• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ජීවමාන බුදුරුව දුටු ලංකාවේ හාමුදුරුවෝ

October 3, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

සුවඳ මලින් බුදුන් පුදන බැතිමතුන් උන්වහන්සේ දේශනා කළ සුවාසුදහසක් ධර්මය සිහිපත් කර සිත්සතන් නිවා සනසා ගන්නවා. පිළිම වහන්සේ අබියස දෑස් දල්වා බලා සිටිමින් ඒ ශාන්තමය පෙනුමෙන් සැනසී කප්පරක් සෝ සුසුම් අමතක කර දමනවා. මේ විදියට සුවඳ මල්, සුවඳ දුම් පුදමින් සෑම කෙනෙක්ම කවදා හෝ බුදුන් දැක නිවන් දකින්නට ප්‍රාර්ථනා ගොනු කරනවා. ඒ අතර බොහෝ පිරිසක් බුදුන් වහන්සේ ගැන විවිධාකාර වූ කරුණු කාරණා සොයා යන්නේද උන්වහන්සේට ඇති ගෞරවයත්, භක්තියත් නිසාමයි. එහෙම සොයන කාරණා අතර, පසුගිය කාලයේ ඉදිරියෙන්ම තිබුණු කාරණා කිහිපයකුත් තිබෙනවා. ඒ අතර බුදුන් වහන්සේගේ උපත සිදුවූයේ කිනම් වර්ෂයකද, දිනය කවදාද යන්නත්, උන්වහන්සේගේ ජීවමාන ස්වරූපය කෙබඳුද යන්න බොහෝ පිරිසක් කුතුහලයෙන් සහ උනන්දුවෙන් පසුවුණා.

මේ හේතු කාරණා නිසාම පුරාවිද්‍යාඥයන් ඉතිහාසය අධීක්‍ෂණය කරමින්, කරුණු කාරණා සොයන්නට පටන් ගන්නවා. ඒ අනුව ඔවුන් හරි අපූරු තොරතුරු රැසක් අනාවරණ කරගන්නවා.
මේ අනුව ක්‍රි.පූ.563ත් – 427ත් අතර කාලය තුළ ලුම්බිණි සල් උයනේදී සිදුහත් කුමරුන් උපන් බවට සනාථ කරගන්නා පුරා විද්‍යාඥයන් උන්වහන්සේ ඉපදුණු දිනය මැයි මස 22 හෝ 27 දින විය හැකි බවටත් අනාවරණ කර ගන්නේ බොහෝ දෙනකු තුළ තිබුණු ප්‍රශ්න රැසකට විසඳුම් සපයමිනි.
එදා ලුම්බිණි සල් උයනේදී මහාමායා දේවිය විලකින් ස්නානය කළ බව පැවසෙන අතර, ස්නානයෙන් පසු පියවර හතක් ගිය තැන. ඇය සල් ගසක අත්තක් අල්ලාගෙන දරු ප්‍රසූතිය සිදු කළ බවත් පැවසෙනවා. මේ කරුණ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කළ පුරා විද්‍යාඥයන් අදාළ විල සොයාගන්නා අතර ඒ වටා පියවර හතක් දුරින් කවයක් ලකුණු කර කැණීම් සිදු කරන්නට කටයුතු කරනවා. සිදුහත් උපත පිළිබඳ ප්‍රබලම සාක්‍ෂිය හමුවන්නේ එයින් පසුවය. ඒ එම ස්ථානයේ අඩි පහළොවක් යට තිබී හමුවන ඵලකයකි. සිදුහත් කුමරු මෙහිදී උපන්නා යැයි සටහනක් එම ඵලකයේ තිබූ බවයි පැවසෙන්නේ, එසේම එය අශෝක අධිරාජයා කරවූ ඵලකයක් බවත් සොයාගෙන තිබෙනවා. මේ සුවිශේෂී ඵලකය හමුවීමෙන් පසුව පුරාවිද්‍යාඥයන් පවසන අන්දමට වසර 2500කට පෙර පොළොව මට්ටම අඩි පහළොවක් පහළින් තිබෙන්නට ඇති බවට අනුමාන කරනවා.

මීළඟට බොහෝ පිරිසකට පැනනැඟුණු ප්‍රශ්නය වූයේ බුදුන් වහන්සේගේ සැබෑ ස්වරූපය කෙසේද යන්නයි. ඒ පිළිබඳ හරි අපූරු කතාවක් මේ වන විට ප්‍රචලිතව තිබෙනවා. උන්වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන සමයේ බණ ඇසීම සඳහා නිතර එහි ගිය අඹු – සැමි යුවළක් සමඟ ඔවුන්ගේ කුඩා දියණියන් එහි ගොස් තිබෙනවා. නිතර නිතර ජේතවනාරාමයට ගොස් බුදුන් වහන්සේගේ රූපකාය මනසේ සටහන් කරගෙන සිටි මේ දැරිය වැඩිවියට පත්ව විවාහ දිවියට එළැඹ තිබෙනවා. ඉන්පසු ඇය පුතුන් දෙදෙනකු ලබා ඇති අතර, එම දරු දෙදෙනා චිත්‍ර ශිල්පයේ දක්‍ෂයන් වූ බවයි පැවසෙන්නේ. මහලු දිවියට පා තැබූ කාන්තාවට සිය තරුණ පුතුන් දෙදෙනා ලවා බුදුන් වහන්සේගේ රුව චිත්‍රණය කරන්නට සිතක් පහළ වී ඇත. ඒ අනුව දිනක් දරු දෙදෙනා සමඟ බුද්ධගයාවට යන මේ කාන්තාව සිය මතකය ආවදි කරමින් පුතුන් දෙදෙනා ලවා බුදුන් වහන්සේගේ රූපය ඵලකයක පින්තාරු කරවා ඇත.

මේ කාලය වන විට කිසිදු තැනක බුදුන්ගේ රුව චිත්‍රණය කර තිබූ බවට තොරතුරු හෙළිව නැති අතර, මේ කාන්තාව කරවූ චිත්‍රය ප්‍රථම බුද්ධ රූපය බවට සිතිය හැකිය. මෙම සිදුවීම ක්‍රි.පූ. 450 හෝ ක්‍රි.පූ. 350දී සිදුවූවක් බවටයි සැලකෙන්නේ.

බුදුන් වහන්සේ ජීවමානව සිටි කාලයේදී උන්වහන්සේගේ රුව ප්‍රතිමාවට නැඟූ අවස්ථා දෙකක් පිළිබඳවත් සඳහන් කරන්න පුළුවන්. ඉන් පළමු වැනි අවස්ථාව වන්නේ, බුදුන් වහන්සේ දෙව්ලොවට වැඩම කරන්නට සූදානම් වූ අවස්ථාවක ශ්‍රාවකයන් වහන්සේ දැඩි ලෙස ශෝකයට පත්ව තිබෙනවා. ඒ දින ගණනාවක් බුදුන් වහන්සේගෙන් දුරස්ව සිටීමට සිදුවීම ගැන. එහිදී උන්වහන්සේ දින ගණනාවකට තමන් වහන්සේට වන්දනාමාන කරන්නට කෙනකු නොමැති වීම ගැන ප්‍රශ්න කරද්දී ඊට මැදිහත් වූ දෙවිවරු සඳුන් ලීයෙන් කළ බුද්ධ ප්‍රතිමාවක් මැවූ බව තමයි කියවෙන්නේ.

ඉන් පසුව එම සඳුන් ප්‍රතිමාව අනුව ප්‍රතිමා නිර්මාණය කිරීමට එදවස සිටි පිරිස් පුරුදු, පුහුණු වී තිබෙනවා. එසේම එකල සිටි දක්‍ෂ රුක් වඩුවන් සඳුන් ලීයෙන් කළ බුද්ධ ප්‍රතිමා අලෙවි කළ බවටද පැවසෙනවා. ඒ අනුව චීනයෙන් එහි ගිය අයකු රැගෙන ආ ප්‍රතිමාවක් මීට වසර ගණනකට පෙර චීනයේ තිබී හමුවී ඇති අතර, එය තාල නිර්ණ පරීක්‍ෂාවට අනුව වසර 2500ට වඩා දිගු ඉතිහාසයක් ඇති එකක් බවට සනාථ කරගත් බවයි පැවසෙන්නෙ.
මේ සියලු කාරණා අතර, ආන්දෝලනාත්මක කාරණාව හෙළිකරන්නේ මෙරට කෑගල්ල ප්‍රදේශයේ වනවාසීව වාසය කරන ස්වාමින් වහන්සේ නමකි. උන්වහන්සේ කුඩා කාලයේ සිය අත්දැකීම හෙළිකර ඇත්තේ මේ ආකාරයෙනි.

“මා කුඩා කල සිටම මහණ දිවියක් ගතකරන්නට දැඩි කැමැත්තකින් සිටියත් මට මහණ වෙන්න අවස්ථාව ලැබුණේ වයස අවුරුදු හැටේදී. දැන් මගේ වයස අවුරුදු හැත්තෑහතයි. මහණ වුණු දවසේ පටන්ම මට ඕනෑ වුණා බුදුරජාණන් වහන්සේගේ සැබෑ ස්වරූපය කොයි වගේද කියලා දකින්න. මහණ වූ දා පටන් හැමදවසකම මම නින්දට ගියේ ඒ ප්‍රාර්ථනාව හිතේ තියාගෙන. ඉතින් මං මහණවෙලා අවුරුදු 16කට පස්සේ නින්දෙදි මා දකිනවා දිව්‍ය පුත්‍රයෙක් මට කතා කරනවා. මං හිතන්නේ සමන් දෙවියන් වෙන්න ඕනෑ. උන්වහන්සේ මට ගමක නමක් කියනවා. එයින් මට තේරුම් ගියා මේ කියන්නේ බුදුන් වහන්සේගේ සැබෑ ස්වරූපය සහිත ප්‍රතිමාවක් තියෙන ගමක නමක් තමයි කියලා. පසුදිනම මං ඒ ගම හොයාගෙන ගියා. ඒ ගියාම මට පැහැදිලි වුණා එහි තිබෙන ප්‍රතිමාව සැබෑ බුදුන් වහන්සේගේ රූපයට සමාන ප්‍රතිමාවක් කියලා. ඉන්පසු මම එහි ඡායාරූප කිහිපයක් රැගෙන ඇවිත් පරිගණකයක ආධාරයෙන් විවිධ වර්ණ යොදමින් සොයා බැලීමක් කළා. ඒ අනුව මට පැහැදිලි වුණා මෙය තමයි බුදුන් වහන්සේගේ සැබෑ ස්වරූපයට සමාන රූපය කියලා. ඉතින් තව ටික කලකින් උන්වහන්සේගේ ජීවමාන ස්වභාවය සොයාගන්න මට හැකිවේවි කියලා මම විශ්වාස කරනවා.”
…………………………….

උන්වහන්සේගේ උත්සාහය කොතරම් දුරට සාර්ථක වේද, අසාර්ථක වේද යන්න අපට පැවසීමට නොහැකි මුත් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ මේ කරුණු කාරණා වේගයෙන් ප්‍රචාරය වන බව දක්නට තිබෙනවා. අනාගතයේදී මේ ගැන තවත් තොරතුරු හෙළිවනු ඇතැයි බොහෝ දෙනකු කුතුහලයෙන් යුතුව බලා සිටිනවා නොඅනුමානය.

චමිලා ප්‍රියදර්ශනී

SendShareShare
Previous Post

සාලිය කුමාරයා කන්ද මැද එල්ලපු වන්දනීය පුදබිම

Next Post

අනුරගෙන් මහේෂ්ට ‌කෝල් එකක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.