කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් ලිමිටඞ් සමාගම අතර තිබෙන ඒකාබද්ධතාව යළිත් අලූත් කිරීම හේතුවෙන් කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන සහ ඒ වෙනුවෙන් උනන්දුවක් දක්වන කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට ‘ඇග‍්‍රි ලීසිං’ පහසුකම තුළින් නැවත වරක් කෘෂිකාර්මික යන්ත‍්‍ර සහ ට‍්‍රැක්ටර් මාලාවක් සාධාරණ වාරික මුදලක් ගෙවමින් නම්‍යශීලී ගෙවීම් සැලසුම් යටතේ මිලදීගැනීමේ අවස්ථාව ලබාදී තිබේ.
ගොවීන්ට ඉතාමත් ආකර්ෂණීය වට්ටම් ලබාදෙමින් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ යන්ත‍්‍ර සූත‍්‍ර සහ ට‍්‍රැක්ටර් අලෙවි කර වගා කටයුතුවල කාර්යක්ෂමතාව ඇතිකිරීම සඳහා මෙම ප‍්‍රවර්ධන වැඩසටහන නිර්මාණය කර ඇත. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ හේලීස් ඇග‍්‍රිකල්චර් වෙතින් කුබෝටා, ඇග්‍රෝටෙක් සහ ෆාර්ම්ට‍්‍රැක් කෘෂිකාර්මික උපකරණ මිලදීගැනීමට අවස්ථාව හිමි වේ. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන 2021 වසර අවසන් වන තුරු බලපැවැත්වෙන අතර නම්‍යශීලී ලීසිං පැකේජ, කන්නයට අනුව ගෙවීමේ සැලසුම්, විශේෂ වාරික මුදල් සහ අනිකුත් ප‍්‍රතිලාභ මෙමගින් හිමිවන බව බැංකුව සඳහන් කරයි.
මෙහිදී, ගොවීන්ට කන්නයෙන් කන්නයට ලැබෙන ආදායම් ප‍්‍රමාණය සහ වගාකරන මාස වැනි සාධක සැලකිල්ලට ගනිමින් මෙම නම්‍යශීලී ගෙවීම් සැලසුම් සකස් කර තිබීම කැපීපෙනෙන බව බැංකුව සඳහන් කරයි. මේ නිසා, ගනුදෙනුකරුවන්ට තමන්ගේ ලීසිං පහසුකම මනාව සැලසුම් කරගැනීමේ හැකියාව ලැබේ.










