• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ගෝඨා ආයෙ දිනයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

July 31, 2021
in Exclusive, Gurudawa
Reading Time: 7 mins read
A A
ගෝඨා ආයෙ දිනයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Sri Lanka's President Gotabaya Rajapaksa walks during his ceremonial reception at the Indian Presidential House in New Delhi on November 29, 2019. (Photo by MONEY SHARMA / AFP) (Photo by MONEY SHARMA/AFP via Getty Images)

Share on WhatsAppShare on Facebook

තමා 2024 ජනාධිපතිවරණය තරග කිරීමට අදහස් නොකරන බවත්, පොදු අපේක්‍ෂකයෙක් තෝරා ගන්නා ලෙසත් තමා සිංහල බෞද්ධ ඡන්ද ගන්න උදව් කරන බවත් ගෝඨාභය ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂවලට පැවැසූ බව ටික කලකට කලින් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒ කතාව ප්‍රසිද්ධ වීමෙන් පසු ගෝඨාභය ගම සමඟ පිළිසඳරට එක් වෙමින් පවසා සිටියේ තමා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ මහජනතාව බවය.

ඉන් පසු 2024 ජනාධිපති අපේක්‍ෂකයා නාමල් රාජපක්‍ෂ බවට ආණ්ඩුව ඇතුළෙන්ම ප්‍රචාරයක් දියත් විය. නාමල්ට අපේක්‍ෂකයා වීමට කිසිදු බාධාවක් නැතැයි ආණ්ඩුවේම මැති, ඇමැතිවරු පවසා තිබිණි.

මෑතකදී 2024 ජනාධිපති අපේක්‍ෂකයා බැසිල් රාජපක්‍ෂ යැයි බැසිල් හිතවාදී මැති ඇමැතිවරු, මන්ත්‍රිවරු කියන්න පටන් ගත්හ. බැසිල් පාර්ලිමේන්තු එන්නේ 2024 ජනාධිපති අපේක්‍ෂක වී දිනන ටාගට් එකට යැයි බැසිල්වාදීහු දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළහ.

මේ අල්ලපනල්ලේ ගෝඨාභය මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති හමුවකදී තමන්ට තවත් නිල කාලයක් ඇතැයි කීවේ 2024 ජනාධිපතිවරණයට එන බව ඉඟිකරමින්ය.

ගෝඨාභය මේ කතාව කියා දැනට හරියටම සතියකි. මේ කතාවට ප්‍රතිචාර දැක්වූයේ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා පමණි. ගෝඨාභය ඊළඟ ජනාධිපතිවරණයට එනවා යැයි කීමත් සමග විපක්‍ෂය බය වෙලා යැයි ඔහු කීවේය.

‘පොදුජන පෙරමුණ මොකද ඒ ගැන කතා නැත්තේ…?’

ගෝඨාභය ඊළඟ ජනාධිපතිවරණයට එනවා නම් ආ යුත්තේ පොදුජන පෙරමුණෙන්ය. එසේ නම් ගෝඨාභය ජනාධිපතිවරණයට එන බව නිල වශයෙන් ප්‍රකාශ කළ යුත්තේ පොදුජන පෙරමුණය. ඒත් පොදුජන පෙරමුණ ඒ ගැන කට හෙල්ලුවේවත් නැත.

‘ඒ කියන්නේ ගෝඨාභය එම ප්‍රකාශය කළේ සහෝදරයෝ සමග සාකච්ඡා කරල නෙවෙයිද..?’

2015 මහින්ද පරාජය වීමෙන් පසුව ජනතාව තමන් ඉල්ලනවා නම් ජනාධිපතිවරණයට එන්න කැමැති යැයි ගෝඨාභය කිහිප වරක්ම ප්‍රකාශ කළේය. අන්තිමේදී ගෝඨාභය අපේක්‍ෂකයා විය යුතු යැයි ඒකමතික තීරණය ගත්තේ රාජපක්‍ෂ පවුල විසිනි. ඒ 2019 ජනාධිපතිවරණය ආසන්නයේය.

‘2024ටත් ගෝඨාභය රාජපක්‍ෂ පවුලෙන් අනුමැතිය ගනියිද..?’

ඇත්තටම මෙවර ගෝඨාභයට රාජපක්‍ෂ පවුලේ අනුමැතියක් අවශ්‍ය නැත. රටේ ජනාධිපති ලෙස නියමිත කාලයට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කොට තමන් ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තමාම ප්‍රකාශ කරන්න ඔහුට විධායක ජනාධිපති ධුරයේ බලය පාවිච්චි කළ හැකිය. එවිට රාජපක්‍ෂ පවුලට හෝ පොදුජන පෙරමුණට හවුල්කාර පක්‍ෂවලට නැහැ, බැහැ කියන්න බැරිය.

‘ගෝඨා ඒ අවදානම ගනියිද..?’

2019 ජනාධිපති අපේක්‍ෂක වෙන්න ගෝඨාභයට ලොකුම හයිය තිබුණේ මහින්ද සුළඟේ පෙරගමන්කරුවන් වූ විමල්, උදය මෙන්ම මෛත්‍රිපාලත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ රාජපක්‍ෂවාදී මාධ්‍යයන්ගෙන්ය.

‘මෙවර ඒ හයිය ගන්න ගෝඨාට පුළුවන්ද..?’

මෙවර ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය වෙනුවෙන් විමල් සහ උදය 2019 වගේ පෙරට එන පාටක් නැත. ඔවුන් 2019 හිතුවේ ගෝඨාභයව ගේන්නේ තමන් නිසා ගෝඨාභය තමන් එක්ක වැඩ කරයි කියාය. අනෙක රාජපක්‍ෂ පවුල ඇතුළේ විමල්ට සහ උදයට තිබුණු ලොකුම ප්‍රශ්නය වූ බැසිල්වත් ගෝඨා මායිම් නොකරනු ඇතැයි ඔවුහු සිතූහ. තමන්ට ප්‍රධාන පෙළේ ඇමැති ධුර දී තම න්‍යාය පත්‍රයට ගෝඨා වැඩ කරනු ඇතැයි ඔවුහු සිහින දුටුහ. හැබැයි ඔවුන් හිතපු එකක්වත් වුණේ නැත. ඔවුන් හිතපු ඇමැති ධුර ඔවුන්ට ලැබුණේ නැත. ගෝඨා ඔවුන්ගේ න්‍යාය පත්‍රයට වැඩ කරනවා කියා ඔවුන්ගෙන් උපදෙස් ගැනීමක්වත් සිද්ධ වුණේ නැත. කොළඹ දිස්ත්‍රික්කයෙන් විමල්ව දෙවැනියා කොට උදය ගම්මන්පිලව තුන්වැනියාට ඇද දමපු සරත් වීරසේකරට ගෝඨාභය ප්‍රබලතම ඇමැති ධුරය දුන්නේය.

‘ඒ වෙලාවේ මට තනි තීරණ ගන්න බැරි වුණා. 2024 එන්නේ මගේම ආණ්ඩුවක්. මම එතකොට ඔයගොල්ලන්ව හොඳට බලාගන්නම්…’

ගෝඨාභය 2024 ජනාධිපතිවරණයට පෙර විමල් සහ උදය කැඳවා එහෙම කිව්වොත් විමල් සහ උදය හා කියයිද දන්නේ නැත. හැබැයි විමල් සහ උදය බැහැ කියන්න ඉඩකඩ වැඩි බව දන්නා ගෝඨාභය ජනාධිපතිවරණයට කලින් විමල් සහ උදයගේ කටවල් වහල අඬු දඬු කඩල, තටු කපල තියන්න උත්සාහ ගනු ඇත. මන්ද 2019 ජනාධිපතිවරණයට කලින් තම පවුලේ සාමාජිකයන් ලෙස ළඟට ගත් විමල්ට සහ උදයට ජනාධිපතිවරණයට පසු තමාද ඇතුළු රාජපක්‍ෂ පවුල කොකා පෙන්වූ බව ගෝඨාභය නොදන්නවා නෙවේ.

‘එතකොට මෛත්‍රිපාල..?’

මෛත්‍රිපාල ගෝඨාභයට සහාය දෙන්න 2019 තීරණය කළේ අගමැති හෝ උප ජනාධිපති ධුරයක් හිමි වනු ඇතැයි සිතලාය. අන්තිමට මෛත්‍රිව පොල්කුඩු ගානට වැටුණි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රබලයන්ටත් හිතපු ඇමැති ධුර ලැබුණේ නැත. මෛත්‍රිගෙන් කැඩී පොදුජන පෙරමුණට ආ එස්. බී. වැනි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රබලයන් ඉන්නේ යනඑනමං නැතිවය.

‘වැරැද්දක් වුණා. 2024 මට සපෝට් කරන්න. මම පොරොන්දු වෙච්ච දේවල් කරන්නම්.’

ගෝඨාභය 2024 ජනාධිපති අපේක්‍ෂකත්වයට එන්න කලින් මෛත්‍රිටයි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටයි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් පොදු පෙරමුණට ආ එස්. බී.ලාටයි ඔහොම කිව්වොත් ඔවුන් හරි කියයිද කියා සැකය. අනෙක විමල් සහ උදයගේ අඬු කඩල, තටු කැපුවත් මෛත්‍රිපාලගෙයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙයි අඬු කඩන එක ලෙහෙසි නැත.

2019 ගෝඨාට සහාය පළ කළ රාජපක්‍ෂවාදී මාධ්‍ය එලෙසම ගෝඨාට සහාය දෙයි කියා සිතිය නොහැකිය. හේතුව 2024 වන විට රාජපක්‍ෂලාට අමුවෙන් කඩේ යන මාධ්‍ය ප්‍රතික්‍ෂේප කිරීමට ජනතාව බය නොවන නිසාය. අනෙක 2024 සටන ගලඋඩ සටනක් නිසා රෙදි ගලවගෙන රාජපක්‍ෂලාට කඩේ යන්න මාධ්‍යයත් බයවෙනු ඇත. අවසාන විග්‍රහයේදී මාධ්‍යයටත් රේටින් අවශ්‍යය. අද වගේම 2024ත් ව්‍යාපාරිකයෝ නන්නත්තාර වී සිටියහොත් දැන්වීම් හරහා මාධ්‍ය මෙහෙය වීමට ව්‍යාපාරිකයන්ට ඇති ඉඩ අඩුවෙන් තක්සේරු කළ නොහැකිය.

2019 ගෝඨා දිනවන්න ආ හාමුදුරුවරු සහ සිංහල බෞද්ධ බලවේග 2024 මොනවා කරයිද කියල හිතන්න බැරිය. අනෙක මෙලෙස හාමුදුරුවරු සිංහල බෞද්ධ බලවේග රටම කලත්තලත් මහින්ද 2005 ජනාධිපතිවරණයේදී ගත් සිංහල බෞද්ධ ඡන්ද ගෝඨාභය 2019 ගත්තේ නැත. ඒ බව පහත වගුව බලන විට පැහැදිලිය.

මෙයින් පෙනී යන්නේ ගෝඨාභයට හිතපු තරම් සිංහල බෞද්ධ ඡන්ද දිනාගත නොහැකි වූ බවය. 2024ට ගෝඨාභය එන්නේ 2015 ජනාධිපතිවරණයට මහින්ද ආවා වගේ ආණ්ඩු විරෝධය සහ ජනතා අප්‍රසාදය පොදිබැඳගෙනය. එවිට සිංහල බෞද්ධ ඡන්ද බෙදීම අනිවාර්යය. ගෝඨා 2019 දී ලබාගත් අලුත් ඡන්ද ලක්‍ෂ 11 සමාජ මාධ්‍ය හී ආණ්ඩු විරෝධී රැල්ල දෙස බලන විට මේ වන විට ගෝඨාට අහිමි වී ඇති බව පැහැදිලිය. 2015 මහින්දටත් 2019 ගෝඨාටත් ඡන්දය දුන් ඡන්ද ලක්‍ෂ 58න් සුළු පිරිසක් හෝ කලකිරීම නිසා ඡන්දය නොදී ගෙදර ඉන්න තීරණය කිරීමට ඇති ඉඩකඩ වැඩිය. මේවායින් සිදුවන්නේ සිංහල බෞද්ධ ඡන්ද ගෝඨා සහ විපක්‍ෂයේ අපේක්‍ෂකයා අතර බෙදීමය. කොහොමත් ගෝඨා ආවත් නැතත් සුළු ජාතික ඡන්ද පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයාට නොයන බව නම් සහතිකය.

‘ඉතින් කොහොමද ගෝඨා දිනන්නේ..?’

ගෝඨා මේ යථාර්ථය නොදන්නවා නොවේ. මේ යථාර්ථය දැන ගෝඨා ජනාධිපති ධුරයේ සිටියදී පොදුජන පෙරමුණේ වෙනත් අපේක්‍ෂකයකුට ඉඩ දී නිකන් බලාගෙන සිටී යැයි සිතිය නොහැකිය. ගෝඨා කරනවා නම් කරන්නේ තමන්ට දිනන්න පුළුවන්ද කියලා බලන්න මුට්ටිය දමන එකය. ඒ මුට්ටිය අනෙකක් නොව පොදුජන පෙරමුණු ආණ්ඩුවය. ගෝඨා ජනාධිපතිවරණයකට කලින් මහ ඡන්දයකට යයි කියා අනාවැකි කියන්න ජ්‍යොතිෂවේදීන් ඕනෑ නැත.

උපුල් ජෝශප් ප්‍ර්‍රනාන්දු

SendShareShare
Previous Post

වසංගතය උග්‍ර අතට හැරිලා! සමහරු තමන්වත් රවට්ටගෙන රටම බරපතළ අනතුරකට ඇද දාලා!

Next Post

නිකරුණේ මරණයට පත්කළ ගැබ්බර රත්නවල්ලී ඇතුගල්පුර වැවෙන් මතුවෙයි…

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.