• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබව පාරට වට්ටන යෝග…

August 7, 2021
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
ඔබව පාරට වට්ටන යෝග…
Share on WhatsAppShare on Facebook

ජන්ම පත්‍රයක පිහිටන අශුභ යෝග අතර ඉතා ප්‍රබල අශුභ යෝගයකි කේමද්‍රැම යෝගය. මෙම යෝගය නිර්මාණය වනුයේ කේන්දරයේ චන්ද්‍රයාගෙන් දෙපස රාශිවල හෙවත් උත්පත්ති චන්ද්‍රයාගෙන් දෙවැන්නේ හා 12 වැන්නේ කිසිදු ග්‍රහයකු නොමැති වීමෙනි.

යම් ජන්මියකුගේ ජන්ම පත්‍රයේ කේමද්‍රැම යෝගය පිහිටි කල ඔහු හෝ ඇය ඉතා අවාසනාවන්ත දිළිඳු කෙනෙකි. කරන කියන වැඩ අසාර්ථක වේ. බොහෝ විට තනිකඩ ජීවිත ගත කරයි. විවාහ වුවද දරුවන් නොමැත. විවාහ දිවිය අන්තිම අසාර්ථක වී කැඩීයයි. මෙවැනි කේන්දර හිමියෝ බොහෝ විට ජීවන වෘත්තිය ලෙස බැලමෙහෙවරකම්වල නිරත වේ. තවද නිතර අනුනට දෝෂාරෝපණය කරන අතර සොරකමට මෙන්ම වංචාවට බරය. මෙම යෝගය කෙතරම් අවාසනාවන්තද යත් මොවුන්ගේ මරණය පවා අන්ත දුක්ඛිතය. මෙම යෝගයේ අශුභත්වය ඉහත ආකාර වුවද යමකුගේ ජන්ම පත්‍රයක පිහිටා ඇති කේමද්‍රැම යෝගය ජන්ම පත්‍රයේත්, නවාංශකයේත් යෙදී ඇති ග්‍රහ පිහිටීම තුළින් භංග වේ නම් උක්ත යෝගයේ අනිටු ඵල කිසිදා උරුම නොවේ. එනිසා ඒ සම්බන්ධව අනියත බියක් ඇති කරගත යුතු නොවේ. කේමද්‍රැම යෝගය භංග වන ක්‍රම ගණනාවකි.

  1. ජන්ම පත්‍රයේ චන්ද්‍රයා සිටින රාශියට ග්‍රහයකුගේ දෘෂ්ටියක් වැටීම.
  2. උත්පත්ති චන්ද්‍රයාගෙන් දෙවැන්නට හෝ 12 වැන්නට ග්‍රහයකුගේ දෘෂ්ටියක් වැටීම.
  3. ජන්ම පත්‍රයේ 8 වැන්න අධිපති නොවන ගුරු ග්‍රහයාගෙන් යෙදෙන ගජකේශරී යෝගය පිහිටා තිබීම.
  4. කේන්දරයේ චන්ද්‍රාධි යෝගය පිහිටා තිබීම.
  5. ලග්නයෙන් 4 වැන්නේ ග්‍රහයකු හෝ ග්‍රහයන් කීපදෙනකු තැන්පත් වීම.
  6. චන්ද්‍රයාගෙන් කේන්දරගතව ග්‍රහයන් පිහිටීම.
  7. නවාංශක කේන්දරයේ සඳුගෙන් එක් පසෙක හෝ දෙපසම ග්‍රහයකු හෝ ග්‍රහයන් පිහිටීම.
  8. ලග්නයෙන් කේන්දර ස්ථාන වැඩි ගණනක ග්‍රහයන් වීම.
  9. නවාංශක කේන්දරයේ සඳු සිටින රාශියට අනුරූපව ලග්න කේන්දරයේද උක්ත රාශිය දෙපස ග්‍රහයන් සිටීම.

තවද උක්ත කේමද්‍රැම යෝගය භංග වන ක්‍රම සඳහා දායක වන ග්‍රහයන් ප්‍රබල රාශිගත බලයකින් සිටිය යුතු වන අතර, අශුභත්වය භංග කරනු වස් දායක වන ගජකේශරී ආදී කොට ඇති ප්‍රබල යෝගද ඉතා බලගතුව නිර්මලව පිහිටා තිබිය යුතුය. එපමණක් නොව සඳු මතට හෝ සඳුගෙන් දෙපසට වැටෙනා දෘෂ්ටිද ශුභ විය යුතුය.

ජන්ම පත්‍රයක මෙම අශුභ යෝගය පිහිටා භංග නොවන අවස්ථාවන්හිදී යෝගයෙන් ගෙන දෙන අනිටු ඵලවලින් දුකට පත්වීම, එසේත් නැතිනම් දිළිඳු වී අසාර්ථක වීම වළකනු වස් ප්‍රතිකර්මයක් ලෙස උපන් ප්‍රදේශයෙන් ඉතා ඈතකට හෝ විදේශ රටකට හෝ පදිංචියට යෑම සිදුකරයි. එම ක්‍රමවේදය තුළින් භංග නොවන කේමද්‍රැම යෝගයේ අනිටුඵල වළකාගත් අය බොහෝය. මෙහිදී අවශ්‍ය වනුයේ තම ජන්ම පත්‍රයේ කේමද්‍රැම යෝගය පිහිටා තිබේද, එසේ පිහිටා ඇතිනම් එය භංග වේද නොවේද යන්න නිවැරැදිව දැනගැනීමය. ඒ සඳහා උගත් ජ්‍යොතිෂවේදියකුගේ සහාය ලබාගන්න. එවිට 100%ක්ම නිවැරැදිව යෝගයේ ස්වභාවය සම්බන්ධව දැනුවත් විය හැකිය.

ජ්‍යොතිෂවේදී දේශබන්දු ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

ලෝකයම මවිත කළ මාදුරු ඔයේ ගල් සොරොව්ව…

Next Post

පුලතිසිපුරට මහජන බැංකුව අලුත් මුහුණුවරකින්

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.