• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කේන්දරේ පාළු වුණොත් මොකද වෙන්නෙ?

July 12, 2021
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
කේන්දරේ පාළු වුණොත් මොකද වෙන්නෙ?
Share on WhatsAppShare on Facebook

ජන්ම පත්‍රයක විෂ්ණු ස්ථාන ලෙස හඳුන්වන ප්‍රධාන ස්ථාන සතරකි. ලක්ෂණය, හතරවැන්න, හත්වැන්න හා දහවැන්න එම ස්ථාන සතරයි. මෙකී ස්ථාන සතර කේන්දරය ලෙස හැඳින්වේ. මෙහිදී ලක්ෂණයෙන් පෞරුෂය, ගතිගුණ, ශරීර ස්වභාවය ආදී කොට ඇති මුළු මහත් ජීවිතයද, 4 වැන්න හෙවත් සුඛ ස්ථානයෙන් ගේදොර, ඉඩකඩම්, යාන වාහන, ගෘහ ජීවිතය හා මව පිළිබඳවද, 7 වැන්න හෙවත් කලත්‍ර ස්ථානයෙන් කලත්‍රයා හා විවාහය සම්බන්ධවද, 10 වැන්න හෙවත් කර්ම ස්ථානයෙන් රැකී රක්ෂා, තනතුරු, නිලතල ආදිය පිළිබඳවද විස්තර වේ. සාර්ථක පුද්ගලයකුගේ ජීවිතයේ උක්ත කරුණු සියල්ල බොහෝ විට ඉතා සාර්ථකය.

කෙසේ වෙතත් සතර කේන්දරයේම කිසිදු ග්‍රහයකු නොමැති වීම එදා මෙන්ම අදත් සමාජයේ බොහෝ දෙනා බියට පත්වන පිහිටීමකි. එවැනි කේන්දර පිහිටීමකින් ජනිත වන්නකු ඉතා අවාසනාවන්ත බවත්, අන්ත දුගී වී අසරණව සිඟමනට වැටෙන බවත්, උන්හිටි තැන් පවා අහිමි වන බවත්, විවාහයක්, රැකියාවක් නොලබන බවත් බහුතර මතයයි. එහෙත් එය එලෙසම පිළිගැනීම අනුවණකමකි. හතර කේන්දරය පාළුව පුස්සක් වූ අවස්ථා බොහොමයක් මා හට හමුවී ඇත. එනමුත් අතීතයේ නම් බොහෝ විට හතර කේන්දරයම පාළු වූ කේන්දර හිමියන් බුද්ධ ශාසනයට පූජා කිරීම සිරිතක්ව පැවැතිණි. එලෙස සසුනට දරුවකු පූජා කිරීමේ උදාර පින්කමට මවුපියන් පෙලඹුණේ බුද්ධ පුත්‍රයකු වීම තුළින් අතිවිශාල පිනක් සිදු කරගත හැකි බැවිනි. එලෙස සසුන්ගත වූ භික්ෂුන්වහන්සේලා ඉතා උගත් කීර්තිමත් ධර්මධර් විනයධර භික්ෂුන් බවට පත්වූ අවස්ථාද එමටය.

තවද මෙලෙස හතර කේන්දරයම පාළු වූ කේන්දර හිමියන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමාජයේ ඉතා ඉහළ නිලතල දරන අයුරුද මා දැක ඇත. ඒ අතර කීර්තිමත් වෘත්තිකයන් ලෙස අතිදක්ෂ විශේෂඥ වෛද්‍යවරුන්, දක්ෂ ඉන්ජිනේරුවන්, බුද්ධිමතුන් මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයන්ද නැතුවා නොවේ. කරුණු කාරණා එසේ නම් එලෙස සිදුවූයේ කෙසේද? බොහෝ දෙනෙකු අදටත් නොදන්නවා වුවද හතර කේන්දරය පාළුව ප්‍රබල දෝෂයක් වුවද එය භංග වේ. එලෙස තමාගේ ජන්ම පත්‍රය තුළින්ම හතර කේන්දරය පාළුවීමේ දෝෂය භංග වන පිහිටීම් ගණනාවක් ජ්‍යොතිෂ පොතපතෙහි සඳහන්ය. එනිසා බැලූ බැල්මට හතර කේන්දරයේම එකම ග්‍රහයකුවත් නොමැති බව දුටු සැණින් හතර කේන්දරය පාළුය, අශුභය යනුවෙන් නොපවසා කළ යුත්තේ හතර කේන්දරයේ පාළුව භංග වේදැයි සොයා බැලීමයි. හතර කේන්දරයේ පාළු දෝෂය භංග වන පිහිටීම් මෙසේය.

  1. සඳුගෙන් කේන්දරගතව හෙවත් සඳුගෙන් 1,4,7,10 යන ස්ථානවල ග්‍රහයන් සිටීම.
  2. සඳුගෙන් ත්‍රිකෝණගතව හෙවත් සඳුගෙන් 5,9 ආදී ස්ථානවල ග්‍රහයන් සිටීම.
  3. ලග්නාධිපති නවාංශක කේන්දරයේ කේන්දර ස්ථාන සතරින් එකක වීම.
  4. ලග්න කේන්දරයේ 4 වැන්නාධිපති නවාංශක කේන්දරයේ 5,9 ආදී ත්‍රිකෝණ දෘෂ්ටිය ලැබීම.
  5. ලග්නයට ගුරුගේ දෘෂ්ටිය ලැබීම.
  6. චන්ද්‍රයා සමග ග්‍රහයකු සිටීම.
  7. චන්ද්‍රාධියෝගය හෙවත් චන්ද්‍රයාගෙන් 6,7,8 යන ස්ථානවල පිළිවෙළින් බුධ, ගුරු, සිකුරු යන ශුභයන් සිටීම.
    ඉහත සඳහන් පිහිටීම් එකකින් හෝ හතර කේන්දරය පාළු දෝෂ භංග වේ නම් කිසිසේත්ම හතර කේන්දරය පාළු දෝෂයට අනියත බියක් ඇති කරගත යුතු නැත.

ජ්‍යොතිෂවේදී, දේශබන්දු ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද පානදුර

SendShareShare
Previous Post

AIA ඉන්ෂුවරන්ස් සුප්‍රීම් කාණ්ඩයේ ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයක් මොරටුවේදී විවෘත කරයි

Next Post

පුංචි වඩේ කරත්තය හෝටලයක් කරපු දිරිය යුවතිය

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.