ශ්‍රමාභිමානී ජාතික සංවර්ධනය, පක්ෂ පාට හා ජාති ආගම් භේදවලින් තොරව ක්‍රියාත්මක වන සංවිධානයකි. දිවයින පුරා විසිර සිටින සාමාජික සාමාජිකාවන්ගේ අදහස් හා යෝජනා සමඟ විවිධ කතිකාවන් මත රටේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක සංගමයකි. අපගේ සංගමය සෑම වසරක් පාසාම ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබන “ශ්‍රමාභිමානී සම්මාන උළෙල” මෙවර “ශ්‍රමාභිමානී 2019” නමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී වර්ෂ 2019 අගෝස්තු මස 27 වැනි දින ප.ව. 3.00ට මැති ඇමැතිවරුන්, විද්වතුන් සහ පිළිගත් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ශ්‍රමාභිමානී 2019 ඇගැයීම් උළෙලේදී මෙවරද විවිධ ක්ෂේත්‍රවල යහපත් පුරවැසියන්, පුද්ගලයන් හා රාජ්‍ය අංශයේ කීර්තිමත් ව්‍යවසායකයන්, වෘත්තිකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, සමාජ සේවකයන් ඇතුළු රටේ ජීවනාලිය වූ ආර්ථිකය සවිමත් කිරීමට උරදෙන ව්‍යවසායකයන්ද දිරිමත් කිරීම සඳහා ඔවුන් අභිමානවත් අන්දමින් ඇගැයීමට ලක්කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබිණ.
මෙහිදී ලංකා බැංකුව බොරැල්ල ශාඛාවේ ප්‍රධාන කළමනාකාරිණිය වන එල්.ආර්.කේ.එම්. ජයසිංහ මැතිනිය ශ්‍රමඅභිමාණී සම්මානය ලබාගත් ආකාරය ඡායාරූපයේ දැක්වේ.