• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

නිකරුණේ මරණයට පත්කළ ගැබ්බර රත්නවල්ලී ඇතුගල්පුර වැවෙන් මතුවෙයි…

July 31, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
නිකරුණේ මරණයට පත්කළ ගැබ්බර රත්නවල්ලී ඇතුගල්පුර වැවෙන් මතුවෙයි…
Share on WhatsAppShare on Facebook

කාගේත් නෙත් සිත් ඇදබැඳ තබාගන්නා අපූරු සොබාව සෞන්දර්යයෙන් පිරුණු තෝතැන්නකි ඇතුගල්පුරවරය. මුහුදු මට්ටමේ සිට මීටර් 166ක් උසින් ඇතුගල්පුරවරය කුරුණෑගල පිහිටා තිබේ. නගර මධ්‍යයේ පිහිටා ඇති ආකර්ෂණීය ස්ථානයක් වන ඇතුගල කුරුණෑගල අනන්‍යතාව හෙළිකරනු ලබයි. ඇතුගල මීටර් 316ක් උසින් යුක්ත හස්තියකුගේ විලාසය පෙන්නුම් කරයි. කුරුණෑගල යන නාමය පටබැඳෙන්න මෙම පර්වතය හේතු වූ බව බොහෝ දෙනකුගේ විශ්වාසය වේ.

‘රන්තාලිය වැව ළඟ උන් කාලය මතකද.. .’යන ගීතයේ පදවල කැටි වී ඇත්තේ ඇතුගල්පුර තිබෙන තවත් සුන්දරත්වයක් පිළිබඳවයි. ඒ රන්තාලිය වැවයි. රන්තාලිය වැව පිළිබඳ පුදුමසහගත රසබර කතා ජනප්‍රවාදයේ තිබේ.

කාලයකට පෙර මුළු සත්කෝරලයටම නැතිනම් කුරුණෑගල දිශාවටම කෝරලේ මහත්තයෙක් සිටි බව පැවසේ. මේ කෝරලේ මහත්තයාට පහත් යැයි සම්මත කුලයක කාන්තාවක් සමග සම්බන්ධතාවක් තිබී ඇත. ඒ කාන්තාවගේ නම රත්නවල්ලිය. මේ කෝරලේ මහත්තයාට දුවෙක් සිටි අතර පුතකු නොසිටියේය. ඉතින් පුතකුගේ අවශ්‍යතාවක් නිසාම රත්නවල්ලි සමග එක්ව පුතකු බිහිකරන්න තීරණය කර ඇත. මේ රත්නවල්ලි ගැබ්බර වුණායින් පසුව මෙම කතන්දරය කෝරලේ මහත්තයාගේ මැණිකෙට (බිරියට) ආරංචි වී තිබේ. පසුව මැණිකේ විසින් මිනිසුන්ව යොදවා රත්නවල්ලිව ඝාතනය කරවා ඇත.

මීට පෙරදී කෝරලේ මහත්තයා රත්නවල්ලිට රත්තරං තලියක් දී ඇත. ඉතින් මේ කාන්තාව කෝරලේ මහත්තයාගෙනුත් ඒ පරම්පරාවට අයත් සියල්ලන්ගෙනුත් පලිගන්නට සිතා රන් තලිය කුරුණෑගල වැව මැද්දේ දිස්වෙන්න තබා ඇති බව ජනප්‍රවාදයේ එයි. අදටත් ඒ තලිය ගන්න යන සෑම කෙනෙක්ම වැවට බිලිවෙනවා යැයි මතයක් කුරුණෑගල ජනතාවගේ සිත තුළ තිබේ. කුරුණෑගල වැව අසල තිබෙන පැරැණි රන්තාලිය වලව්ව ලෙස සලකන රන්තාලිය තානායම ඉදිරිපිට සෑම අවුරුද්දකම නාන්න එන කෙනෙක් මේ වැවට බිලිවී තිබේ. පැරන්නන් පවසන්නේ ‘වල්ලි අරන් යනවා’ කියායි. තවත් සමහරු විශ්වාස කරනවා ඒ රන් තලිය නිධානයක් වී වැව මැද්දේ ඇති බවත්, එය කාලයකට වැවෙන් උඩට ඇවිත් පාවෙන බවත්ය.

කෙසේ වෙතත් වල්ලිගේ ශාපය කෝරලේ මහත්තයාගේ පරම්පරාවට පළදෙන බව පැරන්නන්ගේ අදහසයි. මේ වැවේ රන් තලියක් මතුවන නිසා රන්තාලිය වැව නමින් හඳුන්වනු ලැබේ. ඒ කාලේ රජකම් කළ වත්හිමි කුමරු රන් තලිය ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක වී ඇත. ඇත්ත නැත්ත කෙසේ වෙතත් මෙම කතා පුවත ජනප්‍රවාදයේ පැවැත එන රසබර කතාවකි.

අක්කර 150ක් පුරා විහිදී ඇති රන්තාලිය වැව මුළු ඇතුගල්පුරයටම ආඩම්බරයකි. කුරුණෑගල නාගරික ජනතාවට පානීය ජලය ලබාදීම, කෘෂිකර්මාන්තයට, සංචාරක කර්මාන්තයට රන්තාලිය වැව මහත් දායකත්වයක් ලබා දේ. වර්තමානය වන විට කාගේත් නෙත් සිත් ඇදබැඳගන්නා අපූර්වත්වයෙන් යුත් සුන්දර ප්‍රදේශයක් බවටත්, ජායාරූප ගැනීමට ප්‍රසිද්ධ ස්ථානයක් බවටත් පත්ව ඇත. වැව වටා ශාරීරික සුවතා වෙනුවෙන් තැනුණු මංතීරුවක්ද තිබේ. විශේෂයෙන්ම රන්තාලිය වැව අසල සුන්දර පරිසරය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ කුරුණෑගල මහනගර සභාවේ නගර අලංකරණ ව්‍යාපෘතියටයි.

නිදහසේ සුවදායි පරිසරයක මොහොතක් ගතකරන්න කැමැති පුද්ගලයන් මේ සුන්දර ස්ථානයට නිතරම පැමිණේ. කෙසේ වෙතත් අනාගත පරපුර වෙනුවෙන් මෙම සුන්දර පරිසරය රැකබලා ගැනීමට අප වගබලා ගත යුතුය.

ඒ.එම්. අයේෂා සංදීපනී අධිකාරි
ඉබ්බාගමුව, කුරුණෑගල.

SendShareShare
Previous Post

ගෝඨා ආයෙ දිනයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ඔබේ කේන්දරේ හරිද?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.