• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

චීනය පෘථිවියේ පාලන බලයත් අල්ලයි?

August 14, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
චීනය පෘථිවියේ පාලන බලයත් අල්ලයි?
Share on WhatsAppShare on Facebook

චීනය අද වන විට ලෝකයේ බලවත්ම රාජ්‍යයක් ලෙස ඉදිරියෙන්ම කියැවෙන නමක් වී හමාරය. ඊට හේතුව කවුරුත් දන්නා පරිදි ලෝක ආර්ථිකයේ අති ප්‍රබල ස්ථානයක් මේ වන විට චීනය තමන් සතු කරගෙන හමාරය. එහෙමත් නැතිනම් චීනය ඉතා වේගයෙන් සිය ආර්ථික ඉලක්ක ජය ගනිමින් සිටී. දීර්ඝකාලීනව ලෝකයේ මානව වර්ගයාගේ ඉතිහාසය දෙස හැරී බැලීමේදී එතෙක් මෙතෙක් ඉතිහාසයේ මානවයාගේ විවිධ ක්‍රියාකාරකම් ලෝක ආර්ථිකයට මෙන්ම ලෝකයේ පැවැත්මටත් බලපා තිබේ. එලෙසම ලෝකයේ ස්වභාවික සංසිද්ධීන් පාලනයටත් මානවයාගේ ඇතැම් ක්‍රියාකාරකම් හේතුවී තිබේ.

එවන් හපන්කම් අතර චීනය ඉදිරියෙන්ම කියැවෙන නමකි. ඇතැම් බටහිර ජාතීන් ඉතා ප්‍රාථමික අවධියක සිටින යුගයක චීනය සිය අභිමානය වෙනුවෙන් කළ දැවැන්ත නිර්මාණ අද වෙද්දී ලෝකයේ පාලනයට ප්‍රබලව සම්බන්ධකම් ඇති කරගෙන තිබෙන අයුරු දැකිය හැකිය. එහිදී චීනය සිය නාමය මුලින්ම ලෝක පූජීත කළේ චීන මහා ප්‍රාකාරය ඉදිකරමිනි. එවකට වෙනත් ජාතියකට එවන් වික්‍රමයක් කරන්නට තබා සිතාගන්නටවත් නොහැකි යුගයකි. එවන් යුගයක අති විශිෂ්ට නිර්මාණයක් කළ චීනය එයින් නොනැවතී සිය ආර්ථිකය ඉතා ශීඝ්‍ර දියුණුවක් සහිත වේගවත් ගමනකට යොමුකර ගන්නට සමත් විය. ඒ, 1978 වර්ෂයේ සියාව් පින්ග්ගේ නව ආර්ථික දර්ශනයත් සමගින් ඇති වූ ආර්ථික පුනරුදයේ ප්‍රතිඵලයක් ලෙසිනි. එම ආර්ථික වර්ධන වේගය සම වන්නට තබා අහලකටවත් එන්නට අනෙකුත් කිසිදු රාජ්‍යයකට පහසු නොවීමද විශේෂ කාරණාවකි.

එලෙස අති විශිෂ්ට ආර්ථික සංධිස්ථානයක් ලබාගත් චීනය තවත් දැවැන්ත කටයුත්තක් කරමින් ලෝකයේ පාලන බලය සියතට නතු කරගත්තේ එතෙක් පෘථිවියේ පැවැති භ්‍රමණ වේගයද යම් වෙනසකට බඳුන් කරමිනි.

චීන මහා ප්‍රාකාරයට නොදෙවැනි මෙම නිර්මාණය නම් ත්‍රී ජෝර්ජ් නමින් හැඳින්වෙන අති විශාල වේල්ලයි. මෙය වේල්ලක් යැයි කියූ පමණින් අපගේ සිහියට නැගෙන වේල්ලක් නොවන අතර එය ලෝක ඉතිහාසයේ ඉදිවූ විශාලතම වේල්ල ලෙසින්ද ඉතිහාසගතවී හමාරය. යන්ග්ට්සේ ගංගාව හරස් කරමින් ඉදිකර ඇති ත්‍රී ජෝර්ජ් වේල්ල සමගම කියැවෙන අනෙක් නිර්මාණය වන්නේ එතෙක් මෙතෙක් ලෝකයේ ඉදිකෙරුණු විශාලතම ජල විදුලි බලාගාරයයි. ත්‍රී ජෝර්ජ් වේල්ල හා ඉදිකෙරුණු ජල විදුලි බලාගාරයෙන් ජනනය කෙරෙන විදුලි ධාරිතාව දැනට ලෝකයේ ඇති විශාලතම න්‍යෂ්ටික බලාගාරයෙන් නිපදවන බලශක්තිය මෙන් පහළොස් ගුණයකි. එය කිලෝවොට් මිලියන 22.5කි. ඒ සඳහා ත්‍රී ජෝර්ජ් වේල්ල හා සම්බන්ධව ජෙනරේටර් 32ක් සවිකර ඇත. එම එක් ජෙනරේටරයක මෙගාවොට් 50ක විදුලි ධාරිතාවක් නිපද වේ.

මේ වේල්ල ඉදිකිරීම සඳහා චීනයට ඇමෙරිකානු ඩොලර් බිලියන තිහක මුදලක් වැය කරන්නට සිදුව ඇත. ත්‍රී ජෝර්ජ් වේල්ල ඉදිකිරීම හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල ජීවත් වූ ලක්ෂ 13ක ජනතාවට සිය උන්හිටි තැන් මාරු කරන්නට සිදුවී තිබේ.

මේ මහා නිර්මාණයේදී සම්පූර්ණ නගර 13ක්, අර්ධ නාගරික ප්‍රදේශ 140ක්, ගම්මාන 1,600ක් සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. ඒත් සමගම වසර දහස් ගණනක් පැරැණි ඓතිහාසික භූමි විශාල ප්‍රමාණයක්ද අහිමි වීම කනගාටුවට කරුණක් වුවත් මෙයින් සිදුව ඇති ආර්ථික ප්‍රවර්ධනය නිසාම අන් සියලු කාරණා යටපත්ව යෑම රහසක් නොවේ.

මේ සියල්ල සමගින් ත්‍රී ජෝර්ජ් වේල්ල හා ඉදිවෙන ජලාශය තවත් සුවිශේෂ කාරණයක් හේතුවෙන් ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත් වෙනවා. එනම් මේ ජලාශයේ එක්රැස් වෙන ජල කඳ හේතුවෙන් පෘථිවියේ එතෙක් මෙතෙක් පැවැති භ්‍රමණ වේගය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීමක් සිදුවන බවට විද්වතුන් අදහස් දක්වා තිබෙනවා. ඒ අනුව පෘථිවියේ භ්‍රමණය මයික්‍රො තත්පර 0.6කින් ප්‍රමාද වීමක් සිදුව ඇත.

මෙම බලපෑමට හේතුව වන්නේ ත්‍රී ජෝර්ජ් වේල්ලේ සම්පූර්ණ මට්ටමට ජලය පිරුණු විට එය මුහුදු මට්ටමේ සිට මීටර් 175කින් යුක්ත වේ. මෙහි ඝන කිලෝමීටර් 39ක ජල කඳක් එකතු වීමක්ද සිදුවෙනවා. එම ජල කඳේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් ටි්‍රලියන 39ක් බවත් හෙළිවී තිබෙනවා. එතරම් බරක් සහිත ජල කඳක් ඉතා සීමිත ප්‍රදේශයක පැතිර තිබීම මත එය පෘථිවියේ භ්‍රමණයට බලපෑමක් විය හැකි බවටයි බොහෝ විද්වතුන් අදහස් පළ කර ඇත්තේ.

කෙසේ නමුත් චීනයේ ත්‍රී ජෝර්ජ් වේල්ල ලෝකයේ අද්විතීය නිර්මාණ සහ ඉදිකිරීම් අතර සුවිශේෂ තැනක් හිමිකර ගන්නා අතර, එය චීන මහා ප්‍රාකාරයට නොදෙවැනි ගෞරවයක් චීනයට උරුම කරවයි. එමෙන්ම එරට ආර්ථිකයට ත්‍රී ජෝර්ජ් වේල්ල හා ඊට සම්බන්ධ බලාගාරය හේතුවෙන් ලැබෙන දායකත්වයද සුළුපටු නොවේ.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

තවත් ලෙඩක්! පාස්කු ප්‍රහාරය ගැන පාප් වහන්සේට ලියුමක් ගිහින්!

Next Post

සෙනසුරු සමග සෙල්ලම භයානකයි…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.