මහජන බැංකුවේ පොළොන්නරුව ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය සහ දෙහිඅත්තකණ්ඩිය ශාඛාව නවීකරණය කර විවෘත කිරීම එහි ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.
ඒ අනුව පොළොන්නරුව ප්‍රාදේශීය ලේකම් පරිශ්‍රයේ ස්ථාපිත මහජන බැංකුවේ පොළොන්නරුව ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය වඩාත් සුවපහසුකම් රැසකින් සමන්විතව නවිකරණය කර ඇති අතර, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ජනතාවට වඩාත් පුළුල් බැංකු පහසුකම් පිරිනැමීමේ අරමුණින් දෙහිඅත්තකණ්ඩිය ශාඛාව අංග සම්පූර්ණව අතිනවීන තාක්ෂණයෙන් යුක්තව නවීකරණය කර ඇත.
පොළොන්නරුව ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි, අතිරේක දිස්ත්‍රික් ලේකම් ඒ.ඩී.එස්. වනසිංහ, ආඥාපති, මේජර් ජෙනරාල් මහේෂ් අබේරත්න යන මහත්වරුන් ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සහභාගි වූහ.











