• About us
  • Contact us
Monday, July 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලෝකයම මවිත කළ මාදුරු ඔයේ ගල් සොරොව්ව…

August 7, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
ලෝකයම මවිත කළ මාදුරු ඔයේ ගල් සොරොව්ව…
Share on WhatsAppShare on Facebook

ලෝකයේ විවිධ රටවල අතීතයට අයත් විවිධාකාර නිර්මාණ ඉදිකිරීම් ලෝකයේ සියලු රටවල් මවිත කරවන අවස්ථා අනන්තවත් අසන්න දකින්න ලැබෙනවා. හැබැයි ඒ සියලු දේ අතරින් ශ්‍රී ලාංකේය හෙළ නිර්මාණ ඉදිකිරීම් ලෝකයේ ආන්දෝලනයට ලක්ව ඇත්තේ අතිශය සංකීර්ණ විස්මිත නිර්මාණ ලෙසිනුයි. එමෙන්ම අද මෙන් තාක්ෂණයක් නොතිබූ වසර දහස් ගණනකට පෙරදීත් අතීත හෙළයා සතුව තිබූ විස්මිත තාක්ෂණික ඥානය සහ හැකියාව මෙන්ම නිර්මාණාත්මක බවත්, සූක්ෂ්මව කටයුතු කිරීමේ හැකියාවත් ලොව සියලු ජාතීන් මවිතයට පත් කළ කරුණකි.

එහෙම ලෝකයක් මවිත කරපු අතීත හෙළ නිර්මාණ අතරට අයත් වන බහුතරයක් ඉදිකිරීම් අතර සීගිරියට සුවිශේෂ තැනක් හිමිවන අතරම අනෙකුත් විහාරාරාම, ශෛලමය නිර්මාණ, රාජධානි මෙන්ම ඇස් අදහාගත නොහැකි වාරි කර්මාන්තවලටත් විශිෂ්ට ස්ථානයක් හිමි වෙනවා. එවැනි විශිෂ්ට වාරි ඉදිකිරීමක් ලෙස මාදුරුඔය පැරැණි සොරොව්වටද හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. ගල් කුට්ටි භාවිතයෙන් කළ මෙම සොරොව්ව හෙළ ඉතිහාසයේ විස්මිත වාරි නිර්මාණ කාර්යය සහ හෙළයා තුළ ඊට තිබූ ප්‍රබල හැකියාවත් මනාව පෙන්නුම් කරයි.

මාදුරුඔය පැරැණි සොරොව්ව පිළිබඳ ජනප්‍රවාදයේ පැවැත එන කතා පුවත් රාශියකි. ඒ අතරින් කිහිපයක් බොහෝ දෙනකුගේ අවධානය දිනාගන්නට සමත්ව ඇති අතර ක්‍රි.පූ. 06 වැනි සියවසේ එනම් විජය රජුගේ පැමිණීමට පෙර මෙරට වාසය කළ යක්ෂ ගෝත්‍රිකයන් මෙම විස්මිත සොරොව්ව ඉදිකළ බවත්, එවකට ඔවුන් සතුව මෙවැනි ශෛලමය ඉදිකිරීම් සඳහා විස්මිත හැකියාවක් සහ රාවණා යුගයේ පටන් පැවැත එන තාක්ෂණික ඥානයක් තිබූ බවටයි පැවසෙන්නේ. ගල් කුට්ටි ප්‍රමාණ කිරීමටත්, එකට සම්බන්ධ කිරීමටත්, තැනට සම්බන්ධ කිරීමටත් තැනට සුදුසු අයුරින් ගල් කුට්ටි සැකසීමටත් යක්ෂ ගෝත්‍රිකයන් සතුව ප්‍රබල හැකියාවක් තිබූ බවටත් විශ්වාස කෙරෙනවා. විවිධ ස්ථාන කරා විශාල ගල් කුට්ටි රැගෙන යෑම සඳහා උපකාරී වන කාය ශක්තියක් සහ ඊට සරිලන විවිධ උපක්‍රමයන්ද යක්ෂ ගෝත්‍රිකයන් සතුව තිබූ බවත් පැවසෙනවා.

කෙසේ නමුත් මහාවංශයට අනුව බලන විට ක්‍රි.ව.273 දී මහසෙන් රජු ඉදිකර ක්‍රි.ව.1055 සිට ක්‍රි.ව.1110 දක්වා රජ කළ 01 වැනි වියජබාහු රජු සහ ක්‍රි.ව.1153 සිට ක්‍රි.ව.1186 දක්වා රජ කළ 01 වැනි පරාක්‍රමබාහු යන රජවරුන් ප්‍රතිසංස්කරණය කර ඇති මහාදාරගල්ල නමින් හැඳින්වූ ජලාශය මෙය විය හැකි බවටත් අනුමාන කෙරෙනවා. එමෙන්ම මහා දාරගල්ල යන නාමය පසුව මහාදාරමාදර, මාදුරු වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
මහවැලි ගඟ හා මාදුරු ඔය අතර ඇති භූමි ප්‍රදේශය ක්‍රි.පූ. පළමු සියවසේදී හඳුන්වා ඇත්තේ ආර ගඟ යන නාමයෙනි. එසේම මහාවංශයෙ අන්තරා ගඟ වශයෙන් දක්වා ඇත්තේද මෙයම විය හැකි බවටත් මතයක් වෙයි. කූටකණ්ණතිස්ස රජු ක්‍රි.පූ. 44-22 කාලයේ මෙය කරවා ඇති බවත් පැවසෙනවා. ඒ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් ශිලා ලිපි හා මහාවංශය ඇසුරින් කරුණු ගෙනහැර පෙන්වා දී ඇත. පසුගිය කාලයේ මෙම ස්ථානයෙන් ලබාගත් නියැදියක් ඇමෙරිකා එක්සත් ජනපදයේදී කාබන් පරීක්ෂාවට ලක් කර බලා ඇති අතර එමගින් නිගමනය කර ඇත්තේ මෙය 01 වැනි සියවසට අයත් බවයි.


එයින් හෙළිවන්නේ ක්‍රි.පූ. 01 වැනි සියවසේදී කූටකණ්ණතිස්ස රජු විසින් ඉදිකළ වැව මෙය විය හැකි බවකි. ඒ අනුව මෙහි මුල් කොටස විජය රජුගේ පැමිණීමට පෙර මෙහි වාසය කළ යක්ෂ ගෝත්‍රිකයන් විසින් ඉදිකරවූ බවට සැකයකින් තොරව අනුමාන කළ හැකි අතර ඒ බව විවිධ ජනප්‍රවාද ඔස්සේද තහවුරු වෙයි.

මෙම සුවිශේෂ වාරි නිර්මාණයේ සොරොව්ව මෙන්ම වැව් බැම්මද විශේෂ වෙයි. දීර්ඝ කාලයක් පවතින ආකාරයට නිමවා ඇති අයුරු දැකගත හැකිය. කඩිනම් මහවැලි ව්‍යාපාරයේ මාදුරුඔය ජලාශයේ ඉදිකිරීම් කටයුතුවලදී මෙම පැරැණි සොරොව්ව හමුවූ අතර එම ඉපැරැණි නිර්මාණ ආරක්ෂා කරගැනීම සඳහා මාදුරුඔය ජලාශයේ යෝජිතව තිබූ බැම්මේ හැඩය වෙනස් කිරීමට සිදුවිය. ඒ අනුව පෙර සැලසුම් වෙනස් කොට පැරැණි ඉදිකිරීම් ආරක්ෂා වන අයුරින් වක්‍රාකාර හැඩයකට නව බැම්ම නිමවා තිබේ.

ඒ අනුව තවත් චිරාත් කාලයක් පුරා අතීත හෙළයාගේ විස්මිත වූ වාරි නිර්මාණයක් වන මාදුරු ඔය පැරැණි සොරොව්ව දෙස් විදෙස් බොහෝ දෙනකුගේ ඇගයීමට පාත්‍රවනු නොඅනුමානය.

කුමාර රත්නාය

SendShareShare
Previous Post

කොළඹ බෝම්බ පුපුරන හඬ පටයක්! පොලිසිය වහා පරීක්ෂණ අරඹා සොයා ගත් දේ!

Next Post

ඔබව පාරට වට්ටන යෝග…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කැකුළු හාල් එනවා! පෝලිමුත් තියෙනවා! VIDEO I Sri Lanka Latest News‍
Exclusive

වැඩියෙන්ම වී කැපෙන උතුරු නැගෙනහිර-අම්පාරේ අද ඉඳන් වී මිලදී ගන්නවා! I Sri Lanka Latest News

මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම් අද (13) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.Sri Lanka Latest News ඒ අනුව මේ දිනවල...

Read more
එල්-නිනෝ එන්න ඔන්න මෙන්න තිබියදී දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි! කාලගුණ ප්‍රශ්නවලදී ආණ්ඩුවක් වැඩ කළ යුතු විදිහ ගැන ජනතාව ආරක්ෂා කරගත යුතු විදිහ ගැන විපක්ෂනායක සජිත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ එන්න ඔන්න මෙන්න තිබියදී දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි! කාලගුණ ප්‍රශ්නවලදී ආණ්ඩුවක් වැඩ කළ යුතු විදිහ ගැන ජනතාව ආරක්ෂා කරගත යුතු විදිහ ගැන විපක්ෂනායක සජිත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී  ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි අයින් කරන්න! කෘෂිකර්ම ඇමැතිකම ජනාධිපතිම බාරගන්න! නුවරඑළිය ගොවීන්ගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

ත්‍රි’මලේ මොරවැව ප්‍රාදේශීය සභාව මාලිමාවට! පොහොට්ටුව දෙවැනි තැනට! VIDEO I Sri Lanka Latest News

කඩයමොට්ට සමූපෙ ඡන්දයේ ගුටි කෙළියක්! කැරලි මර්දනයෙනුත් එයි! ජංජාල ගොඩක් මැද මාලිමාව පරදා පොහොට්ටුව බලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.