ආණ්ඩු බර රටට බරක් වීමේ මුල් පියවර

1923 දෙසැම්බර් මස 19 දින පස්වැනි ජෝර්ජ් රජු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය ගෙන මෙරටට අභිනව මන්ත‍්‍රණ සභා ව්‍යවස්ථාව එව්වේය. ඒ මන්ත‍්‍රණ සභා ව්‍යවස්ථාව පරිදි 1924 ඔක්තෝබර් මස 15 දින ආරම්භ කරන ලද අභිනව මන්ත‍්‍රණ සභාවේ මන්ත‍්‍රීවරුන් 46ක් විය. ඉන් 34 දෙනකුම නිල නොලත් මන්ත‍්‍රීවරුන් වූහ. ඉතිරි දොළොස් දෙනා නිල ලත් මන්ත‍්‍රීවරු වූ අතර මහජනයාගේ ඡුන්දයෙන් තෝරනු ලැබූ නිල නොලත් මන්ත‍්‍රීවරුන් 34 දෙනාගෙන් 23 දෙනකුම පළාත්බද මන්ත‍්‍රීවරුන්ය. එයින් 5ක් බස්නාහිරය. 5ක් උතුරු පළාතේය. 3ක් දකුණු පළාතෙන්ද, 3ක් නැගෙනහිර, මධ්‍යම, සබරගමු, වයඹ පළාත් ස`දහා දෙදෙනා බැගින්ද, ඌව, උතුරුමැද පළාත්වලට එක් මන්ත‍්‍රීවරයා බැගින්ද පත්කරනු ලැබූහ. අනෙක් 11 දෙනා සෙසු ජනයා වෙනුවෙන් පත්කර තිබේ.
අයුතු යුද නීති වෙනස් කල ඇන්ඩර්සන්තුමා

වාමර්ස්තුමාගෙන් පසු සර් ජෝන් ඇන්ඩර්සන්තුමා 1916 අපේ‍්‍රල් මාසයේදී ලංකා ආණ්ඩුකාර ධුරයට පත්ව ආවේය. සිංහල මුස්ලිම් කෝලාහලයෙන් පසු ලංකාවේ වැසියන් තුළ සැගව තිබූ පසුතැවීම කනගාටුව දුරුකිරීමට ඇන්ඩර්සන්තුමා ඉමහත් කාර්යභාරයක් කළේය. මේ කෝලාහලය හේතුවෙන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් වි`දිමින් සිටි බොහෝ පිරිසකට ඇන්ඩර්සන් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් නිදහස ලැබිණි. මුස්ලිම් ජනයාට ගෙවීම පිණිස සමහරුන්ගෙන් අයකර තිබූ විශාල දඩ මුදල්වලින් කොටසක්ද මෙතුමා ආපසු ගෙවන ලදී, යුද්ධ නීතිය අයුතු අන්දමින් ක‍්‍රියාවෙහි යොදවා සිංහලයන් බොහෝ දෙනකු වරදට පත්කළ යුරෝපීය වතුකාරයන් විශාල පිරිසකට තිබූ සාමදාන විනිශ්චයකාර පදවි හා නිල නොලත් පොලිස්, නඩුකාර පදවිද මේ ආණ්ඩුකාරතුමාගේ මැදිත්වීමෙන් අහෝසි කර දැමීය.
සියල්ල වෙනස් කල 1915 කෝලාහලය

1915 මැයි මාසයේදී ලංකාවේ භයානක කෝලාහලයක් ආරම්භ විය. සිංහල යෝනක කෝලාහලය නම් වූ එය ආරම්භ වූයේ මහනුවරිනි. වෙසක් පොහෝ දින මහනුවර වීදි සංචාරයේ යෙදුණු කැරොල් කණ්ඩායමකට කාසල් හිල් වීදියේ පල්ලියක රැුස්ව සිටි මුස්ලිම් පිරිසක් විසින් සරදම් කිරීම හේතුවෙන් මහනුවර බෞද්ධයන් හා මුස්ලිම් පිරිස් අතර ගැටුමක් හටගැනිණි. එයින් මතු ගම්පොළදී බෞද්ධ පෙරහැරකට මුස්ලිම් පල්ලියක් පසුකොට යන විට තූර්ය භාණ්ඩ නවත්වා නිශ්ශබ්දව යා යුතු බවට රජයෙන් නියෝග කරන ලදී, එයට පෙර කිසිදු බාධාවකින් තොරව පෙරහැර පවත්වන්නට පුරුදුව සිටි බෞද්ධයෝ මෙය තමන්ට කරන ලද අවමානයක් සේ සැලකූහ. මෙය බි‍්‍රතාන්‍ය බලයේ ආරක්ෂාව සහිතව මුස්ලිම්වරුන් කළ දෙයක් සේ පැහැදිලි විය. එහෙයින් ඇරැුඹි කෝලාහලය රට පුරා පැතිර යෑම ඉතා කෙටි කලකදී සිදුවිය.











