AIA ඉන්ෂුවරන්ස්, සිය ප්‍රථම සුප්‍රීම් කාණ්ඩයේ ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලය නොබෝදා මොරටුවේදී විවෘත කරන ලදී. සහකාර සාමාන්‍යාධිකාරී විනොල් ප්‍රියසේනරත් මහතාගේ නායකත්වය යටතේ ඇති මෙම ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලය, ඉමහත් උනන්දුවෙන් මෙන්ම ක්‍රියාශීලීව කටයුතු කරන්නා වූ ඉතා විශිෂ්ට කාර්යසාධනයක් ඇති ජයග්‍රාහී වෙල්ත් ප්ලෑනර් සහ වෙල්ත් ප්ලෑනර් කළමනාකරුවන් කණ්ඩායමකින් සැදුම්ලත් කාර්යාලයක් වන අතර ඔවුන් රක්ෂණ අලෙවිය අති සාර්ථක මෙන්ම වඩාත් ඉහළ තලයක් කරා රැගෙන යාමට සමත් වී ඇත.
ජයග්‍රහණ සහ සම්මාන රැසකට හිමිකම් කියන මෙම කණ්ඩායමෙහි ක්‍රියාකාරී දර්ශනය වී ඇත්තේ, ධනාත්මක චින්තනය, තීව්‍ර පුහුණුව සහ නවීනතම සහ උසස්ම තාක්ෂණය භාවිතයයි. සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන ලද මෙම නවීණ සංවර්ධන කාර්යාලයේ ඇතුළත වාතාවරණය ඉතාම දර්ශනීය මෙන්ම සිත්ගන්නාසුලු ආකාරයෙන් නිමවා ඇත්තේ එහි රැකියාවේ යෙදෙන කණ්ඩායම් වෙත සිය කාර්යයන් වඩාත් සතුටෙන් මෙන්ම තෘප්තිමත් ලෙස ඉටුකිරීමට අවස්ථාව ලබා දීමටයි.
මෙම කණ්ඩායමේ දැනට විශාල පිරිසක් රැකියාවේ යෙදී සිටියි.











