• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අලුත් ගෙට පරණ ලී ගත්තොත් ඊළඟට වෙනදේ

May 18, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
අලුත් ගෙට පරණ ලී ගත්තොත් ඊළඟට වෙනදේ
Share on WhatsAppShare on Facebook

මෙලොව උපදින සෑම පුද්ගලයකුටම අදාළ වන ග්‍රහ තත්ත්වයක් ඇති බව රහසක් නොවේ. එය සියලු දෙනාම දන්නා කරුණකි. එහෙයින් ඒ ඒ අයට තමන්ගේ ග්‍රහ තත්ත්වය බලපාන විදියක් රටාවක් තිබෙනවා. මෙයට සමානවම ඕනෑම පුද්ගලයකුගේ ජීවිතයට බලපාන තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි ඔහු හෝ ඇය ජීවත්වන නිවෙස. එකිනෙකා ජීවත්වන නිවාසයන් ඔවුන්ගේ ජීවිතවල විශේෂ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වෙනවා. එනිසා කෙනකු අලුතින් නිවෙසක් හදනවාය කියන්නේ ඉතාමත් ඉහළ අවධානයකින් කළයුතු දෙයක්.

අද වෙද්දි මේ තත්ත්වයට ප්‍රබලව බලපෑම් කරන කාරණයක් බවට පත්ව ඇති දෙයක් තමයි පරණ උළුවහු ජනෙල් සහ ගෘහ භාණ්ඩ අලුත් නිවාස සඳහා යොදාගැනීම. ඇතැම් පිරිස් මෙය විලාසිතාවක් කරගෙන තිබෙනවා. තවත් පිරිසක් තමන්ට ලැබෙන ලාභය ගැන සිතා කරනවා. තවත් කොටසක් ලී දඬු සපයාගැනීමේ අපහසුතාව නිසා කරනවා වෙන්නත් පුළුවන්. ඒ අතරේ බහුතරයක් සිතනවා පැරැණි වලව් පැලැන්තියේ නිවාසවල තිබූ උළුවහු, ජනේල ආදිය යොදා නිවාස සෑදීමෙන් තමන්ටත් එවැනි තත්ත්වයක් හිමිවන බව.

මේ කුමන ආකාරයකට සිතුවද පැරැණි ලී හෝ උළුවහු, ජනේල ආදිය තෝරාගැනීම ඉහළ ගොස් ඇති ආකාරය වර්තමානය වෙද්දී තැන තැන ආරම්භ වන එවැනි දෑ විකිණීමේ ව්‍යාපාරවලින්ම පැහැදිලිව පෙනෙනවා. කොයි තරම් පහසු වුවත්, ලාභ වුවත්, පැරැණි උළුවහු, ජනේලවල නව නිවසකට අවශ්‍ය ජීව ගුණය තිබෙනවාද යන්න සිතා බැලිය යුතුමය. මන්ද ඕනෑම දෙයක ජීව ගුණය ඉහළට ගොස් ඊළඟට සිදුවන්නේ පහළට අඩුවීගෙන යෑමකි. එසේ ජීව ගුණය අඩුවෙමින් යන ලී දඬු ඔබේ නව නිවෙසට දැමීමම අයහපත් බව තර්කයකින් තොරව පිළිගන්නට සිදුවේ.

ඔබ පැරැණි ලී සහිත උළුවහු, ජනේල යෙදීම තුළ ඔබට ලැබෙන ආර්ථික වාසියට වඩා ගුණාත්මක වශයෙන් සිදුවන පාඩුව ඉහළයි. එසේම ඔබ මිලදීගත් දැව තිබූ පැරැණි නිවෙස ප්‍රබල වාස්තු දෝෂ, අමනුෂ්‍ය දෝෂ ආදිය තිබූ නිවෙසක් නම් එම සියලු දෝෂයන්ගේ බලපෑම, අශුභ ශක්තිය දොර ජනෙල්, උළුවහු ආදියට ගැබ්ව තිබීමට ඉඩ තිබෙනවා.

පැරැණි දේ මිලට ගැනීමේදී ඔබට සිතන්නට හොඳම කාරණාවක් තිබෙනවා. යම් නිවෙසක් ගලවා ඉවත් කරන්නේම එහි අඩුපාඩුවක් ඇති නිසාමයි. එසේ නොවන්නට නැවත භාවිත කළ හැකි උළුවහු, දොර, ජනෙල් ඇති නිවෙසක් නිකරුණේ ගලවා ඉවත් කිරීමක් සිදුවන්නේ නැහැ. ඇතැම් විට අදාළ නිවෙසේ යම් කෙනකු සියදිවි නසාගෙන හෝ ඝාතනය වී ඇත්නම්, එම අසුබ ශක්තීන් ගැබ්ව තිබූ උළුවහු, දොර, ජනේල හරහා එම බලපෑම ඔබගේ නව නිවහනේ යහපත් ශක්තියට හානි කරනු ඇත.

මෙහිදී තවත් වරදක් ඔබ අතින් සිදුවෙයි. එනම් වහල සඳහා පැරැණි ලී දඬු යොදාගැනීමයි. මෙයද ඉතාමත් අහිතක ක්‍රියාවලියකි. මන්ද ඔබ නව නිවෙසකට පැරැණි ලී යොදා වහල සැකසීමෙන් ඇසට පෙනෙන ඇසට පෙනෙන අසුබතාවලට සමානවම ඇසට නොපෙනෙන අසුබතාවන්ද සිදුවෙයි.ඒ අනුව පැරැණි නිවෙසේ තිබූ ප්‍රබල අසුබතාවල කිරණ බහුලව වහලය හා ගැටෙන බැවින් එම අසුබ තත්ත්වයන් ලී දඬු හා ගැබ්ව තිබී ඒවා ඔබගේ නව නිවෙසේ සුබ ශක්තියට බලපානු ඇත. එමෙන්ම ගුණාත්මක බව පිරිහීමට පටන්ගෙන ඇති ලී දඬු ඉතා කෙටි කාලයකින් ශක්තිමත් බව ගිලිහී ගොස් වහලයේ ශක්තිය බිඳීයෑමෙන් විනාශ වනු ඇති. එමගින් ඔබට සිදුවන ආර්ථික පාඩුවද ඉහළ යයි. තවත් පැත්තකින් ඔබගේ යහපත් දිවි පැවැත්මටද එය බලපායි.

ඇතැම් පැරැණි දැව ඇසට නොපෙනෙන කෘමි උවදුරුවලට ලක්ව ඇති අතර ඒවායේ සිදුරු විශාල ප්‍රමාණයක් පවතී. එම සිදුරු තුළට අසුබ ශක්ති කිරණ ඇතුළුව පැවැතීමෙන් කාලයක් යද්දී ක්‍රමයෙන් විනාශ වීමට පටන් ගනී. මෙය ඔබගේ නව නිවෙසේ ආරක්ෂාවට අතිශය හානිකර වන අතර තවත් පැත්තකින් පැරැණි ගෘහයේ තිබූ ඇතැම් අයහපත් සිද්ධීන්ට එම දැව හුරුවී තිබීමට පුළුවන. එහෙයින් පසුකාලීනව එම තත්ත්වයන් ඔබගේ නව නිවෙස තුළ ඇතිකිරීමට එය හේතු වෙන්න පුළුවන්.

නිවෙසක වහල යනු විශ්ව ශක්තිය නිවැසියන් වෙත ළඟාකරන ප්‍රධාන මෙවලමකි. එය වහලයේ හැඩයෙන්ම හඳුනාගත හැකිය. ඇතැම් විට පැරැණි නිවාස තිබූ තැන අසුබ විශ්ව ශක්තිය ගැබ්වන තැනක් වූවා නම්, නිසැකවම එම අසුබ කිරණ ඔබගේ නව නිවෙසටත් බලපෑම් කරනු ඇත.

මේ හේතු නිසා ඔබ පැරැණි දොර, ජනෙල්, ලී දඬු ආදිය භාවිත කරන්නට සිතා සිටිනවා නම් ඒ ගැන දෙවරක් සිතා කටයුතු කිරීම ඉතා වැදගත් වේ. එසේම යම් ලෙසකට ඔබගේ නිවෙසේම කොටසක් කඩා වෙනසක් කරන අවස්ථාවකදී පැරැණි කොටසේ තිබූ දැව භාවිත කිරීම වරදක් නොවේ. මන්ද ඒවා ඔබ දන්නා පරිදි ඔබට ගැළපෙන ආකාරයට හැඩගැසූ කිරණ ශක්තීන් ගැබ්වූ ඒවා වන හෙයිනි. එහෙත් එලෙසවත් පැරැණි ලී දඬු භාවිත නොකරන්නේ නම් වඩාත් යහපත් වන බවද සිහිපත් කළ යුතුමය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී,
සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

කොරෝනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මියයයි!

Next Post

රුවන්වැලි මහා සෑ නිර්මාණයේ සැඟවුණු බලවේග

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.