• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රජ කාලේ බදු පොත

October 7, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
රජ කාලේ බදු පොත
Share on WhatsAppShare on Facebook

‘බද්ද’ යන වදන වර්තමානයේ ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇත. ඒ වදනට ප්‍රිය කරන්නන් සොයාගැනීම උගහට වුවද එමගින් සැලසෙන රටක ස්ථාවරභාවය පවත්වාගෙන යාමට සුවිශාල දායකත්වයක් ලබාදෙයි. බදු ගැසීම පිළිබඳ මහනුවර යුගය අතිශයින් වැදගත් වන අතර ඒ කාලයේ නොගැසූ බද්දක් නොමැති තරම්ය. වර්තමානයේ ද නොයෙකුත් දෑ සඳහා බදු අය කරනු ලබයි. වර්තමානයේ පමණක් නොව අතීතයේ සිට පවත්වා ගෙන එන රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙසින් මෙකී බදු ක්‍රම හඳුන්වා දිය හැකිය.

රාජ්‍ය පාලනයේදී එසේත් නැත්නම් රටක් ස්ථාවරව පවත්වා ගෙන යෑමට නම් රජයේ භාණ්ඩාගාරය ශක්තිමත්ව තිබිය යුතුය. ආර්ථික, දේශපාලන ආදී අංශ සඳහා ප්‍රාග්ධනය අවශ්‍ය අතර එකී මූල්‍යමය ප්‍රාග්ධනය සඳහා මෙසේ බදු පැනවීම් සිදුකොට ඇත. මේ පිළිබඳ ඉතා වැදගත් සාක්ෂි ලැබෙන මූලාශ්‍රයක් ලෙසින් ශිලාලේඛන හඳුන්වා දිය හැකිය. ශිලාලේඛන මගින් මෙකී බදු ක්‍රම සම්බන්ධයෙන් බොහෝ කරුණු උකහාගත හැකිය. ‘කර, දක්පති, බොජියපති’ ආදී නම්වලින් හැඳින්වෙන වදන් 3ක් බොහෝ විට අතීත ශිලාලේඛනවල පෙනේ. එහි ‘කර’ යනුවෙන් දැක්වෙන්නේ සාමාන්‍ය බද්ද යන අදහසයි. ‘දක්පති’ යනු ජල බද්දයි. ‘බොජියපති’ යනු ගමක ප්‍රධානියා රජයට ලබාදිය යුතු බදු මුදලයි.

අතීතයේ පටන් මෙරට පැවතියේ කෘෂි කර්මාන්තය මූලික කරගත් ආර්ථික තත්ත්වයක් නිසා බොහෝ විට ජලය හා සම්බන්ධයෙන් බදු ක්‍රම හඳුන්වාදී තිබූ බව පෙනේ. ඊට කදිම නිදසුනක් පෙරියම්කුලම් ශිලා ලේඛනයේ දැක්වේ. එහි වන්නේ වැවේ ජලය කුඹුරුවලට බෙදා දීමේ දී අයකළ බදු මුදලක් සම්බන්ධවයි. මේ කාලයේ දී ඇතුන් වෙනුවෙන්ද බදු ගෙවීමක් රජයට කළ යුතු බව මූලාශ්‍රවල සඳහන් වන අතර ඇතැම් බදු මගින් ලැබෙන මුදල් වෙහෙර විහාර නඩත්තුව සඳහා වැය කර තිබේ.

අතීතයේ භූමිය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති රැසක් තිබුණු අතර ඉඩම් භුක්තිය විෂයයෙහි එහි වැඩි නැඹුරුවක් ඇත. ගබඩාගම් නමින් හැඳින්වූ ඉඩම්වල බොහෝ විට සිදු කෙරුණේ රජයේ භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම සඳහා ඒවායේ වගා කිරීමයි. ඒවායේ ආදායම් ලැබුණේ මහා භාණ්ඩාගාරයටයි. එසේම පමුණු වශයෙන් දුන් ඉඩම්වලින්ද රජයට බද්දක් අයකර ඇත. ඉඩම් බදු යටතේ දුන් ඒවායින්ද මුදල් අය වී ඇත. බදු අයකිරීමේදී මුදල්වලින් පමණක් නොව ධාන්‍ය ආදී අස්වැන්නෙන් බදු ලබාදිය හැකි බව මෙකල තිබුණු ක්‍රමවේදයකි. කෘෂිකර්මාන්තය හා සම්බන්ධයෙන් ‘කරල් බද්ද, දිය බද්ද, මඩ බද්ද’ ආදී බදු පනවා තිබූ බව කියැවේ. අනුරාධපුරයේ ඇති දළදාගෙයි ලිපියේ දැක්වෙන්නේ වැව්වලින් ගන්නා ජලය සඳහා පමණක් නොව ළිංවලින් ගන්නා ජලය සඳහා ද බද්දක් අය කළ බවයි. වෙළෙඳාම් සිදුකිරීමේදීද බදු මුදලක් අය කළ බව කියැවෙන සුප්‍රසිද්ධ ටැම් ලිපිය වන්නේ ‘බදුලු ටැම් ලිපිය’ හෙවත් හෝපිටිගමු ලිපියයි.

මීට අමතරව මේ කාලයේ පැවති බදු සම්බන්ධයෙන් අදහස් දක්වන විමලකීර්ති හිමියන් ‘සිංහලාණ්ඩුව’ නමැති කෘතියේදී ඒ පිළිබඳ කරුණු දක්වා ඇත. කඩබද්ද, ගම්බද්ද, මඩරන්බද්ද, බුලත්මණ්ඩප බද්ද, තීරු බද්ද, රෙදි බද්ද, ඇඟ බද්ද, මස්රන් බද්ද, තොටුපළ බද්ද, කොළවෙල් බද්ද, මුතු බද්ද, මැණික් බද්ද, පුවක් බද්ද, ගම්මිරිස් බද්ද, ගව බද්ද, මරාලය, කිතුල් බද්ද, රටබද්ද, හුවන්දිරම් බද්ද, ඉරවරිය ආදී වශයෙන් බදු ක්‍රම රාශියක් මේ කාලයේ දී පැවැති බව කියැවේ.
මෙකී බදු මුදලින් සියලු අංශ සංවර්ධනය කිරීමට ප්‍රමුඛත්වය ගෙන තිබූ අතර බදු අයකර ගැනීම සඳහාද විශේෂ නිලධාරීන් පත්කර තිබූ බව ද හඳුනාගත හැකිය. වී වැනි ධාන්‍ය සඳහා බදු අයකිරීමේදී සෑම අමුණකටම වී අස්වැන්නෙන් හයෙන් පංගුවක් රජයට බදු වශයෙන් ලබාදිය යුතු බවට නීති සකස්ව තිබූ බව කියැවේ.

කෙසේ නමුත් මෙකී බදු ක්‍රම මගින් මෙකල ජීවත් වූ ජනයාට එතරම් අපහසු වී නොමැත්තේ රාජ්‍ය පාලකයන් රට වැසියන් නිරන්තරයෙන් දිරිමත් කළ නිසා සහ අදාළ කෘෂිකාර්මික අවශ්‍යතා කලට වේලාවට ලබාදුන් නිසාය. රාජ්‍ය පාලනයේ දී බදු ක්‍රම තිබිය යුතු අතර එකී බදු ක්‍රම මිනිසාගේ අවනතිය පිණිස නොව උන්නතිය පිණිසම පැවතිය යුතු බව අතීත බදු ක්‍රමය මගින් පමණක් නොව ඒ හා සම්බන්ධ ක්‍රියාවලිය මගින් හඳුනාගත හැකිය.

රාජකීය පණ්ඩිත පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

පිට්සා හට් වෙතින් Thin Crust පිට්සා

Next Post

ලංකා බැංකුව බොරැල්ල ශාඛාවේ ප්‍රධාන කළමනාකාරිණියට සම්මානයක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සිදුකරන ලද විමර්ශනවලට අදාළ වාර්තා කිහිපයක් නීතිපතිවරයා...

Read more
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.