• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලංකා ඉතිහාසය වෙනස් කරපු තැන් තුනක්

June 29, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
ලංකා ඉතිහාසය වෙනස් කරපු තැන් තුනක්
Share on WhatsAppShare on Facebook

ආණ්ඩු බර රටට බරක් වීමේ මුල් පියවර

1923 දෙසැම්බර් මස 19 දින පස්වැනි ජෝර්ජ් රජු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය ගෙන මෙරටට අභිනව මන්ත‍්‍රණ සභා ව්‍යවස්ථාව එව්වේය. ඒ මන්ත‍්‍රණ සභා ව්‍යවස්ථාව පරිදි 1924 ඔක්තෝබර් මස 15 දින ආරම්භ කරන ලද අභිනව මන්ත‍්‍රණ සභාවේ මන්ත‍්‍රීවරුන් 46ක් විය. ඉන් 34 දෙනකුම නිල නොලත් මන්ත‍්‍රීවරුන් වූහ. ඉතිරි දොළොස් දෙනා නිල ලත් මන්ත‍්‍රීවරු වූ අතර මහජනයාගේ ඡුන්දයෙන් තෝරනු ලැබූ නිල නොලත් මන්ත‍්‍රීවරුන් 34 දෙනාගෙන් 23 දෙනකුම පළාත්බද මන්ත‍්‍රීවරුන්ය. එයින් 5ක් බස්නාහිරය. 5ක් උතුරු පළාතේය. 3ක් දකුණු පළාතෙන්ද, 3ක් නැගෙනහිර, මධ්‍යම, සබරගමු, වයඹ පළාත් ස`දහා දෙදෙනා බැගින්ද, ඌව, උතුරුමැද පළාත්වලට එක් මන්ත‍්‍රීවරයා බැගින්ද පත්කරනු ලැබූහ. අනෙක් 11 දෙනා සෙසු ජනයා වෙනුවෙන් පත්කර තිබේ.

අයුතු යුද නීති වෙනස් කල ඇන්ඩර්සන්තුමා

වාමර්ස්තුමාගෙන් පසු සර් ජෝන් ඇන්ඩර්සන්තුමා 1916 අපේ‍්‍රල් මාසයේදී ලංකා ආණ්ඩුකාර ධුරයට පත්ව ආවේය. සිංහල මුස්ලිම් කෝලාහලයෙන් පසු ලංකාවේ වැසියන් තුළ සැගව තිබූ පසුතැවීම කනගාටුව දුරුකිරීමට ඇන්ඩර්සන්තුමා ඉමහත් කාර්යභාරයක් කළේය. මේ කෝලාහලය හේතුවෙන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් වි`දිමින් සිටි බොහෝ පිරිසකට ඇන්ඩර්සන් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් නිදහස ලැබිණි. මුස්ලිම් ජනයාට ගෙවීම පිණිස සමහරුන්ගෙන් අයකර තිබූ විශාල දඩ මුදල්වලින් කොටසක්ද මෙතුමා ආපසු ගෙවන ලදී, යුද්ධ නීතිය අයුතු අන්දමින් ක‍්‍රියාවෙහි යොදවා සිංහලයන් බොහෝ දෙනකු වරදට පත්කළ යුරෝපීය වතුකාරයන් විශාල පිරිසකට තිබූ සාමදාන විනිශ්චයකාර පදවි හා නිල නොලත් පොලිස්, නඩුකාර පදවිද මේ ආණ්ඩුකාරතුමාගේ මැදිත්වීමෙන් අහෝසි කර දැමීය.

සියල්ල වෙනස් කල 1915 කෝලාහලය

1915 මැයි මාසයේදී ලංකාවේ භයානක කෝලාහලයක් ආරම්භ විය. සිංහල යෝනක කෝලාහලය නම් වූ එය ආරම්භ වූයේ මහනුවරිනි. වෙසක් පොහෝ දින මහනුවර වීදි සංචාරයේ යෙදුණු කැරොල් කණ්ඩායමකට කාසල් හිල් වීදියේ පල්ලියක රැුස්ව සිටි මුස්ලිම් පිරිසක් විසින් සරදම් කිරීම හේතුවෙන් මහනුවර බෞද්ධයන් හා මුස්ලිම් පිරිස් අතර ගැටුමක් හටගැනිණි. එයින් මතු ගම්පොළදී බෞද්ධ පෙරහැරකට මුස්ලිම් පල්ලියක් පසුකොට යන විට තූර්ය භාණ්ඩ නවත්වා නිශ්ශබ්දව යා යුතු බවට රජයෙන් නියෝග කරන ලදී, එයට පෙර කිසිදු බාධාවකින් තොරව පෙරහැර පවත්වන්නට පුරුදුව සිටි බෞද්ධයෝ මෙය තමන්ට කරන ලද අවමානයක් සේ සැලකූහ. මෙය බි‍්‍රතාන්‍ය බලයේ ආරක්ෂාව සහිතව මුස්ලිම්වරුන් කළ දෙයක් සේ පැහැදිලි විය. එහෙයින් ඇරැුඹි කෝලාහලය රට පුරා පැතිර යෑම ඉතා කෙටි කලකදී සිදුවිය.

SendShareShare
Previous Post

පොසොන් පෝදා ජනපති මිහින්තලා පුදබිම වැඳ පුදා ගනී!

Next Post

කොමර්ල් බැංකුව සහ හේලීස් ඇග‍්‍රිකල්චර් ඒකාබද්ධව තවත් ලීසිං ප‍්‍රවර්ධන වැඩසටහනක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.