ශ්‍රී ලංකාවේ පිට්සා හට් වෙතින් ඔබ වෙත ගෙන එන Thin Crust පිට්සා අනර්ඝ ලෙස hand stretched කළ, රන්වන් Crus එ එකක් සමඟින් පදමට බේක් කර ඇත.
මාගරිටා, වෙජිටේරියානෝ, ග්‍රිල්ඞ් වෙජිටේරියානෝ, ට්‍රොපිකල් හවායන්, චිකන් බාබක්‍යු, ෆයරි චිකන්, පෙපරෝනි පැරඩීසෝ, තන්දුරි චිකන්, ඩෙවල්ඞ් බීෆ් ඩිවයිනෝ, මයිටි මීට්, සීෆුඞ් සුප්‍රීමෝ සහ චිකන් ටි්‍රයෝ යන රස රැසක් අතරින් තෝරාගෙන දැන් Thin Crust පිට්සා රසවිඳිය හැකිය.
“මෙවර ශ්‍රී ලාංකික පිට්සා රසික ඔබ වෙනුවෙන් අපි ඉදිරිපත් කරන Thin Crust පිට්සා රේන්ජ් එක, දේශීය ආහාර රටාවන්ගේ වර්තමාන ප්‍රවණතාවට ගැළපෙනම තේරීමක් බව කිව යුතුමයි. පළමුවෙන් hand-stretched කර, දෙවනුව ඉතාමත් රසවත් සුවිශේෂී ටොපිංග්ස් දමා, තෙවනුව පදමට බේක් කළ Thin Crust පිට්සා, අද සමාජයේ බොහෝ දෙනා අතර ප්‍රචලිත “eating light˜” සංකල්පයට සමීප නිපැයුමක් බව කියන්න කැමතියි” යැයි ගැමා පිට්සාක්‍රාෆ්ට් ලංකා පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යසා නඩරාජා මහතා ප්‍රකාශ කළේය.
“පිට්සා රසික කවුරුත් ප්‍රියකරන අපගේ පැබම එකට වඩාත් සුවිශේෂත්වයක් එක් කිරීමට Thin Crust පිට්සා සමත්වන බව අපගේ විශ්වාසයයි. උදාහරණයක් ලෙස අපි ප්‍රථම වතාවට ඉදිරිපත් කරන ග්‍රිල්ඞ් වෙජිටේරියානෝ සහ සීෆුඞ් සුප්‍රීමෝ වැනි ටොපිංග්ස් හඳුන්වන්න පුළුවන්. වෙජි නොවන ටොපිංග්ස්වලට කැමති අය වෙනුවෙන් චිකන්, බීෆ් පෙපරෝන සහ සීෆුඞ් සමඟින් රසවත් වූ ටොපිංග්ස් ද වෙජිටේරියන් අය සඳහාම නිපදවූ ටොපිංග්ස් කිහිපයක්ද මෙම Thin Crust පිට්සා රේන්ජ් එකට ඇතුළත් වෙනවා. Thin Crust පිට්සා රේන්ජ් එක සමඟින් අපගේ පිට්සා පාරිභෝගිකයන්ට රසවත් අත්දැකීමක් ලබාගත හැකියි” යනුවෙන් ගැමා පිට්සාක්‍රාෆ්ට් ලංකා (පෞද්ගලික) ආයතනයෙහි අලෙවි අධ්‍යක්‍ෂිකා ශාර්මිලා අරසරත්නම් මහත්මිය ප්‍රකාශ කළාය.
නවතම Thin Crust පිට්සා දැන් සාමාන්‍ය සහ ලොකු ප්‍රමාණවලින් රුපියල් 650 සිට ලබාගත හැක. පාරිභෝගික ඔබට පිට්සා හට් අවන්හලක් වෙත පැමිණීමෙන් දැන් ඩිලිවරි සඳහා 0112 729 729 ඇමතීමෙන් හෝ www.pizzahut.lk වෙත පිවිසීමෙන් ඕඩර් කළ හැක.