on WhatsAppShare on Facebook

සෙනසුරු ග්‍රහයාගේ ස්වරූපය බැලුවොතින් ඔහු නොණ්ඩියෙක් ලෙස හැඳින්විය හැකියි. කකුලේ කුණු සැරව ගලමින් සිටින එකම ග්‍රහයා ශනි හෙවත් සෙනසුරු ග්‍රහයායි. සෙනසුරු අපල ලැබෙන්නේ විනාශයටයි. කෝටිපතියෙකු, හිඟන්නෙකු බවට පත්කරන්නේ ඉතා කෙටි කාලයකදියි. හිඟමනයට බස්සන්නෙකු ලෙස ශනි පිළිබඳ කතාවක් මටත් මගේ පියා කියනු අසා ඇත. කළ පව් ගෙවෙන්නට වන කාලයද සෙනසුරු අපල ගෙන දෙන කාලය ලෙස සඳහන් කිරීම වරදක් නැත.

සෙනසුරු ග්‍රහයා සඳුගෙන් 4, 5, 8, 9, 10 යන රාශිවල ගමන් කරන කාලය ඒරාෂ්ටක අපල කාලය වෙයි. තවද ඔබගේ හඳහනේ සඳුගෙන් දෙපැත්තේ ශනි ගමනත්, චන්ද්‍ර ඒරාෂ්ටක අපල කාලයකි. චන්ද්‍රයා සිටි රාශියෙන් 8 වැන්නේ ශනි ග්‍රහයා යෙදීමද සෙනසුරු අපල වෙයි. චන්ද්‍රයා සිටි රාශියෙන් දෙපැත්තේ පිහිටි රාශි දෙකක් ඇතුළත්ව රාශි 3ක් ශනි ඒරාෂ්ටකයට යටත් වෙයි. ශනි රවිගේ පුත්‍රයායි. මව චයා දේවියයි. චයා දේවි හිරුගේ බිරිය බව දේව කතා හෙළිකරති. එහි සත්‍යයක් තිබේද යන්න සොයා බැලිය යුත්තකි. කෙසේ වෙතත් සූර්ය දිව්‍ය රාජයාගේ බිසවක් බව මතයකි.

සෙනසුරු ග්‍රහයාට එක් රාශියක ගමන් කිරීමට අවුරුදු 2 1/2ක් ගත වෙයි. රාශි චක්‍රය වටේ යෑමට අවුරුදු 30ක කාලයක් ගත වේ. දරුවකුව සිටී නම් ඉලන්දාරියකුව කසාද බැඳ ළමයින් සිටින තාත්තෙක්ගේ වයසකි එය. සෙනසුරු තද නිල් පැහැයක් ගනී. ආලෝක පරාවර්තනයෙන් තද නිල් පැහැ ගත්තද ආලෝකය පරාවර්තනය නොවේ නම් තද කළු පැහැයක් ගනී.

ශනි ඔබට සුබඵල දෙන්නේ 3, 6, 11, යන රාශි ගමනයි. අවුරුදු 120කට ආයු ඇත්නම් එයින් අවුරුදු 90ක්ම සෙනසුරු අපලයට යටත් වේ. සමහරු මෙය විශ්වාස නොකරයි. ජීවිත ගමනේ දුක්කරදර ගොඩක් ඔබේ කරමත තබන්නේ සෙනසුරාය. සෙනසුරු ඒරාෂ්ටක කාලය වන අවුරුදු 7 1/2ක් ශනි හේතු කොටගෙන ධනය වියදම් කිරීමට සිදුවන්නේ සුව නොවන කකුලේ තුවාලයක් ඇති කරමින් විය හැකිය. නැති නම් අස්ථි බිඳීමක් සිදුවීමෙනි.

සෙනසුරු අපලයේදී අත – පය කැඩී, බිඳී යා හැක. මුහුණ විරූපී වී ශරීරය කළු වේ. ඇහි බැම යාවේ. වැටීම්, තැළීම් හා හදිසි රිය අනතුරුවලින් අත් – පා නැති වීම වුවත් සිදුවිය හැකි නිසා ප්‍රවේශම බොහෝ වටී. තවත් සමහරුන්ගේ ඔළුවට හානි සිදුවී සිහි විකල්ව සදාකාලිකවම රෝහල්වල මන්දමානසික ලෙඩෙකු ලෙස කාලය ගතකිරීමට සිදුවන්නේ කරුමයක්ද එකතු වී පල දීමක් ලෙසයි.

සෙනසුරු ඔබට කියා දෙන පාඩම දුක්විඳීමට හුරුකිරීමයි. සෙනසුරාගේ ස්වරූපයට අදාළව කකුල් බැඳීම ඔහුගේ විනෝදාංශයකි. ඉතා ධනවත් අයෙකුට වුවත් දුබල සෙනසුරාගේ දසාව මුළුමනින්ම අවුරුදු 19ක් ලැබුවේ නම් වියළි වූ පොල් අතු සුළඟට කඩා වැටෙන්නාක් මෙන් අපලය ලැබූ දා සිටම නොයෙක් කරදර කරපින්නාගෙන ජීවන මාවතේ ඉතා දුෂ්කර ගමනක් යෑමට සිදුවෙයි. මෙවැනි අවස්ථාවලදී ජ්‍යොතිෂ විiාව, ග්‍රහයින් විශ්වාස නොකළ අයවලුන් පවා දක්‍ෂ, ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන් සොයා ගොස් ප්‍රතිකර්මවල සහාය පතයි. එම නිසා රටටම සම්පතක් වන ධනවත්, බලවත් පුද්ගලයෙකුට නීච සෙනසුරු දශාව ලැබීම මා දකින්නේ මහත් අපරාධයක් ලෙසයි. තමා මෙලෙස ඇඳට වැටෙනකම්ම නොසිට දන්දී, දහමට අනුව හැඩගැහෙමින් දැහැමි ජීවිතයක්, සරල ජීවිතයක් ගතකිරීම මේ කාලයට බොහෝ වටී. සෙනසුරා නමැති ගොනා මිනිසා නමැති කරත්තයත් ඇදගෙන මානසික රෝහලකට යන්නේ හදපිරි සතුටකිනි. එයින් මිනිසා දුක් වුවත් සෙනසුරා සතුටු වෙයි. ජන්මියාව හිඟන්නෙකු, අසරණයෙකු කරවන්නේ හිත්පිත් නැති අයෙකු ලෙසයි. සමහර අයව ගිලිගැනීමටත් සෙනසුරා පසුබට නොවේ.

සෙනසුරු දශාවෙන්ද දුක දේ. ශනි වනාහි ප්‍රවජ්‍යාකාරයෙකි, දිළිඳුකාරකයකි, හිඟන්නාගේ රජ වන සෙනසුරු හිඟන්නාටත් අපල කර ඇත. සමහර යාචකයන් පිරිසුදුව සිටියත් තවත් සමහරුන් ඇඳිවත අපිරිසුදු කරගෙන, සෙම, සෙවල පෙරාගෙන, අසූචි, මුත්‍රාවලින් ඇඳිවතත් තෙමාගෙන ජරාවට පත්ව කල්ගත කරන්නේ ප්‍රේතයෙකුට සමාන ආකාරයෙනි.

සෙනසුරාට මෙසේ අපල සිදුකරන්නට ජන්මියාගේ පෙර ආත්මභවයන්හි කරන ලද පාපකර්මයන් අනුබල දෙයි. ප්‍රේතයන්ගේ ආත්ම බඳු සමහර මිනිසුන් අපට දකින්නට ලැබෙන්නේ මේ නිසාය. බොරු කී, පරුෂ වචන කී, කේලම් කී අයවලුන්ගේ කටවල් ගඳ ගසයි. වැරැදි කාම සේවනයන්ගේ නිරත වූ අයගේ සම වැහැරී, වණ වී සැරව ගලන්නේ ප්‍රේත වත්ථුවේ සඳහන් පරිදි අපායේ යම පල්ලන් පැමිණ උල්වලින් අනින්නාක් බඳු වේදනාවක් පිටකරමින්ය. සමහරුන්ගේ අපාය මේ මිහිපිටම නිර්මාණය වී ඇති සේය. කරුමය ගෙවා අවසන් වනතුරු මරුවාද නොපැමිණේ. තවත් සමහරු මැරි මැරී විඳවමින් ජීවත් වේ. මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක් දුටුවිට අපට සසර දුක, පිළිබඳව, සසර බිය පිළිබඳව මනාව පැහැදිලි වේ. මනුෂ්‍ය ආත්මයේ ඉපිද පමණින් නොව සංසාරේ කෙළවර වනතෙක් මෙවැනි දුක් ආත්මවල ඉපදෙමින්, මැරෙමින් අවුරුදු දසදහස් ගණන් දුක්විඳී.

කෙසේ වුවද ශනි හෙවත් සෙනසුරු නීචව 8 වැන්න යෙදීම මහා දුක් කන්දරාවක් උරුම වීමකි. මනුෂ්‍යයයෙක් ලෙස ඉපදුණත් ලිංගික අවයව විකෘති වේ. පවුල් ජීවිත ගතකිරීමට නොහැකි වේ. සම්මතයට අනුව ස්ත්‍රීන්, පුරුෂයන් බිහිවුවත් සමහරුන් නපුංශකයන් වන්නේ මේ නිසාය. සමහරු මෙවැනි පුද්ගලයන්ට අසභ්‍ය වචන කියමින් කොන්කරයි. නමුත් කිසිවිටෙකත් ඔබ එසේ කරන්නට එපා. කරුමයක් පලදී එසේ වූවාට ඔහු හෝ ඇය කුමක් නම් කරන්නද. පෙර ආත්ම භවයන්හි අනාචාරයේ හැසිරෙමින්, යහපත්ව තිබූ පවුල් ජීවිත මුළුමනින්ම විනාශ කරමින් සිටි නිසා මේ ආත්ම භවයේ මනුෂ්‍යයකු ලෙස ඉපදීමට පෙර පිනක් පලදී තිබුණත් පවුල් ජීවිත ගතකිරීමට හැකි නොවන ලිංගික අවයව සකස් වන්නේ කරුමය පලදීමෙනි.

මේ අනුව ශනි හෙවත් සෙනසුරු යනු රෝගකාරක, කර්මකාරක, රැකියාකාරක, වෛශ්‍යකාරක (රාගී නොවන) විරාගී වන, පව් වැඩි නම් නපුංශක වන ග්‍රහයෙක් බව පැහැදිලි වේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ගොඩගම ජයසේන ජයසිංහ
0112 752316

SendShareShare
Previous Post

චීනය පෘථිවියේ පාලන බලයත් අල්ලයි?

Next Post

‘ජාතියේ මහා පහන්ටැඹ’ 82 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.